(ඩයනා උදයංගනී)
ජනාධිපතිවරයා අතින් ඇමතිවරයකු ලෙස පත්වීම ලබාගන්නා විට අප්පිරියාවක් ඇතිවූ බවත්, එම අවස්ථාවේ ඔහු සමඟ වචනයක් හෝ කතා නොකර ඉවත බලාගෙන පත්වීම් ලිපිය ලබාගත් බවත් ඉඩම් හා සංචාරක අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
තමන් අමාත්‍යධූරය ලබාගන්නා අවස්ථාවේ ඡායාරූපයක්වත් නැත්තේ ඒ නිසා බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
අප්පිරියාව නිසා රට වැටෙන තුරු බලා සිටීම ඊටත් වඩා අප්පිරියාවක් බැවින් ආසයි බයයි කියමින් නොසිට රට වෙනුවෙන් තීරණයක් ගත් බව කී ඇමතිවරයා ගෝඨාභය ජනාධිපතිවරයා ගෙදර යා යුතුය යන තම ස්ථාවරය දශමයක්වත් වෙනස් වී නොමැති බව ද කීවේය.
මේ අවස්ථාවේ කළ යුත්තේ සර් පාස් කිරීමට වඩා රට පාස් කිරීම බව කී ඇමති හරීන් ප්‍රනාන්දු මහතා ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉවත්කිරීම කළ යුතු ආකාරය ඇතුළු කරුණු 7ක් සම්බන්ධයෙන් ඇමතිධූරය ලබාගැනීමට පෙර අගමැතිවරයා සමඟ සාකච්ඡා කළ බව ද පැවසීය.
ඇමතිවරයා මේ බව පැවසුවේ කොළඹ දී අද (20) පැවති විශේෂ මාධ්‍ය හමුවක් අමතමිනි.
ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉදිරියට කොන්ද කෙලින් තබාගෙන ගොස් කතා කිරීමට හා බැණ වැදීමට තමාට අදටත් හැකියාවක් ඇතැයි ද හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
වත්මන් අභියෝගය සජිත් ප්‍රේමදාස මහතා භාරනොගත් අවස්ථාවේ එය භාරගත් රනිල් වික්‍රමසිංහ මහතාගේ කකුලෙන් අදින ප්‍රතිපත්තියක තමන් නොමැති බව කී ඇමතිවරයා ආණ්ඩුවට එක්වීමේ තම තීරණය හදවතින් ගත් එකක් බවත්, කලකදී විවේචනය කළ අය සමඟ එක් කැබිනට් මණ්ඩලයක අසුන් ගැනීම පහසු කටයුත්තක් නොවන බවත් කීවේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාගේ පච ගැන දැනගත්තු නිසා වෙන්න ඕනා මෙයාට හොරෙන් චායාරූප අරගෙන තියෙන්නේ.
අප්පිරියාවට හිනාවෙන කෙනෙක් දැක්කාමයි.
අපිට නම් පේන්නේ හිනාවෙනවා...
ගෝඨාභයට ඕනෑ වෙලාවකම පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් දාගන්න පුළුවන්... රනිල් කරන්නේ කොන්ත්‍රාත් එකක්. බැඳුම්කර බේරෙන්නයි, රාජපක්ෂලා හොරකම් වලින් බේරෙන්න කරන ඩීල් එකක්. දැන් තියෙන ආර්ථික ප්‍රශ්න පොඩ්ඩක් ලෙහා ගත්තු හැටිය මහින්ද ආයිමත් අගමැති... නැත්නම් බැසිල්, නැත්නම් නාමල්....
මේ ගොල්ලන්ගේ මුලු ජීවිතේම බොරුවක්... වගකීම් බාරගත්ත එක අගය කරනවා. නමුත් ඔය තරම් බොරු කියන්න එපා..
බොරු කාරයෙක්... තවත් අපිව අන්දන්න හදන නළුවෙක්...!
