IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


අවුරුදු කුමාරයාට පාවාඩ අතුරන්න

දොළොස් මසින් සපිරුණු කැලැන්ඩරයේ අප්‍රේල් මාසය හෙවත් බක් මාසය සිංහල සහ හින්දු ජනයාට සුවිශේෂී මාසයක් වෙයි. බක් මාසය යන්නෙන් අර්ථවත් වන්නේ ද සෞභාග්‍යය වේ.

සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වන සුබ නැකත අනාදිමත් කාලයක් පුරා රටට සැණකෙළි සිරිය ගෙනාවේය. කපා ගත් අස්වනු වලින් ගෙපැල පිරී ගියේය. තුරු ලතා හා පලබර විය. මලින් පමණක් නොව අලුත් දලුපත්වලින් ද තුරු ලතා සැරසී ගත්තේය. විවේකී සුවය අත්විඳින ජනයා එකිනෙකා අතර ඇති සබඳතා අලුත් කර ගත්හ. වැඩි වර්ධනය කර ගත්හ. ඒ වෙනුවෙන්ම ඇති ජන ක්‍රීඩා ද අලුත් අවුරුදු උත්සව ද ගම් නගර නියම් ගම් ජනපද මගුල් සිරියෙන් පුරවාලුයේය. අලුත් අධිෂ්‍ඨාන සමගින්, අලුත් බලාපොරොත්තු පැතුම් ප්‍රාර්ථනා සමඟින් අලුත් ජීවිතයට අලුත් හුස්මක් රැගෙන ආවේ මේ බක් මාසයමය.

මෙවර බක් මාසය එළැඹෙන්නේ වසංගත රෝ බියකින් මුළු ලොවම ඔත්පළව තිබිය දීය යන්න බැහැර කළ හැක්කක් නොවේ. එය එසේ වුවත්  සිංහල – දෙමළ අලුත් අවුරුද්ද සුබ නැකතින් උදාවී තිබේ. මරණ බිය රැගෙන පැමිණි කොරෝනා මාරාන්තික උවදුරේ සැහැසි ග්‍රහණයෙන් මුළු ලොවම නිදහස්ව නිදුක් නිරෝගී සුවයෙන් සැනසෙත්වා යන පරම රමණීය ප්‍රාර්ථනාව පෙරදැරිව අපි අලුත් අවුරුද්ද දෝතින් පිළිගනිමු.

සෞභාග්‍ය හා සන්තුෂ්ටියේ පැහැබර සජීවි සලකුණ වූ බක් මාසය වෙනදා මෙන්  එරබදු මලින් හැඩ නොවුණද, අතරින් පතර නැඟෙන කොවුල් නාදය අතරේම ලෝක සිතියමේ අබැටක් තරම් වූ නයන පිනවන මේ රන් දිවයින ද බරපතළ ගැටලුවකට මුහුණ පා තිබේ. එහෙත් මේ මොහොතේදී එයට හිමි නිසි බරින් හඳුනා ගනිමින් බුද්ධිමත්ව කටයුතු කරන්නේ නම්, මග වැරදුණු අවුරුදු කුමාරයාට කල් පසුව හෝ වැඩමවන්නට පාවාඩ අතුරා තැබිය හැකිවනු ඇත.

(චිත්‍රය - සමන් කළුබෝවිල)



අදහස් (1)

අවුරුදු කුමාරයාට පාවාඩ අතුරන්න

Raveendra Monday, 13 April 2020 05:49 PM

ලැබුවාවූ නව වසර සියලුම අහිංසක ලෝකවාසි මිනිසුන්ට නිදුක් නිරෝගී වසරක් වේවා !! සැමට යහපතක්ම වේවා !!! අපගේ මාතෘ භුමිය මෙම අවදානමින් ඉක්මනින් මිදෙත්වා !!!

:       0       33

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 109 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 912 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 623 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site