( ජයමාල් චන්ද්‍රසිරි)
කොළඹ සහ ගම්පහ ප්‍රදේශ වල ඈදිරි නිතිය පනවා තිබියදිත් රජයේ අවසර ඇතිව බලය ලත් එම ප්‍රදේශ තුළ පිහිටි සුපිරි වෙළඳ සංකීර්ණවල මත්පැන්හල් විවෘතව තැබීමට අද අවසර ලැබිණි.
කොළඹ සහ කොල්ලුපිටිය යන පෙදෙස්වල මත්පැන් ලබා ගැනීමට මිනිසුන් දිගු පෝලිම්වල සිටින අයුරු දැකිය හැකි විය.
මෙම ප්‍රදේශවලට පැමිණිමට අවසර ඈත්තේ අතවශ්‍ය රාජකාරි කරන පුද්ගලයන්ට රජයේ සේවයන්ට සහ පෞද්ගලික අංශ සේවකයින්ට පමණි. නමුත් විශාල පිරිසක් මත්පැන් මිලදී ගැනීමට සියින අයුරු දැකිය හැකි විය.
සුරා සැල් විවෘත කිරීමට අවසර ලැබුණේද දැඩි කොන්දේසි යටතේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංහලයාට වැඩපොළ නොකෙරුවත් මත්පැන් නැතුවනම් ඉන්න බැහැ.
බීලා බීලම ජීවිතේ කාලකන්ණි කරගත් අපේ මාමා කෙනෙක් නිතර දෙවේලේ කියූ කවියක් මතක් උනා. "සුරාවේ අගයත්.. එහි ඇති මනා ගුණයත්.. බොන සුදනෝ මිසක්.. නොබොන අනුවණ දනී නොදනිත්".
ශ්රී ලංකාව පමණක් නොව, අප මෙන් ආර්ථික වශයෙන් ඉතාමත්ම දුර්වල මට්ටමට වැටිසිටින බොහෝ රටවල ජනතාවගෙන් බහුතරයක් ගොදුරුවී සිටින කේදවචකයකි මේ " සිමා රහිතව " මත්පැන් කෙරෙහි ලොල් වීම..
මත්පැන් බිව්වම සතුටක් දැනෙනවද? මේ තරම් දගලගෙන මත්පැන් මිලදී ගන්නෙ මොකද? අපරාදෙ සල්ලි ඒවයින් කටට රහට මොකුත් කෑවොත් නරකද?
රජය විසින්ම පනවා තිබෙන්නා වූ ඇදිරි නිතිය රජය විසින්ම කඩ කර තිබේ. covid-19 වෛරසය පාලනය කර ඇතිබව ප්‍රකාශ කළ ද රජය එම පාලනය පවත්වා ගැනීම වෙනුවට මත්පැන් හල් විවෘත කිරීමට මුලිකත්වයක් ලබා දී ඇත. ජනයා සෞඛ්‍ය නීතී රීති නොපිළිපැදීම නිසා රටේ සියලු ජනතාවගේ සෞඛ්‍ය මේ වනවිට ප්‍රබල අනතුරට ලක්ව ඇත. හමුදාවන්, සෞඛ්‍යය බලධාරීන්, පොලිසිය මේ වන විට දිවා රාත්‍රී නොබලා කරගෙන යමින් තිබු සියලු සෞඛ්‍යය ක්‍රියාදමයන් නිසා covid-19 පැතිර යාම පාලනය කර ගත හැකිවිය. කණගාටුවට කරුණ නම් අදූරදර්ශි මෙන්ම පරිපාලන සහ ප්‍රායෝගික අනවබෝධය නිසා රජයේ (පවුල් පාලනය ) විසින් ගන්නාවූ තීන්දු නිසා හමුදාවන්, සෞඛ්‍ය බලධාරීන්, පොලිසිය මෙතෙක් සිදුකළ සියලු කැපවීම් පිලිබදව ඔවුන් මේවන විට සිටිනුයේ කලකිරිමෙන්ය. සෞඛ්‍යය විශේෂග්ඳයන් සහ වෛද්‍යවරුන්ගේ උපදෙස් සහ ක්‍රමවේදයන් මත ක්‍රියා නොකර ගන්නාවූ අවිදිමත් තීරණ නිසා covid-19 පැතිර යාම පාලනයට රජය වියදම් කළ කෝටි ගණන් මුදල්වලට වග කියන්නටද කිසිවෙකු නැත.