දන්න කෙනෙක් කියලා දෙන්න මට අප්පිරියාව කියන්නේ මොනවගේ දෙයක්ද කියලා ප්ලීස්...?
ඒ බව පැහැදිලිව පෙනෙනවා...
අහක බලාගෙන නෙවෙයි, හොඳට හිනාවෙලා මුහුණ බලාගෙන පත්වීම ගත්තේ ස්තුතියි කියලා... අපි දැක්ක විදිහට හරීන් සහ මනූෂ දෙන්නම ඇඳුම් ඇඳලා හිටියේ නැහැ.. ලැජ්ජාවක් තිබ්බේ නැහැ..
අප්පිරිය නම් ඇමති කම ගත්තේ ඇයි ? අප්පිරිය කම හොදට පේනවා මූනේ තියෙන සිනහවෙන්?
කඩපිලේ, ඉන්ධන, ගෑස් සහ කිරිපිටි පෝලිම්වල මේවන විට පැය ගණනින් කාලය ගතකරන රටේ පීඩිත ජනතාව පවතින දුෂිත දේශපාලනය අවසන් කර නව දේශපාලන යුගයක් රටට අවශ්‍ය බව මේවන විටත් තීන්දු කරතිබේ. පුරවැසියන් බලා සිටින්නේ එම දිනය එම අවස්ථාව ඔවුනට උදාවන තුරුය.
අනේ පව් අප්පා. කොච්චර කැප කිරීමක් කරන්න ඕනෙද ඇමතිකමක් ගන්න
මොහුගේ අදහස් නිවටය. ඔහු ඇමතිධූරයට නොසුදුසු වග පෙනේ.
මේ වගේම තමයි මේ මිනිහගේ වැඩත්.. කරන්නේ තනිකරම රඟපෑමක් . කිකියන්නේ එකක්.කරන්නේ එකක්. අපි හොඳටම දැක්කා ටීවී එකේ තෑතෑන්කූ සර් ගාගෙන ඇඹරීලා පත්වීම ගත්තු හැටි. තවත් ලැජ්ජා නැතුව බොරු බේගල් කියන කැත
බොරුවට මිනිස්සු රවට්ටන්න එපා.ඒ අවස්ථාවේ වීඩියෝ එක දැක්කාම අපිට තේරෙනවා ඇත්ත තත්වය.
හරිම අසංවර වාචාලයෙක්.
සර් ෆේල් කියපු කටින්ම සර් පාස් කියන්න පුලුවන් දැන් ඔබට. ලැජ්ජයි.
අප්පිරිය කමේ තරම කියන්නේ ඔලුවයි කොන්දයි දෙකම ටිකක් පාත් වෙලා.ඔක්කාරෙට එන්න ඇති.
බැලුවාම පේනවා.. අහක බලාගෙනද? අප්පිරියාවෙන්ද ලියුම ගත්තේ කියලා... තාම අපිව පැදගෙන යන්න තමයි අරගෙන තියෙන්නේ..
දේශපාලුවෝ කියන්නේ කිසිම ලැජ්ජාවක් නැති බලලෝභී, බඩගෝස්තරවාදී අවස්ථාවාදියන්. තමුන්ගේ වාසියට, පැවැත්මට එහෙට මෙහෙට පනින රිලවුන් වගේ කොටසක්. මහින්දගේ දෑත් ශක්තිමත් කරන්න පැනපු අයගේ කෙරුවාවල් ගැනත් අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.
ඔයා අහක බලාගෙනද ඉන්නේ...? ලැජ්ජා නැතිකම මහමුදලිකමටත් වඩා ලොකුයි.
ගත්තා නම් කටවහගෙන ඉන්නකෝ තව බොරුත් කියන්නේ.... ලැජ්ජාවක් නැති හැටි. පහුගිය දවස්වල ගෝඨාභය මහත්තයාට පලුයන්න බැන්නා. දැන් දෙකට නැමිලා පත්වීම් ගන්නවා. මේ කවුද මන්දා... මේ වගේ අය ඇමැතිකම් වලට දාගෙන රටක් හදන්න පුළුවන්ද?
