IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


අලුත් සහල් මංගල්‍ය ජනපති ප්‍රධානත්වයෙන්

(අංජුල මහික වීරරත්න දයාරත්න ඇඹෝගම සහ රෝහණ චන්ද්‍රදාස)

ජාතික අලුත් සහල් මංගල්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) පෙරවරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියස දී පැවැත්විණි. 

සාම්ප්‍රදායිකව වාර්ෂිකව මාස් කන්නයේ නෙලාගත් අස්වැන්නෙහි නොඉඳුල් සහලින් ජය ශ්‍රී මහා බෝ සමිඳුන් පිදීමේ මෙම අලුත් සහල් මංගල්‍ය අටමස්ථානාධිපති  පල්ලේගම හේමරතන නා හිමියන්ගේ අනුශාසනා පරිදි කෘෂිකර්ම අමාත්‍යාංශය සහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව මගින් 56 වන වරට සංවිධානය කර තිබුණි.

රජ සමයේ සිට පැවැත එන මෙම චාරිත්‍රය සදහා රට පුරා ගොවීන් රැසක් එක්ව සිටි අතර කලට වැසි වසිත්වා - කෙත්වතු සාරවත් වේවායි ප්‍රාර්ථනා කිරීමත්, කෘෂිකර්මාන්තයෙන් රට ස්වයංපෝෂිත වී සමෘද්ධිමත් ආර්ථීකයක් ඇති වේවායි රටට, ජාතියට සෙත් පැතීමත් මෙහිදී සිදු කෙරිණි.

අලුත් සහල් මංගල්‍යයට එක් වූ ජනාධිපතිවරයා පළමුව ජය ශ්‍රී මහා බෝ සමිදුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තේය.

අනුරාධපුර සිංහ කණුව අසල සිට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ දක්වා පැමිණි අලුත් සහල් රැගත් පෙරහර  ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ වැලි මලුවට ගෙවැදිණි.

අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නා හිමි විසින් අලුත් සහලින් රන් පත්‍රය පිරවීම ආරම්භ කළ අතර, ඉන් අනතුරුව සියලු පළාත් ආවරණය වන පරිදි රැගෙන ආ සහල්වලින් රන් පාත්‍රය පිරවීම සිදු කෙරිණි. මහා සංඝරත්නයේ පිරිත් සජ්ඣායනා මැද රන් පාත්‍රය සහලින් පිරවීමේ අවස්ථාවට  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද එක්විය.

 



අදහස් (14)

අලුත් සහල් මංගල්‍ය ජනපති ප්‍රධානත්වයෙන්

ගනේගොඩ Sunday, 02 April 2023 04:20 PM

දුප්පත් අහිංසක මනුස්සයින්ගෙන් බඩවඩා ගන්න තමයි හදන්නේ...!

:       12       19

NimalSunday, 02 April 2023 07:13 PM

අලුත් සහල් මංගල්‍ය ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ පුරාන රජදවස සිට පැවතෙන සම්ප්‍රදායික කටයුත්තකි

:       7       5

පොඩිඑකා Monday, 03 April 2023 02:02 PM

විසි එක්වෙනි ෂත වර්ෂයේ අපිට ඔය විකාර මොනවටද?

:       3       4

padminiMonday, 03 April 2023 03:18 PM

රජ කාලයේ අපි ගනුදෙණු කෙරුවේ කහවණු වලින්...! ඒ කාලේ මනුස්සයින්ට දෙන්න දේවල් තිබුණා.. ඒත් අද මනුස්සයින්ට මොනවද තියෙන්නේ? අපිත් වෙනස් වෙන කාලයත් සමඟ වෙනස් වුණානම් නේද ඇඟට ගුණ...?

