IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඇලහැර ගොවියෝ නිදහසේ නිදහස සමරති

ක.ග කරුණාරත්න
 
කිසිදු රාජ්‍ය අනුග්‍රහයක් නොමැතිව ගොවි ජනතාව විසින් සංවිධානය කරන ලද නිදහස් සමරු උළෙලක් අද(04) පස්වරුවේ ඇලහැර මහ ගොවි ජනපදයේ අත්තනකඩවල, දිග්ගල්පිටියේදී පැවැත්විණි.
 
පැරණි ගොවි ගෙදර, වී බිස්ස, ගොවි උපකරණ ඇතුළු මෙවලම්ද ගොවිජනපද ආරම්භක අවධියේ අදින් වසර හැත්තෑවකට පමණ තමන් මෙහි පැමිණෙන විට රැගෙන ආ උපකරණ ඇතුළු මෙවලම් ද මෙහිදී ප්‍රදර්ශනය කරනු ලැබීය.
 
අත්තනකඩවල, දිග්ගල්පිටිය, කහටගහපිටිය ශ්‍රී ජයබෝධි විහාරයේ විහාරාධිකාරී ශාස්ත්‍රවේදී පූජ්‍ය මඩුල්ලේ විපස්සී හිමියන්ගේ අනුශාසනා පරිදි දිග්ගල්පිටිය, කහටගහපිටිය ගොවි සංවිධාන ත්‍රිත්වය සහ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා පවුර මෙය සංවිධානයය කර තිබුනි.
 
ගොවි ගෙවිලියන් විසින් පවත්වන ලද ආචාර පෙළපාලියක් ද මේ නිදහස් සමරු උළෙල විචිත්‍රවත් වූ අතර එය පිළිගැනීම සඳහා ඇලහැර ප්‍රාදේශීය මහලේකම් එස්.එම්.කේ කුමාරිහාමි මහත්මිය මහවැලි ජී කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකරු හේමන්ත ජයසිංහ, ඇලහැර වාරිමාර්ග ඉංජිනේරු නාලක සමරසිංහ යන මහත්වරු ආරාධිත අමුත්තන් ලෙස සහභාගි වූහ.
පොලොන්නරුව දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ ආර්.පී උපාලි මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීහු රැසක් ද ප්‍රදේශවාසී ගොවි ජනතාව ප්‍රමුඛ මහජනයා විශාල පිරිසක් ද මේ අවස්ථාවට පැමිණ සිටියහ.  



අදහස් (1)

ඇලහැර ගොවියෝ නිදහසේ නිදහස සමරති

Kumar (Gulf) Monday, 04 February 2019 04:40 PM

මේ ගොවි මහත්ත්වරුන්ගේ සරොන් ටිකත් ඉන්දුනීසියාවෙන්, අනේ අපේ රටේ සංවර්ධනය.

:       14       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site