










(ඡායාරූප - රංජිත් රාජපක්ෂ)


(ඡායාරූප - ශාන්ත චන්ද්‍රසිරි)
ලංකා කම්කරු කොංග්‍රසයේ නායක සහ හිටපු අමාත්‍යය ආරුමුගන් තොණ්ඩමන් මහතා වතුකරයේ ජනතාවගේ , අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ මැති ඇමතිවරුන්ගේ සෝ සුසුම් මැද අද (31) පස්වරුවේ නොර්වුඩ් තොණ්ඩමන් ක්‍රිඩාංගණයේදි අවසන් ගමන් ගියේය.
ඉකුත් 26 දින හදිසියේ ඇති වූ හෘද්‍යාබාධයක් හේතුවෙන් තොණ්ඩමන් මහාතා තලංගම ප්‍රාදේශිය රෝහල වෙත ඇතුළත් කරන විට අභවප්‍රාප්ත විය.
කොටගල ලංකා කම්කරු කොංග්‍රස් මුලස්ථානයේ තැනපත් කර තිබු අමාත්‍යවරයාගේ දේහය අද (31) දින පස්වරුවේ පැවැත් වු හින්දු චාරිත්‍ර වතාවන් වලින් පසු රාජ්‍යය අනුගහය ඇතිව රිය පෙරහරකින් නොර්වුඩ් ක්‍රිඩාංගණය වෙත රැගෙන එන ලදි.
අද (31) දින පනවා ඇති ඇදිරි නිතිය හමුවේ තොණ්ඩමන් මහතාගේ දේහය නොර්වුඩ් ක්‍රිඩාංගණය වෙත රැගෙන ගිය හැටන් නොර්වුඩ් ප්‍රධාන මාර්ගයට පිවිස සිටි වතු කම්කරුවන් ඇතුළු ප්‍රදේශවාසීහු තොණ්ඩමන් මහතාගේ දේහය තැනපත් කර තිබු විශේෂ රථයට පුෂ්ප උපහාර දක්වනු ලැබුහ.
අමාත්‍යවරයාගේ අවමංගල්‍යය කටයුතු වලට අමාත්‍යවරයාගේ පවුලේ සමාජිකයෝ, හිතවත්හු, ආධාරකරුවෝ , මැති ඇමැතිවරු 200 ක පමණ පිරිසක් සෞඛ්‍යය ආරක්ෂක ක්‍රමවේද සහ නිර්නායක වලට යටත්ව සහභාගි වි සිටියහ.
අමාත්‍යවරයාගේ අවසන් කටයුතු සිදු කරනු ලැබු නොර්වුඩ් ක්‍රිඩාංගණයට මහ සංඝ රත්නය සහ අන් ආගමික පුජකවරුන් සහභාගි වි සිටි අතර තොණ්ඩමන් මහතාගේ දේහය රැගත් රිය පෙරහර ගමන් ගත් කොටගල සිට නොර්වුඩ් දක්වා මාර්ගය දෙපස යුද හමුදාව සහ පොලිසිය එකාබද්ධව දැඩි ආරක්ෂක වැඩ පිලිවෙලක් යොදා තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතුමා හොඳ කෙනෙක්ද? නරක කෙනෙක්ද? කියලා නම් මම දන්නේ නෑ. නමුත් අවමංගල කටයුතු සංවිධානය කරපු සහ එයට අනුග්‍රහය දුන් බූරුවන් පිරිස නිසා ඔහුට වුනේ අපකීර්තියක්...
නමුත් දැනට රටේ තිබෙන කොරෝනා වයිරසය පාලනය කිරීමට තිබෙන නීතිරීති ඔක්කොම කඩවෙලානේ තියන්නේ මෙතන... මෙහෙම යනකොට හැම ජනවර්ගයාම මෙවැනි අවමංගල උත්සව තැබීමට පැරණ ගනියි. කෝ මේ විද්වත් මණ්ඩලය, පූජකයෝ සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව...?
පිටින් ආපු දුවටත් එන්න දුන්නද ?
සෞඛ්‍යය ආරක්ෂක ක්‍රමවේද සහ නිර්නායක? අඩුගානේ මීටරේ පරතරේවත් නෑ. ලොකු ටෝක් දුන්න පොලිසිය මොනවා කරයිද? දේශපාලුවන්ට නඩු දන්නා බෑනේ, අඩුගානේ එක ආධාරකරුවෙකුට නඩුවක් දන්නා පුලුවන්ද? ඔය නෝනලා කීපදෙනෙක් මීටරේට වඩා ලගින් ඉන්නේ.
වාඩිවෙලා ඉන්න කීප දෙනා පමණක් මීටරේ දුරින් වාඩි වෙලා ඉන්නවා. රූපවාහිනියට පෙනෙන්න විතරද නීතියට වැඩ කරන්නේ?
තව කීදෙනෙක් එක්කද ගියේ? ඡන්දයක් අත ළඟ තිබුනේ නැත්නම් එයාටත් නීතිය ක්‍රියාත්මක වෙන්න ඉඩ තිබුණා. කාට කියම්දෝ මෙවන් දෝෂා...?
මැදමුලන ඡන්ද හම්බවෙනවා නම් ඕනෑ දෙයක්...
කිව්වත් වගේ අපේ එම කාලගේ ජානමය විකෘති භාවයක් නිදහසෙන් පස්සේ පවත එන්නේ. කොරෝනා නෙමෙයි ඔයිට වඩා යමක් උනත් චන්ද පෙරේතකමට කරේ තියන් වුණත් යයි අපේ එවුන් ...