(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකාවේ 75 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් ඉතා අභිමානවත්ව කොළඹ, ගාලු මුවදොර දී අද (4) පෙරවරුවේ පැවැත්වේ.
‘නමෝ නමෝ මාතා සියවසකට පියවරක්’ යන්න මෙවර නිදහස් දින සැමරුම් තේමාවයි.
ජාතික නිදහස් දින සැමරුම් උළෙලේ කටයුතු පෙරවරු 7.30ට ආරම්භවීමට නියමිතය.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා නිදහස් දින සැමරුම් උත්සව භූමියට සම්ප්‍රාප්තවීමට නියමිතව ඇත්තේ පෙරවරු 8.13ට වන අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙරවරු 8.15ට උත්සව භූමියට සම්ප්‍රාප්තවීමට නියමිතය.
ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ජනාධිපතිවරයා උත්සව භූමියට සම්ප්‍රාප්තවීම සැලකෙරෙන හොරණෑ වාදනය කිරීමෙන් පසු ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ පොලිස්පතිවරයා විසින් ජනාධිපතිවරයාව උත්සව භූමියේ ප්‍රධාන කොඩි කණුව අසලට කැඳවාගෙන යාම සිදුවන අතර, ඉන් අනතුරුව මඟුල් බෙර වාදන හා සක් පිඹීම් මධ්‍යයේ ජනාධිපතිවරයා ජාතික ධජය නංවනු ඇත.
එම අවස්ථාවේ දී පාසල් සිසු සිසුවියන් 105 දෙනකු ජාතික ගීය ගායනා කරන අතර, ඉන්පසු ජනාධිපතිවරයා විශේෂ පීඨිකාව අසලට කැඳවාගෙනයාමත්, පාසල් සිසුවියන් විසින් ජයමංගල ගාථා සහ දේවෝ වස්සතු කාලේන ගාථාව ගායනා කිරීමත් සිදුවේ.
ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය, ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් දිවි පිදූ සියලු ශ්‍රී ලාංකිකයින් සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් ආරක්‍ෂා කිරීම අනතුරුව සිදුකෙරේ.
ඉන්පසු ජනාධිපති උත්තමාචාර ආචාර වෙඩි මුර 21ක් පිරිනැමීම සිදුවන අතර, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාවල ශ්‍රී ලංකා පොලීසිය, සිවිල් ආරක්‍ෂක බලකාය සහ ජාතික ශිෂ්‍ය භට බලකාය විසින් පවත්වනු ලබන නිදහස් දින ආචාර පෙළපාලිය ආරම්භවන්නේ ඉන්පසුවය. මෙවර නිදහස් දින සැමරුම් පෙළපාලියට ත්‍රිවිධ හමුදා, පොලිස්, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු සහ ශිෂ්‍ය භට සාමාජිකයන් 6,385 දෙනෙක් සහභාගී වන අතර, යුද හමුදා සාමාජිකයන් 3,284 ක්, නාවික හමුදා සාමාජිකයන් 867 ක්, ගුවන් හමුදා සාමාජිකයන් 695 ක්, පොලීසියෙන් 336 ක්, පොලිස් විශේෂ කාර්ය බලකා සාමාජිකයන් 220 ක්, සිවිල් ආරක්‍ෂක බලකා සාමාජිකයන් 437ක් සහ ජාතික ශිෂ්‍යභට බලකා සාමාජිකයන් 546 ඊට ඇතුළත්ය.
