
(ටී.කේ.ජී.කපිල සහ ළහිරු හර්ෂණ)
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ඉතාලියේ සංචාරය සදහා අද අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් ඉතාලි බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය .
අගමැතිවරයා සමග දූත පිරිස 17 දෙනෙක් ද ඉතාලිය බලා පිටත්ව ගියහ
මෙම පිරිස අද දින අලුයම 03.15 ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 649 දරන ගුවන් යානයෙන් , මුලින්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි වෙත ගොස් එතැන් සිට වෙනත් ගුවන් යානයකින් ඉතාලිය වෙත ගමන් කිරීමට නියමිතය .


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට මෙච්චරම අමාරු තත්වයකට වැටිලා තියෙන වෙලාවේ, මම හිතන්නේ මේක නොගිහින්ම බැරි ගමනක් වෙන්න ඇති කියලා...
රටේ වටිනා ඩොලර් විනාශ කරනවා, අනිත් කෙනා යනවලු එන සුමානේ. වහළු බලං ඉඳලා හුරේ දානවා.
තල නම් තෙලටය... මී බෙටි නම් කුමටද?
මේ ගොල්ලන්ට කවුද මේ දේශනාවලට අරාධනා කරන්නේ..., ගිය රජයේ අගමැතිතුමත් කලේ ඕක විතරයි..
සුබ පතනවා
ගියපාර පුද්ගලිකව වෙන්කරගත් ශ්‍රී ලන්කන් ගුවන් යානයකින් සීයක් විතර කට්ටිය සමග මිලානෝ ඇවිල්ලා නැවතුණේ ඉතාලියේ මිල අධිකම සැවෝයි හෝටලේ. ආපු ඔක්කෝම බාර් එක හිස් වෙනකල් මිල අධිකම නැපෝලියන් බ්‍රැන්ඩිලු බිව්වේ... අගබිසවගේ පරිවාර සේවකයාට නිතරම ලොක්කාගෙන් අැමතුම් ලැබුණා.. මා දුටුවා එක්තරා නුවර හාදයෙක්ගේ ගෙදරදී. ඒ ඔක්කොගෙන්ම කියැවුනේ මැඩම් මිලානෝවල සාප්පු සවාරිය යනවිට කැමරාවලින් පරිස්සම් වන ලෙසයි...
ඉතිරි ටිකත් කාපල්ලා...
අප්පච්චිගේ මුහුණ තමාගේ පිටේ පච්ච කොටාගත්ත මන්ද බුද්ධිකයින් ඉන්නෙත් ඉතාලියේ නේද? පොඩ්ඩක් එළියට ඇවිල්ලා කැමරාවකට පිට පෙන්නන්නකෝ...
යනකොට ඩුබායි හරහා බලමු එනකොට කොහෙන්ද කියලා. අනේ මන්දා කළු සල්ලි සුදුකරන පනතකුත් සම්මත කරගත්තා. අනේ මන්දා සුදු වෑන් එකක් මාව හොයාගෙන එයිද මන්දා...?
පරිස්සමෙන්... කොරෝනා වැඩියි ඉතාලිවල...
ඔය යන්නේ සැන් මැරිනෝ වල තියෙන සල්ලි ටික ගේන්න
මෙත්මල් පිබිදේවා...!!
කතාවක් පවත්වන්න නේද යන්නේ... ඇයි කතා පවත්වන්න සිංගප්පූරුවේ අගමැතිට ආරාධනා නැත්තේ?
මේ පවුලම කතෝලික. ඔක්කොමලා බව්තීස්ම වෙලා ඉන්නේ.
නියමයි
අගමැතිවරයා සමග දූත පිරිස 17 දෙනෙක්...
