
(ත්‍රිකුණාමලය අමදෝරු අමරජීව)
යුධ ගැටුම් සමයේ අතුරුදහන් වූවන් සෙවිම සදහා මෙරට ස්ථාපනය කර ඇති අතුරුදහන් වුවන්ගේ කාර්යාලය එක්සත් ජාතින්ගේ සංවිධානයට පෙන්විම සදහා ලංකා රජය කල බොරුවක් බව ත්‍රිකුණාමලය දිස්ත්‍රික් අතුරුදහන් වුවන්ගේ හා පැහැරගැනිමට ලක් වුවන්ගේ ඥාතින්ගේ සංගමයේ සභාපතිනි නාගේන්ද්‍රන් ජෙයලක්ෂමි පිල්ලේ මහත්මිය පැවසිය.
ත්‍රිකුණාමලය ආණ්ඩුකාර කාර්යාලය ඉදිරිපිට අඛණ්ඩව පවත්වාගෙන ආ සත්‍යාග්‍රහයට අද (03) වසරක් සම්පුර්ණවීම නිමිත්තෙන් පැවැති උද්ඝෝෂණයක් හා පා ගමනක් ආරම්භ කරමින් සභාපතිනිය මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් එසේ පැවසිය.
අතුරුදහන් වුවන් හා පැහැරගැනිමට ලක්වුවන් ගේ ඥාතින් විසින් අතුරුදහන් වු හා පැහැරගැනිමට ලක් වුන්ගේ ඡායාරූප ප්‍රදර්ශනය කරමින් මෙම විරෝධතාවය පැවැත්විය.
මෙහිදි තවදුරටත් අදහස් දැක්වු සභාපතිනි නාගේන්ද්‍රන් ජෙයලක්ෂ්මි පිල්ලේ මහත්මිය,.... “එක්සත් ජාතින්ගේ සංවිධානයේ ඉල්ලිමට අතුරුදහන්වුවන් සෙවිම සදහා පත්කල අතුරුදහන් වුවන්ගේ කාර්යාලයේ ඉන්න අය අතර මෙම අතුරුදහන් හා පැහැරගත් ඒවාට සම්බන්ධ අය ඉන්නවා. ඒතුල අපට මේ කාර්යාලය තුලින් සාධාරණයක් ඉටුවන බවට විශ්වාසයක් නැහැ. පසුගිය කාලයේ අතුරුදහන්වුවන් හා පැහැරගැනිමට ලක්වුවන් සෙවිම සදහා කොමිසන් සභා පත් කළා. ඒවායේ වාර්තා අදටත් එළි දැක්වුයේ නැහැ. අතුරුදහන් වුවන්ගේ කාර්යාලයටත් වෙන්නේ මේ ටික. අපේ දැවෙන ප්‍රශ්නයට පිළිතුරු ලබාදිම ප්‍රමාදවිමක් විතරයි මේ කාර්යාලයෙන් වෙන්නේ....ජනාධිපතිතුමා අතුරුදහන් වුවන්ගේ කාර්යාලයට සාමාජිකයන් පත් කළද අපේ විශ්වාසයනීය භාවය ඒ තුල නැහැ. එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලය ඉදිරි දිනවල ජිනිවාවලදී රැස්වෙනවා. අපි යෝජනා කරනවා අතුරුදහන් වූවන් හා පැහැරගැනිමට ලක් වූවන් සෙවිම සඳහා ජාත්‍යන්තර කොමිසමක් පත්කරන්න කියලා. අපි විශ්වාස කරනවා ඒ තුලින් අපට සාධාරණය ඉටු වේවි කියලා.“ යැයි සඳහන් කළාය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න ඩොලර් උදෙසා කෑගහන කෙනෙක්. මේ අතුරුදහන් වූවන්ගෙන් බොහොමයක් දෙනා ඉන්නේ. ඩයස්පෝරාවේ රැකවරණය ලබමින් පිටරට...මේ ගොල්ලෝ මෙහෙම උද්ඝෝෂණය කරනවට මේ ගොල්ලන්ට ගෙවනවා. ඒ නිසා අපි කලබල නොවිය යුතුයි. මේ ගොල්ලෝ කොහෙද දන්නේ නැහැ හිටියේ පහුගිය ආණ්ඩුව කාලයේ? නැට්ට පස්ස පැත්තේ ගහගෙන හිටපු කට්ටිය. දැන් කතා කරන්න නිදහස ලැබුණාම උඩුබුරන්න පටන් අරන්....
තවම මේකට අදහස් නැහැ නේ. අතුරුදහන් වුනේ දෙමල කට්ටිය නිසා වෙන්න ඇති.. නැත්තම් මෙලහට අදහස් පෝලිමක් තියෙයි
මේ ගොඩක් අය අතුරුදන් වෙලා තියෙන්නේ තමන්ගේ වගාවන් ආරක්ෂා කරන්න ආයුධත් අරන් යනකොට වෙන්න ඇති. නැත්නම් යුද්ධයකට සක්‍රියව දායක වෙලා අසරණ සිවිල් ගම වැසියන්, කුඩා දරුවන්, බඩදරු මව්වරුන් අමු අමුවේ ඝාතනය කරලා අතුරුදන් වුන පිරිසක් වෙනුවෙන් මේ වගේ සාධාරණයක් කරන්න කියල උද්ඝෝෂණය කරන්නේ නැනේ ශිෂ්ට සම්පන්න මිනිස්සු. ඒ නිසා කරුණාකරලා මේ අය ගැන හොයල බලන්න.
අර ලන්ඩන් වල කොඩි උස්සන් අපු කොටි අතරේ ඔය අතුරුදහන් වෙච්ච අයගෙන් බාගයක් ඉන්නවා. ඒවා ගැන හොයන්න රජයට උවමනාවක් නැහැ නමුත් මේ වගේ බෝඩ් කැලි එල්ලගෙන ලෝකෙට ලංකාව අවමාන කරන කට්ටිය ගැන නම් හොදට හොයනවා.
අතුරුදන් වූවන් බෝහෝදෙනා ඉන්නේ යුරෝපයේ වෙනත් නම භාවිතා කරමින් මෙය රජය අපහසුතාවයට පත්කරන්න කරන උපායමාර්ගයකි.
අතුරුදන් වූවන් ඉල්ලන්නේ කාගෙන්ද? එක්කෝ වෙඩිකාලා මැරිලා.. නැතිනම් රටින් පැනලා. දෙවෙනි ලෝක යුද්ධයේදී අතුරුදන් වූවන් ගැනත් මේ විදිහට සෙව්වාද? 1989 කාලේ සිදුවුණු අතුරුදන් වූවන් ගැණත් මෙහෙම සෙව්වාද? ඒ අතුරුදන් වූවන් සියල්ලම ත්‍රස්තයින් ගොඩේම ඇති.... රජය කොහොමද දන්නේ මේ අය කොහොම අතුරුදන් වුණාද කියා?
සිංහල අතුරුදහන් වූ අය ගැන අහන්න ඉන්නේ කවුද?
ඕකට උත්තර ප්‍රභාකරන් ගෙන් ගන්ඩ අපායට යන්ඩ වෙයි.