
(තිලකරත්න දිසානායක)
නැදුන්ගමුවේ රාජා හස්තියා මහනුවර දළදා පෙරහරේ සධාතුක කරඩුව වැඩමවීම සඳහා මහනුවර බලා ගමන් අරඹා ඇත.
දින නවයක් පුරා පා ගමනින් මහනුවර බලා යන හස්තියා දිනකට කිලෝ මීටර් 10 ක දුරක් ගමන් කරන බවත් දින අටක් විහාරස්ථාන ඇතුලු සූදානම් කළ ස්ථානවලදී රාත්‍රීය ගත කිරීම සිදු කරන බවත් හිමිකරු ධර්මවිජය මහතා පැවසීය.
දැනට 67 වෙනි වියෙහි පසුවන රාජා හස්තියා ආසියාවේ සිටින විශාලතම ඇතා ලෙස සැලකෙන බවත් හස්තිරාජයාගේ ආරක්ෂාව පතා සෑම පෙරහරක් සදහාම පා ගමනින් රැගෙන යාම සිදු කරන බවත් හෙතෙම සඳහන් කළේය.
රටේ පවතින කොරෝනා රෝග තත්ත්වය හේතුවෙන් ජනතාව මගහරිමින් වරකාපොල දක්වා අතුරු මාර්ග ඔස්සේ රැගෙන ගොස් එතැන් පටන් මහනුවර මාර්ගයෙන් නුවර බලා ගමන් ගැනීමේ දී සහ ආපසු රැගෙන ඒමේදී හස්තියාට පොලීසිය , පොලිස් විශේෂ කාර්ය බලකාය සහ යුධ හමුදාව මගින් රැකවරණය ලබා දෙන බවද වෛද්‍යාචාර්ය හර්ෂ ධර්මවිජය මහතා පැවසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහෝ පින් සිත් වඩාගෙන මේ සත්ත්වයා මේ භවයේ තිරිසන් ආත්මයෙන් මිදේවි.
නැදුම්ගමුවේ රාජා කියන්නේ බෝධිසත්වයන්ගෙන් කෙනෙක්. අපි නමස්කාර කරමු.
එක පැත්තකින් රාජ්‍ය වරප්‍රසාද මැද කැලෑ කපමින් මර උගුල් අටවමින් අලි ඇතුන්ගෙ වාසස්ථාන අහිමි කරනව. අනික් පසින් රාජ්‍ය අනුග්‍රහය ඇතුව පන්සලට වඩම්මනවා පාරේ වැටෙමින් වදිනවා . හරියට ඒ කාලෙ ඊශ්‍රායලය එක පැත්තක රජයේ හමුදාව පුහුණු කරන අතර අනික් පැත්තෙ කොටින්ට පුහුණුව දුන්නා වගේ .
" ඇත් රජු නැඳුන්ගමු පෙරමඟ යනෙන විට ... සිරි දළදා සමිඳු වැඳ වැඩමවන විට ... පින් ඇති හස්තියා තේජස් පාන විට ... ඇති අභිමානෙ කීමට නැත වචන මට ... "
හරක් මරන එක පව් නම්, මේවා සත්ව වද හිංසා නොවේද?
මෙයා මේ හදන්නේ හරක් මරණ එක සාධාරණීකරණය කරන්නයි.හරක් මැරීමයි, දළදා වහන්සේ වැඩමවීම යි අතර ඇති සම්බන්ධය කුමක්ද ? කිසිම සංස්කෘතියක් සදාචාරයක් නැති මිනිසුන් අපේ පුරාණ සංස්කෘතික දේවල් ගැන දන්නේ කෙසේද ? දන්නේ අහිංසක සතුන්ගේ බෙල්ල කපා මල පෙරේතකමට මස් ගිලින්න විතරයි.ආවා මෙතන මේ පූජනීය අවස්ථාවට පහරන්න...
ලංකාවේ මිනිස්සුන්ට බාගෙට පිස්සු...
ශ්‍රී ලංකාවාසී සියලු දෙනාටම උතුම් වූ දළදා සමිඳු පිහිටයි. පෙරහැර අවසාන වෙනකොට ලංකාවේ සියලු දුක්කරදර නිමාවේවා...!!!
නිදුක් නිරෝගී සුවය ලැබ දීර්ඝායුෂ ලැබේවා ඇත් රජුනි ඔබට..!!!. ශ්‍රී දළදා සමිඳුන්ගේ පිහිට ආරක්‍ෂාව නිරතුරුවම ලැබේවා.!!! සමිතගේ ලස්සන කවිය දුටුවාම, ඔබට මේ ඇත් රජා ගැන මොන තරම් ආදරයක්, භක්තියක්, සිතේ හටගෙන ඇතිද කියා ඇත්තටම මට හිතුණා. ඔබගේ ලස්සන කවියට ඩිස්ලයික් දාපු අය ගැන අපි අනුකම්පා කරමු..