:       3       3

JayasekaraMonday, 03 April 2023 03:45 PM

නිමල් මහත්තයා... ඒක ඇත්ත. නමුත් ඒ පුරන චාරිත්‍ර විහිළුවකට ගන්න මනස්ගාත කාරයින් ලංකාවේ ඉන්නවා. යුරෝපයේ ගොන්පොර සටන් හිස් මුදුනින් පිළිගන්න... බටහිර ගැති මානසික ලෙඩ්ඩු මෙහෙ ඕනෑ තරම්.... තව ටික දවසකින් කියයි... මොකටද වැඩිහිටියන්ට බුලත් දීලා වඳින්නේ කියලා..? 

:       2       4

චාතුරි Sunday, 02 April 2023 04:42 PM

කට්ටියට හරි මහන්සි ඇති නේද. වී වේලාල කුබුරු කොටලා. මේතන ඉන්න ඕන ගොවියො මිසක් ගොබ්බ රැල නෙමේ. අවුරුදු කියක් ඉන්දලද මේ දේ කරන්නෙ. ඒත් රටත් වැසියත් කන්න නැතිව හිග්මනෙ. මොකද අසරන ගොවියා ට මුන් සලකන්නෙ නැහැ. මේ ගොවියෝ මේ දෙවල් කරන්නෙ මුදල් නයට අරන්. ගමේ වැසියාගෙන්. ඉටපසු නය ගෙවා ගන්න බැරිව. වහබීලා. මැරෙනවා. ඒ වුනට ගොබ්බයෝ ටික පිටරටින් එන ණය මුදල් හොරා කාලා. චීනාගෙන් ගිනි පොලියට ණයට ගන්නවා. ඒ ණය ගෙවාගන්න බැරි වුනාම රටේ දේපල විකුනලා. ඒ කෙනුත් කොමිස් ගහනවා. එකෙක් වහ බිලා මැරුනද රටට වුන බන්කොලොත් බාවයට. නැහැ ගොබ්බයෝ තවත් පොරකනවා පුටුව රැක ගන්න. සුදු ඇන්දේ පිවිතුරු බව පෙන්නනනද. ඔය එලියෙන් පේන සුද පපුව ඇතුලේ තියා ගනින්. මයිනාවගෙ පොලොව ඉම්බා නම් තමයි ඕක අන්ග සම්පුර්න

:       11       24

jayasekaraMonday, 03 April 2023 09:27 AM

මේක චාරිත්‍රයක් .......

:       6       6

somasiriMonday, 03 April 2023 04:38 PM

ගල් යුගයේ ඇබිත්තයින් නොදන්න දේවල් හුඟක් තියෙනවා...

:       1       2

චාතුර Monday, 03 April 2023 10:32 AM

ඔන්න අපේ ආණ්ඩුවක් ආවම ඔය මොකුත් නැහැ.මොකද අපිට චාරිත්‍ර වාරිත්‍ර අනම් මනං වැඩක් නැහැ.

:       4       5

benil wijay Sunday, 02 April 2023 05:43 PM

මෙම ඡායාරූප ලංකාවේ දේශපාලුවන්ගේ විහිළුවලට හොඳ නිදසුන්ය...

:       3       8

ගමේ එකාලා Sunday, 02 April 2023 06:21 PM

ගොවියට පොහොර ටිකත් නැතිකරපු දූෂිත දේසපාලුවෝ ?

:       2       7

අරවින්ද මොනරවිල Monday, 03 April 2023 12:19 PM

සහල් කිලෝ එක රුපියල් 200 නග්ගලා වී කිලෝ එක අසුවට බස්සලා ලංකාවේ වී ගොවිතැන විනාශ කෙරුව, බස්නාහිර පලාතේ කුඹුරු ගෙඩකර විදේශිකයන්ට විකුණන්න ඕන කිව්ව පරයෙක් එක්ක මොන අලුත් සහල් මංගල්ලද ?

:       1       5

අළුත්Monday, 03 April 2023 01:37 PM

නැතුව නැතුව පිනට කකා ඉන්න උන් එක්ක තමයි අළුත් සහල් මංගල්ලෙ පවත්වන්න ඕන.

:       0       4

Kumara Monday, 03 April 2023 01:40 PM

මුගේ නාකි සමනල මංගල්‍ය .තුක් නෙදකින්

:       2       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 585 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 122 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 333 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site