
( තිළිණි ද සිල්වා )
අප රටට වාර්ෂිකව ඩොලර් මිලියන 130 ක ආදායමක් ලබා දෙන ශ්‍රී ලාංකීය ඇගලුම් කම්හලක් වූ කෙන්යාවේ පවත්වාගෙන යන බව කෙන්යාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.
එමගින් ශ්‍රී ලාංකිකයින් 64 දෙනකුට සහ කෙන්යාවේ වැසියන් 4,600 කට රැකියා උත්පාදනය වී ඇතැයි කෙන්යාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සීටි.
හෙළ ක්ලෝතින් නම් එම ඇඟළුම් කර්මාන්ත ශාලාවේ ආයෝජකයන් හා එරට ශ්‍රී ලංකා මහකොමසාරිස් වේලුපිල්ලේ කනනාදන් මහතා අතර හමුවක් ඉකුත් දා පැවැති අතර එහිදී මේ බව හෙලි විණි.
නයිරෝබි නුවර පිහිටි හෙළ ක්ලෝතින් ඇඟළුම් කර්මාන්ත ශාලාවට ගිය මහ කොමසාරිස්වරයා සාදරයෙන් පිළිගත් එහි කළමනාකාර අධ්‍යක්ෂ දිලංක ජිනදාස මහතා, නිෂ්පාදන ඒකක වටා කැඳවාගෙන යමින් කෙන්යාවේ ඔවුන්ගේ ආයෝජනවල පැතිකඩ සහ ක්‍රියාකාරිත්වය පිළිබඳව විස්තර කළේය.
තම සමාගම මෝස්තර නිර්මාණයේ සිට බෙදා හැරීම දක්වා ගෝලීය වෙළඳ නාම සමඟ සමීපව කටයුතු කරන බවත්, හරිත මූලාරම්භයන්, නවෝත්පාදන ව්‍යාපාරික විසඳුම් සහ සදාචාරාත්මක හා තිරසාර සේවා පරිසරයන් හේතුවෙන් අප්‍රිකාවේ නමක් දිනාගෙන සිටින බව කළමනාකාර අධ්‍යක්‍ෂවරයා පැවසීය.
මෙරටට විදේශ විනිමය ආදායමක් උත්පාදනය කරන බාහිර ආයෝජන සඳහා, ශ්‍රී ලංකාව විසින් ද සහයෝගය දැක්විය යුතු බව කළමනාකාර අධ්‍යක්‍ෂවරයා සඳහන් කළේය. කෙන්යාවේ දී ක්‍රියාත්මක වෙමින් පවතින ව්‍යාපාරික කටයුතු පුළුල් වීමත් සමඟම නැවත ශ්‍රී ලංකාව වෙත එවනු ලබන ආදායම ද ඉහළ යන බව ඔහු පැවසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ලන්කාවේ සමහරු කල්පනා කරනවා ඇති මෙකෙන් කොමිස් ඒකක් ගන්න ක්‍රමයක් ඇත්තෙම නැතිද කියල.
ඇයි? අපේ රටේ ඉඩ නැතිවද? නැත්තන් රැකියාවල් හොයන තරුණ තරුණියෝ නැතුවද? අපි දන්නවා මොනවද මේ ව්‍යාපාර පිටුපස සිද්ද වෙන්නේ කියලා...!
එතකොට, මගෝඩිස් අනික් රටවල කොම්පැනි මෙහේ ඇවිත් ඒ අයගෙ ෆැක්ටරි දාන්නෙ ඒ රටවල, සේවක සේවිකාවන් නැති නිසාද. ඔය වාගේ අය ඉදලත් මෙහෙම හරි රට, තියෙනවා කියන්නෙත් ලොකු දෙයක්.
ඇයි ඉතියෝපියාවේත් ලංකාවේ ආයතනයකින් කරන මේ වගේම එකක් තියෙනවා.. හැවෑස් වල... ඒවා ගැනත් විස්තර දාන්න කට්ටියට දැනගන්න..
චිනය යටතේ පාලනය වන ආයතනයක් තියෙනවා ඒකෙ නම ශ්‍රී ලංකාව.
අපරාදේ මේක ගැන හෙළිකළේ දැන් දේශපාලුවෝ මේක චීනෙට විකුනන්න පුලුවන්ද කියලා හොයලා බලයි.
ඔන්න පේනවා නේද මේවා තමා නියම විදේශ ආයෝජන මිලින 130 අවුරුදු පත රටට ගේනවා.
ගොඩක් හොඳයි. මාත් ආසයි කෙන්යාවේ එන්න. හෙල්ප් කරන්නකෝ දුප්පත් අපට.
ලංකාවේ ආයතන එක්සත් අරාබියේ තියෙනවා.
හොදයි පරිස්සමෙන් ඔකටත් වැඩේ දෙයි.