මොකද තුවක්කු අරගෙන හමුදාව මේ සතා අරගෙන යන්නේ?
ඔය නැදුන්ගමුවේ ඇතා ඉන්දියාවෙන් ගෙන්වපු සතෙක් නේද?
පෙරහැර නිසා කොරෝනා තුරන් වෙයිද නැත්නම් වැඩි වෙයිද....? තීරණය ඔබේ අතේ...
ලංකාවේ මිනිස්සුන්ගේ ගෝත්‍රිකකම පින්තූරවලින් පේනවා.
මේ බියකරු අවස්ථාවේ පෙරහර මහජන ප්‍රදර්ශනය සඳහා පැවැත්වීම නුවණක්කාරද? දිනපතා සියයට ආසන්න ප්‍රමාණයක් මියයනවා. නුවරඑළි සහ රටපුරා පැවති අවුරුදු උත්සව සැණකෙළිවල සාහසික ප්‍රතිඵල දැන් අපට හොඳ හැටි පේනවා. මේ හැමටම හමුදාපති ඇතුලු මැති ඇමැතිවරුන් වගකිව යුතුයි.
අලියාටත් හිනා ඇති මේ නාඩගම් වලට. ලෝකෙ හිනස්වන වැඩ. මේව හොඳයි ඉතින්
හිංසනයට ආගමික සළු පෙරවූ විට භක්තිය උතුරා කවි ගී ගයනු පෙනේ....වසංගත තත්වය ඉතාමත් තදින් පවතින මොහොතක ප්‍රමුඛතාවය හඳුනා නොගැනීම කණගාටුදායකයි.....කෙසේ නමුත් කුමන හෝ ආගමික විශ්වාස හා ඇඳහිලි ආදියට ගරු කිරීම යහපත් දෙයක්...
සත්ව ලෝකේ ඉපදුණත් මිනිස්සුන්ට වඩා පින් කරලා තියෙන උතුම් සතෙක්.. දළදා කරඬුව හිස මත තියාගෙන යන්න අවස්ථාව ලැබෙන්නේ කාටද? ඒ අතින් මේ උතුම් හස්තියා ඉතාමත්ම පින් ඇති හස්තියෙක්...
මේ සතා මිනිස්සුන්ට වඩා පින්වන්තයි , තිරිසන් ආත්මයක ඉන්න එක .මිනිස්සු තමයි තිරිසන්නු .මේ සතා මිනිස්සුන්ට වැඩ නිවනට ගොඩක් ලංවුණ සතෙක්
තොපිලා වගේ දක්කාගෙන ගිහින් පල්ලියේ බෙල්ල කපලා මරන්න නෙවෙයි .මේ යන්නේ බුදු සමිඳුගේ දළඳා වහන්සේ වඩම්මන්න .උබලා ලංකාවට පිළිලයක්
දොන් කියාගන්න පෘතුගීසි කාරයාට ගෝත්‍රික කම බලාගන්න ඕනෑ නම් පෘතුගාලයේ ශාන්ත ෆාතිමා පල්ලියට පාරදිගේ දණගාමින් යන බැතිමතුන් ගැන මොනවා හිතේවිද මන්දා... සියලුම ආගම්වල නොයෙක් විදිහේ සිරිත් තිබෙනවා...
රටක් දියුනුවෙයිද, තිරිසනෙක්ව දේවත්වයෙන් දකින අක්ඤාන මිනිස්සුන් ඉන්න රටක් තියෙන විට. ඒ තිරිසනුන්වම මරන්න උගුල් අටවන ඒ තිරිසනුන්ගේම වාසස්ථාන අහිමි කරන තිරිසන් ගති ඇති මිනිස්සුන් ඉන්න විට.
හෙන්ඩුවෙන් අනිමින්, කෙවිටෙන් තලමින් ,,ගිනිකන අව්වේ, පිච්චෙන තර පාර දිගේ ඇවිද්දවන ඇතෙක් , තමාව උපමාකොට අනිකාට හිංසා නොකරනමෙන් වදාළ බුදු සමිදු පිදිමට පෙළ ගැහෙන බෞද්දයය් කියා ගන්න නරුම මිනිසුන් මරණින් පසු කොයි වල යන්නේ.
දැන් මෙතන මිනිස්සු කියලා තියෙන විදියට මේ අලි ඇත්තු ස්වකීය කැමැත්තෙන් මේ කාර්ය කරනවා නම් මොකටද දම්වැල්? මොකටද යකඩ උල්?
පාරිලෙය්‍යක පරපුරේ අපේ ඇත්තන්ට දීර්ඝායු සම්පත් ලැබේවා...!!!