අංජුල මහික වීරරත්න
අටවැනි යොවුන් පුරයට සහභාගි වීම සඳහා අද (31) පස්වරුවේ ත්‍රිකුණාමලයට පැමිණි අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග සෙල්ෆි ඡායාරූප ගැනීමට තරුණ තරුණියෝ උනන්දු වූහ. සිය රාජ්‍ය තාන්ත්‍රික ප්‍රතිරූපය පසෙක තබා දිවයිනේ සතර අතින් පැමිණි තරුණ තරුණියන් හමුවි සුහද සාකඡාවක නිරත වීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද පසුබට නොවීය.
ත්‍රිකුණාමලය මැක්හෙයිසර් ක්‍රිඩාංගනයේ පැවැත්වෙන අටවන යොවුන් පුරයට දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම නිජෝජනය කරමින් තරුණ තරුණියෝ 6000 ක් පමණ සහභාගි වි සිටිති.
දිස්ත්‍රික් අනුව බෙදී ක්‍රිඩාංගණයේ කඳවුරු ලා සිටින තරුණ තරුණියන් හමුවට ගිය අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට තරුණ ප්‍රජාවගෙන් ලැබුණේ ඉතා ඉහළ ප්‍රතිචාරයකි. අටවන යොවුන් පුරයේ සමාප්ති උළෙල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අති උත්කර්ෂවත් අයුරින් හෙට (01) පැවැත්වීමට නියමිතය.
(ඡායාරූප - ඉෂාන් සංජීව)
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
අගමැති සමග සෙල්ෆි ඡායාරූපයක්
බටලන්ද Sunday, 02 April 2017 03:13 AM
රනිල් එක්ක ගහන සෙල්ෆි වල ඇති වටිනාකම මොකක්ද?