තුසිත කුමාර ද සිල්වා
දරු මුනුබුරන් 90 දෙනෙකු සමඟ තම 95 වැනි උපන් දිනය දා දර්ගා නගරයේ කොටපිටිය පදිංචි ජිමෝනිස් ලියනගේ මහතා ආගමික වතාවත් සිදුකොට දානමය පිංකමක් පැවැත්වීය.
1951 වර්ෂයේ මිට්ලින් ගුණරත්න මහත්මිය සමඟ විවාහ වී ඇති ඒ මහතා දරුවන් නව දෙනකුගේ පියෙකි. බිරිය මිට්ලින් ගුණරත්න මහත්මිය මේ වන විට අසූපස් වන වියේ පසුවන්නීය. වැඩිමල් දියණියට වයස 64 කි. බාලම දියණියට වයස අවුරුදු 46 කි. තෙවැනි පුතා වූ ජයන්ත වයස අවුරුදු 46 දී මිය ගොස් ඇත.
අනිත් දරුවන් අටදෙනාත් බෑනාවරු ලේලිවරු නව දෙනාත් මුනුබුරු මිනිබිරියන් විසි නව දෙනෙකු ද, මුණුබුරු මිණිබිරියන්ගේ දරුවන් තිස් හත් දෙනෙකු ද, එම මුණුබුරු මිණිබිරියන්ගේ දරුවන් දා හත්දෙනෙකු ද සමඟ ජිමෝනිස් මහතා හා මිට්ලින් මහත්මියගේ පවුලේ සාමාජිකයින් ගණන අනූ හත් දෙනෙකි. ලියනගේ මහතා ඔවුන් සමඟ සතුටින් කාලය ගත කරයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබලාට දිඝායු වේවා !!!
මෙන්න නියම මිනිස්සු, තව තවත් දිර්ඝායු වේවා! ජාතිවාදියි කියලා හිරේ දාන්නත් බැරි නෑ.... යහපාලන පොලිසියට ආරංචි වුනොත් එහෙම!!!
ඔබතුමාට නිදුක් නිරෝගී සුවපත් දිවිපෙවෙතක් සැමදාම ලැබී මේ ලෙසම සතුටින් සිටින්නට වාසනාව ලැබේවා. එමෙන්ම ඔබතුමාව රැකබලාගන්නා සැමදෙනාටම දීර්ඝායු වේවා..!!!
මෙන්න නියම ලාංකික පවුලක්. 70 දසකයේ පුංචි පවුල රත්තරන් කියා ගෙනාපු ජාතිද්‍රෝහී සංකල්පයට හසු නොවන පවුලක්. දීර්ඝායුෂ පතනවා!
දර්ගා නගරයේ ඉඳලත්, ප්ලාස්ටික් හාල් වලින්වත් මොකුත් නොවුණු එක හාස්කමක්....
වාසනාවන් !!! සීයාගේ තරුණ වියත් මතක ඇති... නේද?
ධර්ගා නගරය දැන් මුස්ලිම් අයගේය... සිංහල අය අඩුයි...
ඔබ පවුලේ සියලුමදෙනටම නිදුක් නිරෝගී සුව ලැබේවා!