සිවුදින නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව ගිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (07) පස්වරුවේ නවදිල්ලි නුවර ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ළඟාවිය.
ඉන්දියාවේ මානව සම්පත් සංවර්ධන, සන්නිවේදන, විද්‍යුත් සහ තොරතුරු තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය සන්ජේ දෝත්‍රා මහතා ගුවන් තොටුපොළේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පිළිගත් අයුරු.




ඡායාරූප - ඒ.එෆ්.පී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ අගමැතිව පිළිගන්න ඇවිල්ලා තියෙන්නේ කවුද? හැබැයි මෙහෙ කොහොමද? නිකම්ම නිකම් ඉන්දියන් මහකොමසාරිස්ටත් පුළුවන් ලංකාවේ ජනාධිපති, අගැමති, කථානායක, විපක්ෂනායක තමන්ගේ දෙපතුළ ලඟට ගෙන්න ගන්න. අගමැතිතුමා යන්නේ ඉන්දියාවෙන් ඩොලර් මිලියන් 450ක ණයක් ගන්නලු. ඉන්දියාව කියන්නේ හරිම ලෝබරටක්. කවදාවත් ලේසියෙන් සල්ලි දෙන්නේ නැහැ... තමන්ට වාසියක් නැත්නම්. වහල් ආණ්ඩුව ආපු ගමන් වියදමට සල්ලි නැතුව ඉන්න කොට ඉන්දියාවෙන් ණයක් දීලා ඒක හරියටම දීපු දවසේ ඉල්ලුවා. තව එක දවසකින්වත් දිනේ දික් කරන්න බැහැ කිව්වා. ඊට පස්සේ රනිල් වෙන කොහෙන්ද ණයක් අරන් ඒක ගෙව්වා... මේ සල්ලි ඉන්දියාවේ නෙමෙයි. මේ සල්ලි දෙන්නේ ඇමරිකාව. ඇමරිකාව එම්සීසී ගිවිසුමට ලංකාව හිර කරන්න හදන්නේ ඉන්දියාවත් එක්ක එකතුවෙලා. මෙච්චර දෙයක් තේරෙන්නේ නැති දේශපාලකයින් ඉන්න එකම රට ලංකාව. අර නොදියුණු අප්‍රිකානු රටවල කුස පොත්තට ඇලිලත් ඒ මිනිස්සු සුද්දන්ට රටේ සම්පත් ගන්න දෙන්නේ නැහැ. තව එක සතයක් ණය ගන්නේ නැතුව අපේ රට හදන්න පුළුවන්කම තියෙද්දී මේ පින්බිම පාවා දෙන්න එපා අගමැතිතුමා. ඉතිහාසයේ කළු අකුරින් තමන්ගේ නම් ලියවෙන්න ඉඩ තියන්න එපා.
චම්පා නමින් කොමෙන්ට් දාන මහත්තයෝ, ඔයාට ආර්ථිකය ගැන දැනුමක් නැහැ... දන්නා දේ ගැන පමණක් කථා කරන්න. MCC ලංකාවට හොඳ දෙයක්, කඩාකප්පල් කරන්න නම් එපා රටේ ඉදිරි ගමන...
එදා සිරිමා මැතිණියව පිළිගන්න ශ්‍රීමති ඉන්දිරා ගාන්ධි අගමැතිතුමියම නවදිල්ලි ගුවන් තොටට පැමිණියා. අද අහලාවත් නැති පහළ ඇමති වරයෙක්...! අපේ රටට ගිය කලක් අනේ...
යලි හිඟමනේ යන එක නවත්වන්න මගේ දෙයියෝ...
බයිලා ගහලා බලය ගත්තට වඩා හොඳයි විපක්ෂයේ හිටියා නම් කියලා හිතෙනවා ඇති දැන් නම්... මෙහෙමත් හිඟාකෑමක්. එහෙම වුණත් තව නිකමුන් ලක්ෂයක් බෝ කරන්න කොළ බෙදන්නේ මොකටද? කොහෙන් හිඟා කාලා පඩි දෙන්නද නිකමුන්ට...?