(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව සහ කොට්ටාව අතර කිලෝමීටර් 5 දශම එක දියගම ප්‍රදේශයේදී ලොරියක පිටුපස රෝද දෙකේ ටයර් පිපිරී යාම හේතුවෙන් ලොරිය මාර්ගය හරහා පෙරළිම හේතුවෙන් අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 8කට ආසන්න දුරකට දැඩි රථ වාහන තදබදයක් ඇතිවිය
මතුගම පැලවත්ත සිට කිරිදිවැලට පොල් රැගෙන යමින් තිබූ ලොරියෙ පිටුපස ටයර් පිපිරී යාම හේතුවෙන් මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි
ටයර් පිපිරීමත් සමඟ ලොරිය මාර්ගය හරහා යාම හේතුවෙන් ගාල්ල දෙස සිට කොළඹ දෙසට ගමන් ගන්නා රථවාහන පැය එකහමාරකට අධික කාලයක් එක තැන නතර වී තිබීමෙන් අනතුර සිදු වූ ස්ථානයේ සිට බන්ඩාරගම ගැලනිගම ආසන්න ප්‍රදේශය තෙක් දැඩි රථ වාහන තදබදයක් ඇති විය.
දක්ෂිණ අධිවේගී මාර්ගයට ඇතුළු කිරීමට පෙර තම රථයේ ටයර් පිළිබඳ සැලකිලිමත් වන ලෙස වාහන රියදුරන්ට කොතෙක් දැනුවත් කලක් ඒ පිළිබඳ තැකීමක් නොකිරීම හේතුවෙන් මෙවැනි අනතුරු වන බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.
මෙම අනතුරක් සමඟම ඇති වූ දැඩි රථවාහන තදබදය මඟහැරීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් පොලිස් පොලිස් විශේෂ කාර්ය බළකාය මෙන්ම ගැලනිගම පොලිස් රථවාහන අංශයේ නිලධාරීන් දැඩි වෙහෙසක් ගන්නා අයුරු ද දක්නට ලැබිණි.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
අධිවේගයේ අනතුරින් කිලෝමීටර් 8 දැඩි වාහන පෝලිමක්