සිය ගාණට මෙහෙ මිනිස්සු මැරෙනවා. ඉස්පිරිතාලවල ලෙඩ්ඩුන්ට ඉඩ නැහැ. බෙහෙත් නැහැ. ගොවියන්ට පොහොර නැහැ. ගුරුවරුන්ගේ පඩි වැඩි කරන්න සල්ලි නැහැ. ගුරුවරු තවමත් වර්ජනයේ. ළමයින්ට අධ්‍යාපනය නැහැ. සාමාන්‍ය ජනයාට හාල් නැහැ, සීනි නැහැ. කෑම ගන්න සල්ලි නැහැ. සියලු ව්‍යාපාර කඩා වැටිලා. ආනයන සියල්ල නතර වෙලා. පිටරට ඉගෙන ගන්න දරුවාගේ වියදමට එක ඩොලර් එකක් යවාගන්න සාමාන්‍ය මිනිහෙක්ට බැහැ... රටේ ඩොලර් නැහැ. රට ගිනි ගනිමින් පවතියි. මෙයා 17ක් එක්ක සම්මන්ත්‍රණ අමතන්න ඉතාලි යනවා. රටට හෙන ගැහුවත් එයාගේ සැප එයා ගන්නවා. මාර දේශප්‍රේමියා...
ආයතනයක් ඒ ආයතනයේ ප්‍රධානියාට අයිති වුවත්, රට අයිති අපි හැමෝටම මිසක් රාජපක්‍ෂලාගේ බූදලයක් නොවේ.. රාජපක්‍ෂලා කියන්නේ ඡන්දයෙන් අපි විසින් පත් කළ අවුරුදු 5ක බාරකරුවන් පමණි. ඔවුන් මේ පාලනය හරියට නොකරනවා නම් ඔවුන් ගෙදර යැවීම ජනතාව වන අප සතු බලයකි... නාඩගම් වානා... ඔන්න ඕක තේරුම් ගන්න බෑනේ අපේ වහලුන්ට...
හරියට ඇවිද ගන්නවත් බැරිව, විශේෂ පුටුවක හිඳගෙන, නිදාගෙන විවේක ගනිමින් හිටපු මේ හාදයා, මේ යන්නේ නොගිහින්ම බැරි ගමනක් කියලයි මට ආරංචි. ඔය කියන ඉතාලියේ බෝලොන්ඥ ප්‍රදේශයේ කොහෙවත් ජාත්‍යන්තර මට්ටමේ විශේෂ රැස්වීමක් මේ මාසයේ 26 වෙනිදා වෙනකම් නැති බව එංගලන්තයේ ඉතාලි තානාපති කාර්යාලයෙන් මම සොයාගත්තා. බෝලොන්ඥ සිට සැන්මරිනෝ (ලෝකයේ ඇති විශේෂම කළු සල්ලි සඟවන ප්‍රදේශය) වලට අහසින් කිලෝ මීටර් 110ක් පමණයි තියෙන්නේ. මිනිත්තු 15 ක පමණ අහස් ගමනක්. පිටරටවල සැඟවූ කළු සල්ලි දැන් එළියට අදින්න පුළුවන්... රටේ මිනිස්සුන්ගෙන් කොල්ල කා සැන්මරිනෝ වල සඟවා ඇතැයි සැකකරන කළු සල්ලි ගෙනෙන්නද මේ පාතාලයේ "ගෝඩ් ෆාදර්" තම අවසන් ගමන යන්නට යන්නේ..? " සෙලෙන්දිවා " වල ආයෝජනය කරන්න යන්නේ ඒ කළු සල්ලිද...? අපි බලාගෙන ඉඳිමු. කෙසේවෙතෙත් මෙයාගේ මේ ගමන ගැන, යන එන තැන්, කන බොන ... ඔක්කොම දේවල් නිරීක්ෂණය කරන්න ඉතාලි ජාතිකයින් කිහිප දෙනෙක්ම නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නවා...
පේන හැටියට නම් කළු සල්ලි කෝටි ගාණක ෂොපින් කරයි. ප්‍රශ්නයක් නැහැනේ.. ඒ ගොල්ලන්ගේ සල්ලි නොවන නිසා මේ රටේ දුප්පත්, අහිංසක බඩගින්නේ මැරෙන මිනිස්සුන්ගෙන් කොල්ලකාපු සල්ලි...
මේ යන්නේ මොන ගමනද?
අනේ මේ හාදයා මේ දුප්පත් රටේ මිනිසුන්ගේ ධනය කොයිතරම් විනාශකරලා තියෙනවාද? අපිව පරම්පරා ගාණකට ණයකරලයි කවදා හරි යන්නේ...
මායියා සහ 16දෙනා... මේ මොකද අප්පා..?
ආයේ මේ රටට එන්න නම් වරම් දෙන්න එපා දෙවියනේ...!!!
