IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


ඇස්ට්‍රාසෙනිකා ජපානයෙන් ගුවන් ගත කරයි

(ළහිරු හර්ෂණ)

ජපානයේ පරිත්‍යාගයක් ලෙස මෙරටට ලැබුණු ඇස්ට්‍රාසෙනිකා එන්නතේ මාත්‍රා තොගයක් අද(31) ශ්‍රී ලංකාවට පිටත්කර යැවූ බව ජපානයේ ශ්‍රී ලංකාව තානාපති කාර්යාලය නිවේදනය කරයි.

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් මෙම එන්නත් තොගය ශ්‍රී ලංකා වෙත එවා ඇති අතර මාත්‍රා ගුවන් ගත් කරන් අවස්ථාවට ජපානයේ ශ්‍රී ලංකා තානාපති ආර්. ගුණසේකර මහතා ද එක්ව සිටිටියේය.

මෙම එන්නත් ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබා ගෙන සිටින් පිරිස් සඳහා දෙවන මාත්‍රාව ලෙස ලබාදීමට නියමිතයි.



අදහස් (7)

ඇස්ට්‍රාසෙනිකා ජපානයෙන් ගුවන් ගත කරයි

Akila Saturday, 31 July 2021 09:16 AM

කල් ඉකුත් වෙලා නැහැ නේද?

:       621       26

jayasekaraSaturday, 31 July 2021 11:23 AM

ඉකුත් වෙලා... ඇයි අවුල්ද? සරු දේ සරු වශයෙන් නොදකින අධම ජාතියක්..

:       66       279

AkilaSaturday, 31 July 2021 03:52 PM

ඔයා වගේ ළිං ගෙම්බෝ නෙමෙයි හැමෝම, ඇස්ට්‍රාසෙනිකා එන්නතක ආයුකාලය මාස 6යි... බ්‍රිතාන්‍යයේ මෙලෙස අප්‍රිකාවට යවන එන්නත් තොගයක් යවලා දින කිහිපයකින් කල් ඉකුත් වෙන්න තිබෙන නිසා මේ දවස්වල ලොකු කතාවක් යනවා... ඒ ගැන...

:       211       121

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 31 July 2021 09:42 AM

ඇස්ට්‍රාසෙනිකා, ෆයිසර්, ස්පුට්නික් ආදිය පමණක් ගෙන, චීන එන්නත් නොගෙන කටයුතු කෙරුණේ නම්, වැඩි ප්‍රගතියක් උදාකර ගන්නට තිබුණා. චීනා සමග ඇති අමනාප කම් නිසා, ලෝකයේ ඇතැම් රටවලට ඇතුළු වීමට චීන එන්නත් විදපු අයට ඇතුළු වීමට ඉඩ නොදෙනවා යැයි මත පවතිනවා. ඒ වගේම, හැදියාවක් නැති, බල්ලන් පූසන්, නයි, ගැරඬින් ඇතුළු දේ කන චීනාව ලෝකය පිළිකුල් කරනවා. එය එසේ වුවත්, සයිනොෆාම් එන්නත විදගත් චීන ජාතිකයන් හොඳින් ඉන්නවා. රජයෙන් දෙන ඕනෑම එකක් විදගන්න තමයි අපට වෙලා තියෙන්නේ... හොඳ හෝ නරක හොඳහැටි ප්‍රදර්ශනය වෙන්නේ කාලයක් ගියාට පස්සෙයි. එදාට විදපු අය බලයේ නැතුවත් ඇති සමහරවිට...

:       3347       1035

බද්රානි Saturday, 31 July 2021 01:29 PM

ලෝකය පිළිගත් ගුණාත්මක බැවින් වැඩි එන්නත් ඒ රටවලින් පිනට දෙනකොට, ලෝකයේම පිළිගැනීමක් නැති ගුණාත්මක බවින් අඩු එන්නත් මුදලට ගැනීමට නේ අපි නිවැරදි තේරීම කියලා කියන්නේ. ඔය පිනට ලංකාවට එවන එන්නත් වලින් කොමිෂන් එක නොලැබීම නම් ටිකක් හරි මදියි වගේ දැනෙනවා ඇති අපේ පාලකයින්ට. ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව ලබා දීමට ඇතිවූ ප්‍රමාදය නිසා එම එන්නතෙන් ලබාදෙන නිසි ප්‍රතිශක්තිය ලැබෙනවා දැයි ප්‍රශ්නාර්ථයක් තිබෙනවා. නමුත් මිශ්‍ර ගැලපීම මත කරන එන්නත්කරණයට වඩා පළමු එන්නත ලබා ගැනීම වඩා යෝග්‍යයි.

:       707       44

Nandalal DE SILVA - France Saturday, 31 July 2021 01:42 PM

එන්නත් මාත්‍රා ලක්ෂ ගණනක් පිටුපසින් තිබෙන නිසාද මේ දෙදෙනා අත්වැසුම් හෝ මුඛ ආවරණ නොපැළඳ මේ කටයුත්තට සහභාගී වුනේ ?අපට ඒ ගැන කතා කරන්න ඕනත් නැහැනේ .මෙය සිදු වුනේ ජපානයේ නිසා !

:       429       9

JerrySaturday, 31 July 2021 05:56 PM

ඇත්ත තමයි..

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 668 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17762 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 745 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site