පසුගිය දවසක සාකච්ඡාවකදී ඇසුවා මුහුණු ආවරණයක් දාගෙන කොන්දොස්තර මහත්තයා බුලත් විට කන්නේ කොහොමද කියලා... එමෙන්ම මුඛ වාඩමක් දමාගෙන මත්පැන් බොන්නේ කොහොමද?
තරුණ පරපුර මේ සදහා ඇබ්ණැහිවීම ඉතා කණගාටුදායකයි.
රටකට ගිය කලක්, මේ මිනිස්සුන්ව කවදාවත් හදන්න පුළුවන්ද ?
නැගිටිමු ශ්රී ලංකා...
මුලු මහත් සමාජයටම මෙය පිළිලයක්...
මම හිතන්නේ මිනිස්සු ඔය බොන්නේ රජයට බදු ගෙවන්න ඇති කැමැත්ත නිසා...
මොනවා නැතත් සිංහල බෞද්ධයන්ට හැම දේකටම මෙක අත්‍යාවශ්‍යයි...
මේ ඊයේ පෙරේද ලොකු හාමුදුරු කෙනෙක් රටේ පාලකයාව තාත්තා කෙනෙකුට සමාන කළා. මට ඒකට හේතුව දැන් තමයි තේරුනේ. තාත්තලා ඉතින් තරුණ පුතුන් එක්ක, යහළුවන් එක්ක, සම වයසේ අය එක්ක තමන් කන බොන දේ බෙදා හදාගෙන කන හින්ද වෙන්න ඕනේ එහෙම සමාන කරන්න ඇත්තේ. ලංකාවට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මෙතුවක් කල් පත් වුනු රටේ නායකයන්ගේ කෑම බීම, ඇබ්බැහිකම් සහ ඔවුන් බුදුදහමේ ඉගැන්වෙන කර්ම විපාක අනුව වැඩ නොකිරීම. 1948 ඉඳන් මේ දක්වා අවුරුදු 72ටම සිංහල බෞද්ධ පාලකයෙක් රටට ලැබුනේ නැහැ කියල කලින් දවසකත් කිව්වේ ඒකයි. ලංකාව හැදෙන්නේ එදාට. එතකම් මෙහෙම තමයි.
මෙ හැම පෝලිමකම දැක්කේ එදාවෙල හොයාගෙන කන මුහුණු....
අඩු අදායම් ඇති අය වෙනුවෙන් මේ දිනවල රජයෙන් මාසයකට දෙන රුපියල් 5000 න් බඩ පැලෙන්න බිලා පිස්සු නටපු ' නරුම ' තාත්තලා කිහිප දෙනෙක් පිළිබඳව පත්තරයක තිබුන කතාව .මම මෑතකදී ඇසූ දුක්බරම පුවතක්..
මේ රටේ අයවැය පරතරය පියවාගන්නට මත්පැන් සහ සිගරට් මිල ඉහළ දැමීම කාලයක පටන් කරගෙන යන දෙයක්. ඒ නිසා බොන අයට මොකුත් කියන්න එපා. ඔවුන් බීමට පොළඹවන්නේ ආණ්ඩුව විසින්මයි.