මෙයා මේ විකාරයක් කියනවා. අසූචි කන කෙනා, අහක බලාගෙන වුණත් කන්නේ අසූචිමයි..!
‘‘තෑන්ක් යූ සර්‘‘ කියන එකේ තේරුම අප්පිරියයි කියන එකද?
මෙව්වා බලාගෙන ඉන්න බැරිව පත්වීම ගත්තා. ඒත් පාස්කු බෝම්බය පිපිරෙනකන් බලාගෙන හිටියා ඇඳ යටට වෙලා..
පින්තූර බොරු නොකියයි. හැමදාමත් බලන්නේ ජනතාව රවට්ටන්න.
ඇමැති පත්වීම ගත්තු හැටි ලෝකෙම දැක්කා. දේශපාලුවන් කවද්ද ඇත්තක් කිව්වේ? ලැජ්ජයි...
මේ යක්කු කියන දේවල් සත පහකට ගනන් ගන්න එපා. මෙයාලාට ඕන තනතුරු. හැබැයි කට ඇරියොත් ලොකු ටෝක්ස්. දැන් රටම දැක්කා බොරු කාරයින් කියලා. මුනුත් එකයි... උනුත් එකයි.
මේ ඔක්කොම වැරැදි කාරයින්... එකපාරක් අපේ ලස්සන රට විනාශ කළා.. ඔවුන් ගැන ලැජ්ජයි..
මේ වගේ අවස්ථාවාදීන් දකින්න අපිටත් අප්පිරියයි...!
අනේ මන්දා මේ පින්තූර දැක්කාම හිතට දැනුණු අප්පිරියාව නිසාමයි... මේ අදහස ප්‍රකාශ කළේ...!
ඔයාට ඔච්චර අප්පිරියයි නම් ඉල්ලා අස්වෙලා උගත්, බුද්ධිමත් මහබැංකු අධිපති වගේ මනුස්සයෙක් ඔතැනට එවන්න. මොකද මාරුවෙන් මාරුවට දෙගොල්ලන්ම කරේ රට විනාශය කරා ගෙනිච්චි එක විතරයි. මහජනතාව 225 ටම ගෙදර යන්න කියන්නේ අන්න ඒ නිසා..
අපිව මුලාකරමින් මෙයා කරන්නේ අපේ ඇස් රැවටීමක් නේද?
මේකද සර්ව පාක්ෂික කියන්නේ...! සර්ව පාක්ෂික කියන්නේ පක්ෂයේ නායකයන් එක්ක සාකච්ඡා කරලා තීන්දු තීරණ ගන්න එක නේද? නායකයනිට හොරෙන් කරන මේ වැඩ නිසා මේ ආණ්ඩුව අන්තර්ජාතික වශයෙන් පිිළිගැනීම තවත් හීනවෙනවා නේද?
ඒ බව පේනවා පින්තූරෙන්... කොච්චර අප්පිරියාවකින්ද හිටියේ කියලා...?
මේක තනිකරම අවස්ථාවාදී වැඩක්.. ගියපාර ඡන්දයෙන් පැරදිච්චි කෙනෙක්. මෙයාලාව පාර්ලිමේන්තුවට නොයවන්න තව සැරයක් ජනතාව දැනගන්න ඕනේ.
මේවා නම් ජනතාව රවටන විහිළු කතා. දේශපාලනයේදී තිබිය යුත්තේ පුද්ගලික තරහ විරෝධයට වඩා ප්‍රතිපත්තිමය එකඟතාවයන් හා සාමූහික අරමුණුයි. රට ප්‍රපාතයකට වැටුණු මොහොතේ පක්ෂ දේශපාලනයට වඩා ඉහළින් රට ගැන සිතීම සැමගේ වගකීමයි...!
අරගලයේ කොල්ලොත් එක්කගහපු ඩීල් එක අමතක කරලා. වෙන වෙන ගේම්වලට ගියොත් බේරෙ වැවේ දරුපවුල් එක්කම ඉන්න තමයි වෙන්නේ...