අපිට හොඳ ආරංචියක් දෙන්න ඉතාලි වලින්...
මම මේ නොදන්නා නිසයි අහන්නේ.., ඉතාලියේ කෞතුකාගාරවල ජුලියස් සීසර් පාවිච්චි කළ රත්තරන් කඩු එහෙම තියනවාද? ඒ වුණාට මට නම් ඉතාලිය ගැන මහා මොකක්ද අමුතු බයක් දැනෙනවා අප්පා?
රටේ සල්ලි කාලා කාලා මුන්ගෙම ව්‍ය්‍යාපාර වලට සල්ලිත් හොයාගෙන එයි.
69 ට හරි සනීප ඇති දැන්..
අපිට ලැජ්ජා වෙන විදියට වැඩ කරන්නෙපා... ඔහේලා වගේ නෙවෙයි අපි මහන්සි වෙලා වැඩ කරලා ජීවත් වෙන මිනිස්සු. අපිට ආත්ම ගරුත්වයක් තියනවා...
ඉතාලියේ සිටින සියළුම බුද්ධිමත් ශ්‍රී ලාංකිකයින්ගෙන් ජාති හිතෛෂිව ඉල්ලා සිටින්නේ මේ ගෝඩ් ෆාදර් සහ මායියා යන එන තැන් කරන කියන දෑ ගැන විමසිලිමත් වන්න වීඩියෝ කරලා ශ්‍රී ලාංකිකයින් විගස දැනුවත් කරන්න.
මැරෙන්න ඉස්සෙල්ලා සැන් මැරිනෝ වල හංගපු කලු සල්ලි ගෙනියන්න එන්නේ..
කළු කොඩි දමා හූ වර්ෂාවකින් පිලිගත්තා කියා ආරංචියි...
කමෙන්ට්ස් වලින් හිතා ගන්න පුලුවන් සියලුම දේවල් .
දෙයියනේ කියලා රස්සාවක් කරගෙන නිදහසේ ඉතාලියට වෙලා ඉන්න. අපිව ලැජ්ජා කරන්න එපා. ඔය පවුලම මොනවගේ අයද කියලා ලංකාව ගැන නොදන්නා ඉතාලිකාරයින් පවා දන්නවා. සාටකෙත් පටලවාගෙන මොකට මෙහේ ආවාද? යන්න වෙනරටක් ඇත්තෙම නැද්ද?
යන්න යන්න ගිහින් ඒන්න
ජනතාව කැප කිරීම් කරන්න සූදානම් වෙන්න..
සියළු දෙවි පිහිටෙන් නැවත එන්න නම් එපා...!!!
ඉතාලියේ ලංකා තානාපති නීලා වික්‍රමසිංහ ගායිකාවයි.. දැන් ඇවිත් සිංදුවක් එහෙම කියලා පිළිගනියි නේද?
රජයේ සේවකයින්ට කැපකිරීම් කරන්නලු. අපිට සොච්චම් පඩි. මෙයාලා බුරුතුපිටින් රටේ ධනය නාස්ති කරනවා.
මෙි වෙලාවෙ මොන සංචාරද .රටෙි තත්වය ගැන හිතන්න බැරිද මොන තරම් වියදමක්ද යන්නෙ ඔය ගමන් වලට .පව් දුප්පත් මිනිස්සු අද වේල කන්න නැතුව ඉන්නව .අපේ අගමැති තුමා සංචාර කරනව .කාට කියන්නද .මහජනතාවගෙ මුදල්නෙ වැය වෙන්නෙ. දුකයි අපට
වැඩේ මෙයාල ලංකාවට කියල ආව විදිහෙ ජාත්‍යන්තර සමුලුවක් අපි ඉන්න ඉතාලි රටේ නම් නැහැ. අර කියනවා වගේ ඉතාලි රට ඇතුලෙ තියෙන වෙනම රාජ්‍යක් වන සන් මරීනො වලට නම් ගොඩක් ලඟයි මෙයා එන තැන. නැත්නම් ඩමියට බ්‍රෑන්ඩඩ් ගන්න වෙන්න ඇති. මොකද එයා පාවිච්චි කරන එක හෑන් බෑග් එකක් ලක්ස දහයට වැඩිනෙ