මේ තීරණය අරන් තියෙන්නේ ජනාධිපතිවරයා, කොරෝනා සාධක බලකාය, කොරෝනා ලේකම් කාර්යාලය සහ සෞඛ්‍ය බලධාරීන් ඔක්කොම එකතු වෙලා. "කඩා වැටුණු ව්‍යාපාර නැගිට්ටවීමේ" පලවෙනි ව්‍යාපෘතිය තමයි මේ. මහජන මුදලින්ම ගෙවන රුපියල් 5000 එක අතකින් දීල අනිත් පැත්තෙන් මිනිස්සුන්ට ගිනි වතුර පොවලා ඒක නැවත රජයට ගැනීමක් මෙතන කරලා තියෙන්නේ. පුත්තලමේ එළවලුයි මාලුයි ගන්න මහා සෙනඟක් ආව කියල පොලිසිය ඒ කඩ ඔක්කොම වැහැව්වා. හැබැයි ඒ නීතිය මත්පැන් කඩවලට අදාළ නොවුනේ මේක රටේ ජනාධිපතිගේම නියෝගයක් නිසා. මිනිස්සුන්ට එළවලුයි මාලුයි ගන්න හොඳ නැති වුනාට මත්පැන් ගත්තට කමක් නැහැ මචං කියල සෞඛ්‍ය බලධාරිනුත් පොලිසියට කියන්න ඇති.
කෝ ඔය මතට තිත කාරයෝ , අමධ්‍යපයෝ, සිරිසේනලා , අබේතිස්සල.... මොකද සද්ද නැත්තේ? මිනිසුනේ ඕක තමයි සත්‍ය . මාර්ටින් වික්‍රමසිංහගේ භව තරණය පොතේ ලියල තියනවා අවුරුදු 2550 කට කලින් සමහර තාපසයෝත් මත් වතුර බීල තියනවා . බොන්න අකමැති තාපසයෝ ඒවා රිලවුන්ට දීල තියනවා කියල . එම රිලව් මේ ආත්මයේදී ලංකාවේ ඉපදිලා වෙන්න ඇති . ඕක සංසාරේ පුරුද්ද.
මන් දැක්කා 2024 එන මහා සුනාමියෙන් පන්නිපිටිය දක්වාම මුහුද ගලලා විනාශ වෙනවා කියලා ...ඒ නිසා මේ කොල්ලුපිටිය මේ කොටසට අයිතිනේ ..පව් ඔහේ බීපුදෙන් ... මේ ඔක්කොම පවුල් පද්ධතිය විනාශ කරන අය ඒකෙන් යටවෙලා සෙත්ත පෝච්චි වෙලා යයි...!! අනික කොරෝනා හින්දා දැන් ඉස්පිරිතාලවල පහසුකමුත් වැඩිවෙලා නිසා බීලා ලෙඩ වෙන මිනිස්සුත් ඉන්ට එපා යැ..අනික ලෝකේ වැඩියම බොන පාපතරයන්ගේ වාර්තාවත් පවත්වා ගන්ට එපා යැ .... අනික හෙට අනිද්දා සංචාරක කොරෝනා දේශ වලින් සෙන ග එන කොට උන්ටත් බොන්ට රට විවෘත කරන්ට එපැයි ...
ඇඳිරි නීතිය වෙලේ මෙහෙම මත්පැන් ගන්න එකතු වෙන්න තහනම් නැද්ද එතකොට ? බොරුවට හැමතිස්සෙම සමාජ දුරස්ථභාවය ගැන කතා කරනවා. ආණ්ඩුවට ආදායම් ගන්ඩ ඔිනවෙනකොට කොරෝනා නීති කැලේ.
මෙච්චර විනාශ සිද්ධ වෙන රටේ, මාධ්‍ය වලටත් පේන්නේ අහිංසක මනුස්සයෙක් ගිහින් බෝතලයක් ගන්න එක විතරයි. මේ රටේ දේශපාලකයෝ වගේ මේ මිනිස්සු ආණ්ඩුවේ සල්ලි වලින්වත් නැත්නම් ණයටවත් නෙමේ බොන්නේ....
මේ දහජරාව මිනිසුන්ට පොවලා සල්ලි හම්බ කරන්න වැඩියෙන්ම අවශ්‍ය වී ඇත්තේ සුරාබදු කොමසාරිස්ටයි.
අනිත් ජාතීන්ට අවලාද කර කර ජාතිය වනසන සක්කිලි.