(රොමේෂ් ධනුෂ්ක සිල්වා )
ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රයට මෙන්ම කතෝලික ජනසන්නිවේදන ක්ෂේත්‍රයට මහඟු සේවාවක් ඉටුකළ ස්වර්ගස්ථ වූ අර්නස්ට් පෝරුතොට පියතුමන්ගේ දේහය, කොළඹ අගරදගුරු නිවස වෙත අද (16) සවස රැගෙන ආ අතර එහිදී කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් අවමංගල්‍ය ආශීර්වාද මෙහෙය පැවැත්වීය.
පෝරුතොට පියතුමන්ගේ දේහය හෙට (17) සවස 6.30 දක්වාම මහජන ගෞරවය දක්වා කොළඹ අගරදගුරු නිවසේ දේවස්ථානයේ තැන්පත් කර තිබෙන අතර ඉන්පසුව උන්වහන්සේ බොහෝ කලක් සේවය කල කළුතර කටුකුරුන්ද ශාන්ත පිලිප්නේරි දේවස්ථානය කර රැගෙන යාමට නියමිත අතර අවසන් කටයුතු සහ දිව්‍ය පුජාව, කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් 18 වැනිදා සවස පැවැත්වීමට නියමිතය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පියතුමනි, ඔබ වහන්සේ පැතූපරිදි... දෙව් සමිඳාණන්ගේ රාජ්‍යයේ සැතපේවා...!!!
අර්නස්ට් පෝරුතොට පියතුමා කියන නම කියන කොට අපිට මතක් වෙන්නේ ඔහු හා කලාව අතර තිබ්බ අමතක නොවෙන සම්බන්ධය.... ඔහු සමාදානයේ සැතපේවා කියලා ප්‍රාර්ථනා කරනවා.