(වසන්ත චන්ද්‍රපාල)
අම්පාර සයින්දමරුදු බොලිවියානු සුනාමි ගම්මානයේ නිවසක් තුළ බෝම්බ පිපිරීමෙන් මියගිය 17 දෙනෙකුගේ සිරුරු අද (02) අම්පාර පොදු සුසාන භූමියේ තැන්පත් කිරීමට පොලිසිය පියවර ගනු ලැබීය.
අම්පාර මහ රෝහලේ මෙම මෘත ශරීර තිබූ අතර මෙම මෘත ශරීරවල අස්ථි වැනි දේවල් ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා අවශ්‍ය බැවින් වෙන් වෙන් වශයෙන් සකස් කරන ලද විශේෂ කුටිවල තැන්පත් කළේය.
මියගිය අයගේ නම් ගම් සඳහන් කරන ලද විශේෂ පත්‍රිකාවක් පොලිතින් වලින් ආවරණය කරන ලද දේහයන් තුළට ඇතුලත් කරනු ලැබීය.
මියගිය කුඩා දරුවන් හයදෙනාට පමණක් මුස්ලිම් ආගමික වතාවන් පවත්වා අවසන් කටයුතු සිදුකරනු ලැබූ අතර අම්පාර මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයාගේ අධීක්ෂණය යටතේ මියගිය සියලු දෙනාගේ සිරුරු තැන්පත් කෙරිණි.
ආරක්ෂක අංශ විසින් සමන්තුරේ ප්‍රදේශයේ දෙවෙනි දිනටත් සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලැබූ අතර එහිදි එම්.16 උණ්ඩ 28 ක් කඩු 03ක්, පිහි 5ක්, තුවක්කු උණ්ඩ,කොපු 10 ක් සොයා ගැනීමට හැකිවිය.
සමන්තුරේ මල්ලාර් ප්‍රදේශයේ අත්අඩංගුවට ගත් දිගාමඩුල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී මොහමඩ් මන්සුර් මහතාගේ රියදුරුගෙන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසිය සමන්තුරේ මහේස්ත්‍රාත් අධිරණයෙන් ඉල්ලා සිටි අතර දින තුනක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට සමන්තුරේ මහේස්ත්‍රාත් එම්.අයි.එම් රිස්වි මහතා පොලිසියට නියෝග කළේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
අම්පාර සයින්දමරුදු බෝම්බ පිපිරීමෙන් මියගිය අයගේ අවසන් කටයුතු අද
Lasindu Ravishan Friday, 03 May 2019 11:53 AM
හොඳ වැඩක්.
isurandi Sunday, 05 May 2019 08:50 AM
සංවේදී . එත් මොනවා කරන්නද?