IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


අවසරයකින් තොරව ගඩබා කර තිබූ වී කිලෝ ලක්ෂ 100ක් අල්ලයි

(නවරත්න සමරතුංග)

පාරිභෝගික අධිකාරයේ ලියාපදිංචි නොවි වී තොග ගබඩා කර තිබූ අම්පාර අම්පාරේ වී ගබඩා 20කට මුද්‍රා තැබූ බව පාරිභෝගික අධිකාරිය කියයි.

එම ගබඩාවල වී කිලෝ ලක්ෂ 100ක අධික ප්‍රමාණයක් ඇතැයි ද පාරිභෝගික අධිකාරිය කියයි.

වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ උපදෙස් අනුව පසුගිය දින තුනක කාලයක් මෙම වැටලීම් සිදු කිරීමට පියවර ගෙන තිබිණි.

අක්කරපත්තුව,ඔලුවිල්,අඩ්ඩාලචේන,චවලක‍ෙඩ්,නාවිදන්වේලි,අම්පාර පරගහකැලේ, වාවින්න ආදී ප්‍රදේශවල වී‍මෝල් හිමියන් නොවන ලියාපදිංචි නොවූ අතරමැදියන්ගේ වී ගබඩා වටලා පරීක්ෂාකර මෙසේ මුද්‍රා තැබීමට පාරි‍භෝගික සේවා ආරක්ෂක අධිකාරිය පියවර මෙසේ පියවර ගෙන ඇත.

මෙම ගබඩා හිමියන් සතු වී තොග වී අලෙවි මණ්ඩලය විසින් රජයේ සහතික මිල යටගේ  මිලදී ගැනීමට ගන්නා බවත් පාරි‍භෝගික අධිකාරිය පවසයි.

මේ  අමතරව බියර් නිෂ්පාදනය කිරීම සඳහා ‘අත්‍යාවශ්‍ය සේවා’ යටතේ දැන්වීම් පුවරු භාවිතා කරමින් සහල් ප්‍රවාහනය කළ වාහනයක්ද විමර්ශන නිලධාරීහු පරීක්ෂාවට ලක් කලහ.

බියර් නිෂ්පාදනය කිරීම සඳහා චවලකඩේ ප්‍රදේයේ ගබඩාවක සහල් කිලෝ ලක්ෂ දහයක් පමණ ගබඩාකර තිබුණ ස්ථායක් වැටලීමටද පියවර ගෙන ඇත.

මිනිස් පරිභෝජනයට සහ සත්ව ආහාර සඳහා හැරුණූ විට සහල් යොදා ගැනීම තහනම් කර ඇති බවට වරද කියාදී එම ගබඩාවකට මුද්‍රා තැබීමට පියවර ගෙන ඇත.

 



අදහස් (8)

අවසරයකින් තොරව ගඩබා කර තිබූ වී කිලෝ ලක්ෂ 100ක් අල්ලයි

Shan Sunday, 29 August 2021 10:02 AM

මෙතැන අයිති ගෝඨාභයටද නැත්නම් ඔහුගේ ඥාතීන්ටද? මොකද මේ දිනවල බොහෝ වෘත්තීයමය පාර්ශව ඔහුට විවිධ කාරණාවලදී පහර දෙනවා.

:       26       8

sena Sunday, 29 August 2021 12:14 PM

මේ වී ද සහල්ද ? මේකත් සංදර්ශනයක්ද ? දන්නේ නැති නිසාය අහන්නේ.

:       7       8

Lal Sunday, 29 August 2021 01:26 PM

වැඩේට සම්බන්ධ සියලු දෙනා දේශපාලු හෙන්චයියලා.වැඩේ ශේප් වෙනවා.

:       4       10

de silva Sunday, 29 August 2021 03:43 PM

මිලදී ගන්නේ කුමටද.? කෙලින්ම රාජසන්තක කරන්න.

:       0       0

kapila Sunday, 29 August 2021 04:55 PM

මේ වී තොග අතරමැදියන් විසින් ගබඩා කිරීම හදිසියේ සිදු වුවක් නොවේ. මේවයින් සිදුවන්නේ සහල් හිඟයක් මවා පාමින් පාරිභෝගිකයා සුරා කෑමයි. මේවා බොහෝවිට සිදුවන්නේ දේශපාලකයින්ගේ අනුග්‍රහය ඇතිවයි.

:       1       1

Bamunuarachchi Sunday, 29 August 2021 06:03 PM

වන්දි නොගෙවා රාජසන්තක කරන්න, ජාති ද්‍රෝහියෝ.

:       0       0

Bamunuarachchi Sunday, 29 August 2021 06:05 PM

මේ පැත්තේ වී ගබඩා කර ගෙන ඉන්නේ සිංහල වෙළෙන්දෝ නොවෙයි

:       0       0

සෙනෙවිරත්න Sunday, 29 August 2021 07:43 PM

මේකෙන් වෙන්නෙ සමසම්පූර්ණයෙන්ම සහල් ඒකාධිකාරය කීප දෙනෙක් අතට යනඑක විතරයි. මේ මිනිස්සු කරපු කර්මාන්ත නැති කරල දානඑක සාධාරණ නැහැ. සහන කාලයක් දීල යමක් කරන්න තිබුන. මෙ අය යම් ලෙසකින් සහල් මිල පාලනය සහ වී මිල ඉහල යැවීමට උදව් උනා වෙන්න පුළුවන් . බියර් හදන්න සහල් ගන්නෙ මේ අය විතරද? ඒක නවත්න එක රජයෙ වැඩක්.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 460 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2211 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1662 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site