මෙයා මේකට තමයි සජි්තුත් ඇදගෙන එළියට ඇවිල්ලා UNP එකට කළේ. කට ඇරියොත් බොරු තමයි කියන්නේ...
මෙයාව පාර්ලිමේන්තුවෙන් පන්නා දාන්න.
අර කලු සාටකේ දැන් ගලවලාද? රංජන් නිදහස් කරගැනීම අමතක වෙලාද? මෙයා ටාගට් කළේ ලබන ඡන්දෙට ගම්පහ දිස්ත්‍රික්කයෙන් වැටෙන රංජගෙ මනාප ටික මිස රංජන් එළියට ගැනීම නොවේ. රංජන් ඔබ වීරයෙකි. ගම්පහ දිස්ත්‍රික්කයේ ක්‍රිස්තියානි ඡන්ද දායකයන් බයියන් නොවේ බහුතරයක් හොඳට ඉංග්‍රීසි කතාකරන්න දන්න ජාත්‍යන්තරය සමග ගනුදෙනු කරන උගත් මිනිස්සු බව අමතක කරන්න එපා..
කකුලෙන් අදින්න නෙවෙයි, බෙල්ලෙන්ම අල්ලලා දෙකක් දෙන්න ඕනේ... බලාගෙන ගියාම 2014 දී රාජපක්ෂලාගේ හොරකම් අල්ලන්න පොරොන්දු වෙලා, 2015 දී යටින් ඩීල් දමලා විජේදාස සමග එකතුවෙලා රාජපක්ෂලාගේ නඩු අල කිරීමට මහ මොලකරු වශයෙන් කටයුතු කරලා තිබෙන්නේ රනිල් බවට විශාල සාධාරණ සැකයක් රටේ ජනතාවට පෙනෙනවා. කවදා හරි දිනෙක ඡන්දයකින් සාටක නඩය ගෙදර යවනකොට රනිල්ගේ එජාපෙ සහ කලු සාටක නඩෙත් ගෙදර යවන්න ඕනේ. 3% වත් දෙන්න හොඳ නෑ. ඒක දුන්නොත් ඇවිත් ඩීල් දමලා අපිව හූරා කනවා. අපි පෝලිම්වල දුක් විඳින්නේ මේ ඩීල් කාරයින් හින්දා ... විපක්ෂය හරියට කෙළින් හිටියා නම් රාජපක්ෂලාට මෙතරම් විනාශයක් කරන්න හම්බවෙන්නේ නැහැ.
මෙයාගේ දෙබිඩි රඟපෑම් නිසා දැන් මුලුමහත් ජනතාවම අප්පිරියා වෙලා?
පත්වීම් ලිපිය ගන්නකොට දෙකට නැමිලා වැඳලා " තැනක් යූ සර් " කියනවා වීඩියෝ එකේ හොඳට පෙනෙනවා. එළියට ඇවිල්ලා කෙබර දෙසාබානවා. පින් මන්ත්‍රී කම හන්දා හොඳයි. ඡන්දයක් ඉල්ලන්න ගමට නම් යන්න හම්බවෙන එකක් නැහැ ගොයියෝ... මේ ප්‍රවෘත්තියට ලැබිලා තියෙන ප්‍රතිචාර කියෙව්වොත් බිම් මට්ටමේ සැබෑ තත්වය දැනගන්න පුළුවන්...!
අපිටත් දැන් ඔබතුමා අප්පිරියයි...!
මෙම අපූර්ව ඡායාරූප පළකිරීම ගැන ලංකාදීපයට ස්තුතියි...!
ජාතික ලැයිස්තු වරප්‍රසාදයෙන් පාර්ලිමේන්තුවට පැමිණි දේශපාලන පිම්පියෙක්...
ඔයා අහක බලාගෙනද ඉන්නේ...? ලැජ්ජා නැතිකම මහමුදලිකමටත් වඩා ලොකුයි...