(වසන්ත චන්ද්‍රපාල , සදරු බංඩාර සහ කුමාර සී ලියනආරච්චි)
කොටි ත්‍රස්තවාදින් විසින් අරන්තලාවේදි ඝාතනය කරන ලද හෑගොඩ ඉන්ද්‍රසාර නා හිමි ඇතුලුව භික්ෂුන් වහන්සේ ලා 32 නම සිහිකිරිමේ 33 වැනි ගුණ සමරුව නිරෝධායන නිති රීති වලට යටත්ව අරන්තලාව ශ්‍රි ඉන්ද්‍රසාර පිළරුව අසලදි අද(02) පැවැත්විණි.
මහා සංඝරත්නය විසින් හෑගොඩ ඉන්ද්‍රසාර පිළිරුවට මල් තබා උපහාර දැක්විමෙන් අනතුරුව බුද්ධ ශාසන සහ සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යංශයේ ස්ථිර ලේකම් බන්දුල හරිශ්චන්ද්‍රල අම්පාර දිසාපති බී.එම්.එල්. බණ්ඩාරනායක, ශ්‍රිලංකා යුද යහමුදාවේ 24 සේනාංකාධිපති මේජර් ජෙනරාල් චින්තක ගමගේ යන මහත්වරුන් විසින් ශ්‍රි ඉන්ද්‍රසාර පිළිරුවට මල් තබා උපහාර කළහ.
පසුව මහා සංඝරත්නය ඇතුලු ගිහි පිරිස විනාඩියක නිශ්ශබ්දතාවය රකිමින් මියගිය භික්ෂුන් වහනසේලා සිහිපත් කරනු කළහ.
ඉන් අනතුරුව අරන්තලාව භුමියේ තැන්පත් කර ඇති හිමිවරුන් ගමන් කළ බස් රථය ඇති ස්ථානයේ අධිෂ්ඨාන පුජාවක් පවත්වනු ලැබිය.
නැගෙනහිර පලාතට විශාල බෞද්ධ ප්‍රබෝධයක් ඇතිකල අපවත් වි වදාල හෑගොඩ ශ්‍රි ඉන්ද්‍රසාර හිමියන් ගේ සේවය ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා හැටියට නොකඩවා කරගෙන යන බව උතුරු නැගෙනහිර ප්‍රධාන අධිකරණ සංඝ නායක අම්පාර මහාවාපි විහාරාධිපති අරන්තලාව බෞද්ධ හිමියෝ පැවසූහ.
එදා ධර්ම ප්‍රචාරක කටයුත්තක් සදහා යමින් සිටියදි අපේ නායක හිමියන් ඇතුලු මහා සංඝරත්නය 32 නමක් කොටි ත්‍රස්තවාදින විසින් ඝාතනය කරාගමේ අරන්තලාව භුමිය රක්තවරණ රැධිරයෙන් තෙත්වි ගියා . මුලු රටම එකම මළ ගෙයක් බවට පත්උනා. මෙම ප්‍රහාරයෙක් දිවි ගලවා ගත් අදා උල්පත බුද්ධසාර හිමියන් සහ හගුරන්කෙත පුඤ්ඤාර හිමියන් අදත් රෝගතුරව සිටිනවා.
උන් වහන්සේලා දිවිපිදු මේ භුමිය පසු කලෙක අරන්තලාව ජ්‍යාතන්තර බෞද්ධ මධ්‍යස්ථානය ලෙස වැඩ කටයුතු ආරම්භ කරා . අදවෙන විට මෙම ස්ථානය පිරිවෙණක් පවා ආරම්භ කිරිමට අපි කටයුතු කර තිබෙනවා. මෙම ස්ථානය පුජා භුමියක් ලෙස කටයුතු කිරිමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා ලබාදුන් සහය අපට අමතක කරන්න බැහැ.
ත්‍රස්තවාදය නිසා අපේ රටේ හිමිවරුන් 69 ක් පමණ ඝාතනය උනා වැඩි පිරිසක් ඝාතනය උනේ අරන්තලාවේදි . ඒක නිසා ජුනි 02 වෙනි දින ත්‍රස්තවාදයෙන් මියගිය සියලුම හිමිවරු සිහිකිරීම සදහා ජාතික අනුස්මරණ දිනයක් හැටියට නම් කර ලෙසට අපි රජයෙන් ඉල්ලා සිටින බවද කිරිදිවැල සෝමරතන හිමියෝ සඳහන් කළහ.
බුද්ධ ශාසන ආගමික සංස්කෘතික කටයුතු පිලිබද අමාත්‍යංශයේ ස්ථිර ලේකම් බන්දුල හරිශ්චන්ද්‍ර ,අම්පාර දිසාපති ඩී.එම්.එල්. බණ්ඩාරනායක යන මහත්වරුන්ද මෙම අවස්තාවේ අදහස් දැක්වූහ.
ශ්‍රිලංකා යුද හමුදාවේ 24 සේනාංකාධිපති මේජර් ජෙනරාල් චින්තක ගමගේලමහඔය ප්‍රාදේශිය සභාවේ සභාපති ඉන්දික නිලන්ත ගුනවර්ධණ, මහඔය ප්‍රාදේශිය ලේකම් සුදර්ශන ගුනවර්ධන, අම්පාර කොට්ඨාශ භාර පොලිස් අධිකාරි ජයන්ත රත්නායක, සිවිල් ආරක්ෂක බලකායේ මහඔය කලාප අණදෙන නිළධාරි කර්නල් චින්තක අතපත්තු මෙම අවස්ථාවට එක්ව සිටියහ.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යාපනය පුස්තකාලය ගිනි තියපු එකට?
