IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ආරක්ෂක සම්මන්ත්‍රණය ජනපති සුරතින් විවෘත වෙයි

(ඩයනා උදයංගනී,ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා )

ශ්‍රී ලංකා යුද හමුදාව සංවිධානය කළ කොළඹ ආරක්‍ෂක සම්මන්ත‍්‍රණය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී අද (28) ආරම්භ විය.

මෙම සම්මන්ත‍්‍රණය හෙට (29) දිනයේදී ද පැවැත්වෙන අතර ඉන්දියාට ඇතුළු රටවල් රැසක ආරක්‍ෂක අංශ නියෝජිතයෝ මේ සඳහා සහභාගී වී සිටිති.

මෙහි ආරම්භක සැසිවාරයේ ප‍්‍රධාන දේශනය ඇමෙරිකා එක්සත් ජනපදයේ විශ‍්‍රාමික අද්මිරාල් විලියම් ජේ. ෆැලෝන් මහතා විසින් පවත්වනු ලැබීය.

ආරක්‍ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මහතා හා යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ද මෙහිදී ආරම්භක සැසිය ඇමතීය.

ප‍්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන, ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු, ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර සී. විජේගුණරත්න , නාවික හමුදාපති වයිස් අද්මිරාල් ට‍්‍රැවිස් සින්නයියා, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති යන මහත්වරුන් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

 



අදහස් (0)

ආරක්ෂක සම්මන්ත්‍රණය ජනපති සුරතින් විවෘත වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 127 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site