
(නවරත්න සමරතුංග)
පාරිභෝගික අධිකාරයේ ලියාපදිංචි නොවි වී තොග ගබඩා කර තිබූ අම්පාර අම්පාරේ වී ගබඩා 20කට මුද්‍රා තැබූ බව පාරිභෝගික අධිකාරිය කියයි.
එම ගබඩාවල වී කිලෝ ලක්ෂ 100ක අධික ප්‍රමාණයක් ඇතැයි ද පාරිභෝගික අධිකාරිය කියයි.
වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ උපදෙස් අනුව පසුගිය දින තුනක කාලයක් මෙම වැටලීම් සිදු කිරීමට පියවර ගෙන තිබිණි.
අක්කරපත්තුව,ඔලුවිල්,අඩ්ඩාලචේන,චවලකෙඩ්,නාවිදන්වේලි,අම්පාර පරගහකැලේ, වාවින්න ආදී ප්‍රදේශවල වීමෝල් හිමියන් නොවන ලියාපදිංචි නොවූ අතරමැදියන්ගේ වී ගබඩා වටලා පරීක්ෂාකර මෙසේ මුද්‍රා තැබීමට පාරිභෝගික සේවා ආරක්ෂක අධිකාරිය පියවර මෙසේ පියවර ගෙන ඇත.
මෙම ගබඩා හිමියන් සතු වී තොග වී අලෙවි මණ්ඩලය විසින් රජයේ සහතික මිල යටගේ මිලදී ගැනීමට ගන්නා බවත් පාරිභෝගික අධිකාරිය පවසයි.
මේ අමතරව බියර් නිෂ්පාදනය කිරීම සඳහා ‘අත්‍යාවශ්‍ය සේවා’ යටතේ දැන්වීම් පුවරු භාවිතා කරමින් සහල් ප්‍රවාහනය කළ වාහනයක්ද විමර්ශන නිලධාරීහු පරීක්ෂාවට ලක් කලහ.
බියර් නිෂ්පාදනය කිරීම සඳහා චවලකඩේ ප්‍රදේයේ ගබඩාවක සහල් කිලෝ ලක්ෂ දහයක් පමණ ගබඩාකර තිබුණ ස්ථායක් වැටලීමටද පියවර ගෙන ඇත.
මිනිස් පරිභෝජනයට සහ සත්ව ආහාර සඳහා හැරුණූ විට සහල් යොදා ගැනීම තහනම් කර ඇති බවට වරද කියාදී එම ගබඩාවකට මුද්‍රා තැබීමට පියවර ගෙන ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතැන අයිති ගෝඨාභයටද නැත්නම් ඔහුගේ ඥාතීන්ටද? මොකද මේ දිනවල බොහෝ වෘත්තීයමය පාර්ශව ඔහුට විවිධ කාරණාවලදී පහර දෙනවා.
මේ වී ද සහල්ද ? මේකත් සංදර්ශනයක්ද ? දන්නේ නැති නිසාය අහන්නේ.
වැඩේට සම්බන්ධ සියලු දෙනා දේශපාලු හෙන්චයියලා.වැඩේ ශේප් වෙනවා.
මිලදී ගන්නේ කුමටද.? කෙලින්ම රාජසන්තක කරන්න.
මේ වී තොග අතරමැදියන් විසින් ගබඩා කිරීම හදිසියේ සිදු වුවක් නොවේ. මේවයින් සිදුවන්නේ සහල් හිඟයක් මවා පාමින් පාරිභෝගිකයා සුරා කෑමයි. මේවා බොහෝවිට සිදුවන්නේ දේශපාලකයින්ගේ අනුග්‍රහය ඇතිවයි.
වන්දි නොගෙවා රාජසන්තක කරන්න, ජාති ද්‍රෝහියෝ.
මේ පැත්තේ වී ගබඩා කර ගෙන ඉන්නේ සිංහල වෙළෙන්දෝ නොවෙයි
මේකෙන් වෙන්නෙ සමසම්පූර්ණයෙන්ම සහල් ඒකාධිකාරය කීප දෙනෙක් අතට යනඑක විතරයි. මේ මිනිස්සු කරපු කර්මාන්ත නැති කරල දානඑක සාධාරණ නැහැ. සහන කාලයක් දීල යමක් කරන්න තිබුන. මෙ අය යම් ලෙසකින් සහල් මිල පාලනය සහ වී මිල ඉහල යැවීමට උදව් උනා වෙන්න පුළුවන් . බියර් හදන්න සහල් ගන්නෙ මේ අය විතරද? ඒක නවත්න එක රජයෙ වැඩක්.