(ක.ග කරුණාරත්න)
ඇලහැර ගොවි ජනපද ව්‍යාපාරයේ කුඹුරුවලට යල කන්නයේ වී වගාව සඳහා මොරගහකන්ද ජලාශයෙන් ජලය නිකුත් කිරීම අද(16) උත්සවාකාරයෙන් සිදු කෙරිණි.
මොරගහකන්ද ජලාශයේ වෑකන්දේ පැවති මහා සංඝරත්නයේ ආගමික වතාවත් සහ දෙවියන් උදෙසා කිරි ඉතිරවීමේ මංගල්‍යයෙන් පසු මංගල දියවර නිකුත් කිරීමේ අවස්ථාවට ප්‍රදේශයේ ගොවි ජනතාව සමඟ ජනපති දියණිය චතුරිකා සිරිසේන මහත්මිය ද එක්ව සිටියාය.
පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් රංජිත් ආරියරත්න, මොරගහකන්ද මහවැලි කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකරු හේමන්ත ජයසිංහ, මොරගහකන්ද ව්‍යාපෘතියේ මහජන සම්බන්ධතා නිලධාරී පී.ජී දයානන්ද, මොරගහකන්ද ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ඩී.බී විජේරත්න, ඇලහැර වාරිමාර්ග ඉංජිනේරු නාලක සමරසිංහ, ඇලහැර ව්‍යාපාර ගොවි සංවිධානයේ සභාපති ගාමිණි ජයරත්න යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුළුවන් නම් ඕකෙත් තාවුල්ලේ හෝටලයක් හදලා මාසිකව වාර දෙක ගානේ වාන් දම්මවන්න
මේවට සහභාගී වෙලා දේශපාලනයට පිවිසෙන්න ජනපති දියණියගේ බලාපොරොත්තුවක් තියෙනවනම්, දැන්ම ඒ අදහස අත් ඇර ගන්න. තාත්තයි රනිල් මාමයි එකතු වෙලා ඒ සිහිනේ දැනටමත් බොඳ කරලා ඉවරයි.
කොහෙවත් නැති හාල් කෑලි.. මේවට මොකට සම්බන්ධ කරගත්තද මන්දා?
මේ අවට නෙක නෙක වර්ණයෙන් යුත් සුන්දර, සිත්කළු, මනෝඥ, දැකුම්කලු, කෝමල, මනස්කාන්ත, ප්‍රියශීලී, විසිතුරු, දර්ශනීය, "සිරි" සිරියෙන් පිරි "අරලිය"මල් පිපේවා!!!
එදා මුහුද ගොඩ ගලලා රට විනාශ වෙනකොට විහාරමහා දේවිය පාකරලා රජා රට බේරා ගත්තාසේ තල්ලු කරලා දමමුද? ඇළට....
එනකොට නම් කිව්වේ බොරු ශෝභනනේ කියලා. දැන් නම් පහුගිය ආණ්ඩුවට එහා වියදම කරන්නේ උත්සව වලට...
මේ ආණ්ඩුව කොච්චර හොඳ වැඩ කළත් මහජනයා අතරට යන්නේ වැරදි අවබෝධයක් බව මේ ප්‍රතිචාර වලින්ම පෙනෙනවා. ප්‍රධානීන් වටේ ඉන්නා කේවට්ටයින්ගේ බාල වැඩ තමා මේවාට ප්‍රධාන හේතුව වන්නේ...
මහජන සල්ලි. තාත්තගෙ බූදලේ වගේ වැඩ..!!! මේ පව් කොහොම ගෙවයිද?..
යකෝ එකම ව්‍යාපෘතිය කී පාරක් නම් දැන් විවෘත කළාද? තාම ඉවර නැද්ද? මේක පවුලේ ව්‍යාපෘතියක් වගේ මට පේන්නේ...
මුහුණු පොතේ යාළුවො ඉන්නවා වෙඩින්, ප්‍රීශුට් ඇල්බම් එකේ පොටෝස් දමනවා මාසෙට එක ගානේ. බැඳලා ළමයිත් ලොකුයි. තාම ෆොටෝ දමනවා. මේකත් ඒ වගේ ව්‍යාපෘතියක්, එදා වේල ගත වෙනවා. තව දෙයක්, මේ යන විදියට ලබන මාසේ කුඹුරට වතුර වැටෙන වක්කඩ, වක්කඩෙන් වතුර ගලන ගොයම් පාත්තියත් විවෘත කරාවිද දන්නේ නෑ.
මේ උත්සවය පේන්නේ නම් පොඩියට . ඒ වුනාට වියදම හම්බන්තොට වරායට වතුර පුරවපු දවසේ වියදම වගේ ඇති නේද?