IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අගමැති කතරගම යයි

(කතරගම කේ. ඩී. දේවප්‍රිය)

අග්‍රාමාත්‍ය මහින්ද  රාජපක්ෂ මහතා කතරගම  පුදබිමට  පැමිණ  විශේෂ  ආගමික  වතාවත්වලට අද (14) එක්විය.

ප්‍රථමයෙන්  කිරිවෙහෙර  වැඳපුදාා, අනතුරුව  කතරගම  අෂ්ඨ ඵලබෝධිය  වන්දනා කර කතරගම  දේවාලය  වෙත පැමිණ පළතුරු පූජාවක් තබා දේව ආශිර්වාද ලබාගත්තේය.



අදහස් (11)

අගමැති කතරගම යයි

Ajith Saturday, 14 December 2019 08:32 AM

පන්සල්, දේවාල වල යනවා ඇරෙන්න වෙන වැඩක් නැහැ...

:       1       264

Dil PereraSaturday, 14 December 2019 02:17 PM

ඇයි අජිත්, ඕගොල්ලන්ගේ ගෙදර නාව එක ගැනද දුක? සතියේ දින 5ක්ම වැඩකොට, අවුරුදු 74ක් වයසැති අපේ අගමැතිතුමා සෙනසුරාදා දවසක පන්සලකට යාමත් හිරගෙදරට යවන්න තරම් වරදක්ද? කරු ජයසූරිය මහත්තයා බලන්න. එයාත් මේ වගේ තමා. හැබැයි රනිල් හාමු සහ සජිත් බේබි පන්සල් යන්නේ ඡන්දය කිට්ටුවුණාම පමණයි.

:       44       139

bandaSunday, 15 December 2019 08:31 PM

ගස් ගල් වලට වදින්නේ මිසදිටුවෝ

:       26       125

siri Saturday, 14 December 2019 08:51 AM

නොදැන ගියොත් අතරමඟ කියලයි කියන්නේ...

:       0       40

නාගසේන Saturday, 14 December 2019 02:23 PM

ආ අර පවුල්, පන්සල් වෙලා ඉන්න අයත් ඉන්නේ...

:       1       5

Champa Saturday, 14 December 2019 02:31 PM

සිංහල අපේ පුද පූජා සිරිත් විරිත් ඒ විදිහටම රැකගෙන ඉදිරියට ගෙනියන්න ඕනේ. අපි අන්‍ය ජාතීන්ගෙන් අන්‍ය රටවලින් වෙනස් වෙන සුවිශේෂී අනන්‍යතාවය පෙන්නුම් කරන්නේ අපේ චාරිත්‍ර වාරිත්‍ර, අපේ සංස්කෘතිය, ඇදහිලි සහ සහ පුද පූජා වලින්. අපි දෙවියන් විදිහට වන්දනා කරන හැම දෙවි කෙනෙක්ම බුදු දහම හා සම්බන්ධයි. හින්දු දෙවිවරු සහ අපේ දෙවිවරු අතර වෙනස ඒකයි. මගේ රටටත් අගමැතිතුමාටත් කතරගම දෙවි පිහිටයි.

:       430       129

bandaMonday, 16 December 2019 09:31 AM

දේව සංකල්පය සහ ගස්ගල් වලට වැඳීම නූතන සමාජයේ නම් මෝඩ වැඩ ප්‍රදර්ශනය කිරීමක්..

:       43       44

ChampaMonday, 16 December 2019 01:14 PM

කොයි ආගම ගැනද ඔය කියන්නේ? මෝඩ වැඩ ප්‍රදර්ශනය කිරීම කිව්වේ කොයිකටද? හින්දුන් ශිව ලිංගය නමස්කාර කිරීමද? ක්‍රිස්තු භක්තිකයන් දේව පිළිමයට වැඳීම සහ කුරුසය පැළඳීමද? මුස්ලිම් භක්තිකයන් පල්ලි යනකොට තොප්පියක් දැමීමද? බයිබලය සහ කුරානය ශුද්ධ වස්තු ලෙස පිදීමද? නත්තල සැමරීමද? මක්කම යාමද? ප්‍රංශයේ ලූඩ්ස් ශුද්ධ ජලය පානය කිරීමද? මොකක් ගැනද ඔය කියන්නේ? සෑම මිනිහෙකුටම අනුන්ගේ ගැරහුමට ලක් නොවී තමන්ගේ ආගම අදහන්න නිදහස තියෙනවා. ඔබට ආගමක් නැති එක අනුන්ගේ ආගම වලට ගරහල පිරිමහ ගන්න හදන්න එපා. දේව සංකල්පය කියලා එකක් බුද්ධාගමේ නම් නැහැ. සිංහලයන් දෙවියන් විදිහට වන්දනාමාන කරන්නේ බුදුදහම සහ සම්බන්ධ දෙවිවරු සහ අපේ පැරණි රජවරු. කතරගම දෙවියන් කියන්නේ මහාසේන රජ්ජුරුවෝ. මහාසේන තාණ්ඩවය කියලා එකක් අහලා තියෙනවද? කතරගම තියෙන්නේ ජය ශ්‍රී මහා බෝධියේ මුලින්ම ආපු ඵල 8න් එකකින් පැලවුනු බෝගසක්. බෝ ගසට වඳින්නේ බුදුරජාණන් වහන්සේ තමන්ට බුදු වෙන්න පිටදුන් බෝධියට කෙලෙහි ගුණ සැලකීමට සත් සතියෙන් එක සතියක් වෙන් කරලා කෙලෙහි ගුණ දැක්වීමේ අගය බෞද්ධයන්ට කියලා දුන්නු නිසා. ක්‍රිස්තියානි භක්තිකයන් කුරුසය ඉදිරිපිට යාඥා කරන්නේ ඇයි කියලා දන්නවද?

:       245       1132

Chathuri Sunday, 15 December 2019 09:40 PM

පුදුම වැදිල්ලක් වදින්නේ හැබැයි පැරදිලා යනකොට.?

:       17       8

vidya Monday, 16 December 2019 12:14 AM

දෙවියන් සහ දෙවිවරුන් කියන සංකල්පය ඇති කලේ මිනිසා භීතියෙන් යටත් කරගෙන පාලනය කරන්ට.. මිනිසාට පමණයි දෙවියෙකු හෝ නරුමයෙකු වන්නට පුළුවන්. බෞද්ධ දර්ශනය තේරුම් ගෙන ජීවත් වන මිනිසාගේ දෙවියා ඔහු හෝ ඇය මයි. වෙන නොදකින අද්භූත බල වේගයක් මෙලොව නැත.

:       11       25

Nandalal DE SILVA - France Wednesday, 18 December 2019 08:07 PM

මහින්ද වගේම අපටත් බැරිද පුටුවක වාඩිවෙලා බණ, පිරිත් එහෙම අහන්න? ඒත් එයා ලඟම ඊටත් වඩා උස අසුනක, කළු කන්නාඩි දමා ගෙන ඉන්න කෙනා කවුද ? දැන් ඉතින් වයස නිසා වෙඩි නොවදින රියෙන් උනත් යන එක ඇඟට අමාරු නිසා මහින්ද කතරගම වන්දනාවේ ගියේ දඬු මොණරෙන්ද ? දන්නේ නැති නිසයි ඇහුවේ. දන්නා කෙනෙක් ඉන්නවා නම් එය පැහැදිලි කර දුන්නොත් පින් සිද්ධ වෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 208 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site