රට වෙනුවන් දිවි පුදා අපවත්වූ මේ සියලුම ස්වාමින් වහන්සේලාට මම හදවතින්ම නිවන් සුව ප්‍රාර්ථනා කරනවා....!!! ඒ වගේමයි.. මේකත් නොකීවොත් මෙය සම්පුර්ණ වෙන්නේ නැහැ.. කුරා කුහුඹුවෙකුටවත් අපරාධයක් නොකළ මේ ස්වාමින් වහන්සේලාව අපවත්කල කෘර ඝාතකයින්ට අන දුන් ත්‍රස්තයා - කරුණා ( නම කරුණා වුනාට කරුණාවක් තිබුනානම් මේවගේ මහා ඝාතනයක් කරයිද..?) අද කොහෙද..?කා සමගද..? මොනවාද කරන්නේ..? 2009 දී මොහුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති වරයෙක් ලෙස පත්කරගත්තා. මෙයිනුත් පැහැදිලිවම කියන්නේ එකම කතාවයි...දේශපාලුවා සිංහල වුත්,දෙමල වුණත් , මුස්ලිම් වුණත්.. ඔවුන් එකම කුලකයකයි..කියලා. මේ දේශපාලුවන් තුන් ගොල්ල අතරේ ලොකු සහජීවනයක් තියෙනවා. සිංහල, දෙමල, මුස්ලිම් මිනිස්සුනේ.. මේ ටිකත් හිතන්න. ශ්‍රී ලංකාවේ දේශපාලුවන්ට නුඹලාව අවශ්‍ය නුඹලාට හිමි නිදහස් චන්දය " හොරා ගන්නකම් " පමණයි.. ඊට පස්සේ ඔවුන් කියන විදිහට නුඹලා නටන්න ඕනා.. "බැහැයි." .කිවොත්.. උන් නුඹලාව "ජාති වාදියා " කියලා හංවඩු ගහනවා.."...දැන්වත් මේ ඇත්ත ගැන හිතන්න. සිංහල දෙමල මුස්ලිම් මේ ඔක්කොම අහිංසකයෝ. .දුෂ්ට දේශපාලුවන්ගේ පව් ගෙවන......
අරන්තලාවේ භික්ෂු සංහාරය රටම කම්පා කල ඛේදවාචකයක්. හැබැයි පන්සල් කීයකද? අද එදා අරන්තලාවේ ඝාතනය කරපු හාමුදුරුවරු සිහිපත් කරලා බෝධි පූජාවක්වත් තියන්නේ? අඩු ගානේ පහනක්වත් පත්තු කරන්නේ? දේශපාලකයන්ගේ උපන් දිනයක් කිව්වොත් නම් පන්සල්වල බෝධි පූජා ඉවරයක් නැහැ.
ගරු හිටපු ඇමති කරුණා අම්මාන් මැතිතුමාටත් ඕකට ආරාධනා කරන්න තිබ්බා. මොකද ඕක සමරන්න එතුමාටත් සාධාරණ අයිතියක් තියෙන නිසා.
"අරන්තලා භික්ෂු ඝාතනයේ 33 වැනි ගුණ සැමරුම" අපි සමරන්නේ ඝාතනයේ ගුණද ?
රට වෙනුවෙන් දිවි පුදා අපවත් වූ , සියලුම ස්වාමින් වහන්සේලාට , නිවන් සුවය ලැබේවා !
අරන්තලාවේ භික්ෂු සංහාරය රටම කම්පා කල ඛේදවාචකයක්.. නිවන් සුව!
ගුණ සැමරුමක්?
මුළු රටක්ම කම්පාකළ, කොටි ත්‍රස්තවාදීන්ගේ ම්ලේච්ච අරන්තලා භික්ෂූන් වහන්සේලාගේ 33 වැනි ඝාතන සංවත්සරය බැති සිතින් සිහිපත්කර උන්වහන්සේලාට පින් අනුමෝදන්කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීමට බොදු බැතිමතුන් ගත් මේ උදාර කටයුත්ත අගය කළයුතු වෙනවා. "කරුණා අම්මාන්" ඔඩොක්කුව තබාගෙන සිටින රාජපක්ෂ රජයේ බුද්ධ ශාසන සහ සංස්කෘතික සහ ආගමික කටයුතු ඇමති මේ සිහිකිරීමේ පින්කමට සහභාගී නොවුයේ මොන හේතුවක් නිසාද කියා රජය පැහැදිලි කළයුතු වෙනවා. සමහරවිට මූලික ඝාතකයා වන කරුණා අම්මාන් අමනාප කරගෙන ළඟ එන ඡන්ද ප්‍රතිඵලය බකල් වෙයි කියා හිතාගෙන උඩින් ආපු නියෝගයක් නිසාද? ඇමතියෙක් නොමැතිව, පොදු වැසිකිලියක් හෝ බස් නැවතුම්පොළක් හෝ බෝක්කුවක් පවා විවෘත කිරීමට නොහැකි ශ්‍රී ලංකාවේ මෙවැනි වැදගත් සිදුවීමක් "යුද්ධය දිනුවේ අපි කියා" උදේ හවා පාරම්බාන රජයේ ලොක්කන්ගේ මතකයෙන් ගිලිහි ගියේ මොකොද කියා මගේ ආච්චි අහනවා ...
ඔබවහන්සේලාට නිර්වාන සම්පත්තිය ලැබේවා...!!!
ඔය භික්ෂු ඝාතනය මෙහෙයවපු නැගෙනහිර ත්‍රස්තවාදී ලොක්කා අද ඉන්නේ වර්තමාන ආණ්ඩුවේ වරප්‍රසාද ලබමින්.