(ඉෂාන් සංජීව)
අචාර්ය පණ්ඩිත් අමරදේවයන් විසින් මෙරට සංගීත ක්ෂේත්‍රයට සිදු කරන ලද මෙහෙවරට කෘතවේදිත්වය දැක්වීම සඳහා "අමරදේව අසපුව" නමින් සංගීත ආශ්‍රමයක් පිහිටුවීමට මුල්ගල් තැබිමේ උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28) බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදි සිදුකෙරිණි.
මෙහිදි අමරදේව මහතා ලද ඉහළම සම්මානය වන ජාත්‍යන්තරයෙන් පිරිනැමු මැග්සයිසේ සම්මානය ජාතික වස්තුවක් ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බාර කිරීම අමරදේවයන්ගේ බිරිඳ විමලා අමරදේව මහත්මිය විසින් එහිදී සිදුකළ අතර ජනපති අතින් එය කොළඹ කෞතුකාගාරයේ තැන්පත් කිරීම සඳහා කොළඹ කෞතුකාගාර අධ්‍යක්ෂවරියට බාර කෙරිණි.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අමරදේව මහින්ද මහත්තයගේ හිතවතෙක්. අපි මේ දේට විරුද්ධව කමෙන්ට් නොදා ඉඳිමු.
රටක් පිබිදූ මහා ගාන්ධර්වයා මතක් වී මගේ දෙනෙතට කඳුලක් නැගුනා.
ශ්‍රී ලංකා සංගීත චාරිකාවේ නොමියන මිනිසා ආචාර්ය W . D . අමරදේව නම් මහා ගාන්ධර්වයාණෙනි ඔබගේ හඬ අමරණීයයි.
මේක ඉතා උතුම් අදහසක්....
පීරිස් වගේ මිනිස්සුන්ගේ කුහක සිතුවිලි හින්ද තමයි අපේ රට ගොඩගන්න බැරි වෙලා තියෙන්නේ කොච්චර සම්පත් තිබ්බත්.
පිදිය යුත්තන් පිදිය යුතු, දැන් ඉන්නේ ගායකයෝ නෙවෙයි, ඒ අය කරන්නේ හූ කියන එකයි උඩු බුරුලන එකයි. එහෙමත් නැත්නම් ගැහැනු නිරුවත පෙන්නලා ප්‍රසිද්ද වෙන්න හදන එකයි විතරයි. මෙහෙම මිනිස්සු අපිට ආයි කවදාවත් ලැබෙන එකක් නැ
මහින්ද ජනාධිපතිතුමා තට්ටු හතක අමරදේව ප්‍රාසාදයක් හදන්න හිටියෙ. චීන ආධාර වලින්. ඒත් ඊට කලින් ආණ්ඩුව පෙරලුනා.