පෙළපාලියට ත්‍රිවිධ හමුදා සන්නද්ධ රථ 390ක් ද ඇතුළත් අතර, විශ්‍රාමික නිලධාරීන් 21 දෙනකු සහ ආබාධිත නිලධාරීන් 29 දෙනකු එහි ගමන් කිරීමට නියමිතය. උත්සව භූමියට ඉහළ අහසේ සිට ගුවන් හමුදා ප්‍රහාරක යානා සහ ගාලු මුවදොර මුහුදේ සිට නාවික හමුදා යාත්‍රා ද දස්කම්පෑමට නියමිතය. එමෙන්ම පැරෂුට් සංදර්ශනයක් ද මෙම උළෙලට ඇතුළත්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුමන චාම් බවක්ද? සාධාරණත්වය ඉල්ලා සාමකාමීව හඬනගන අයට අමානුෂිකව ලෙස පහරදී අනවශ්‍ය මුදල් කන්දරාවක් වැය කොට මේ නටන නාඩගම හෙළා දකිමු.
හොරු රැළක් උන්ගේ පඩ ෂෝ දාන ගෑනුත් එක්ක ඇවිත් කොඩියක් උස්ස්ලා යන්න නටන නැටිල්ලක්... අපිට බදු ගහලා තොපි ආතල් ගනිල්ලා. මේක නොතේරෙන නිවටයින්ගේ කතිරයෙන් මුං ආයෙ ආයෙත් ඒවි අපේ ලේ උරාබොන්න.
සුද්දා දීලා ගියපු රට කලු සුද්දො විසින් සුද්ද කරන්න පටන් අරන් අවුරුදු 75ක් නේහ්.මේ නිදහස කියන දේ ලැබෙන්නැතිව සුද්දාම මේක පාලනය කලානම් අපි ගොඩාක් දියුණු රටක් වෙලා තියේවි මේ වෙනකොට.
කොහේ තියන නිදහසක්ද?
විභාගෙ ලියන ළමයින්ටවත් නිදහසේ පාඩම් කටයුතු කරන්න නොදෙන පිනා සහ පොහොට්ටු හොරු රැළ. ලෝකෙට විහිළු සපයනවා.
මොන චාම්ද ? පොලීසියට හා හමුදා සේවා වලට බටා ඇතුළු සියලු විය හියදම්,දේශපාලකයන්ගේ හා සහභාගී වූ අයගේ වියහියදම් කොපමණද ? කන්න නැති රටේ අහිංසක ජනතාවගේ බදු මුදලින් හා ඔවුන් වෙත පිටරටින් දෙන ආධාර මුදලින් නැටූ මේ විකාර ජෝගියෙන් වෙන්නේ රට තව තවත් වල පල්ලට යෑමයි. පෙට්රල් වැඩි උනා.තව ටික දිනකින් ගෑස් වැඩිවෙනවා කියා ප්‍රවෘත්ති මැවෙනවා. ඉතින් මොන නිදහස සැමරීමක්ද ? අපරාදේ මේ රට සුද්දන් රට ජාතිය ජනතාව ගැන වගේ වගක් නැති වැද්දන්ට බාර දුන්නේ.සුද්දෝ හිටියා නම්,මේ රටේ හොර වැද්දන්ට මේ රට හොරාකන්න හෝ නුගතුන්ට රට පාලනය කරන්න වෙන්නේ නැහැ.
තොපි ගත්ත නිදහසක් නැහැ. දෙවන ලෝක යුද්ධෙන් පස්සේ සුද්දෝ රටවල් අල්ලන් ඉන්න එක නැවැත්තුවා. තොපිට මේක ආයෙත් දුන්නේ පිනට. ඒක කෑවා. තොපි නිදහස කියලා කියන්නේ නිදහසේ හොරකම් කරනවට. අපි උඹලට හොරු කියනකොට උඹලට ලැජ්ජා නැත්තේ උඹලා මන්ද බුද්ධිකයෝ නිසා. පුළුවන්නම් තනියම පාරේ බැහැලා පළයන්ලා. නිදහසේ උඹලට එතකොට හොඳ නිදහසක් හම්බවෙයි. ජනතාවගෙන්.
ලංකාවට නිදහස දීලා සුද්දා නිදහස් වුණා.
ජාත්‍යන්තරය ඉදිරියේ හිඟන්නු උනාට, ලංකාවේ හිඟන්නු ඉස්සරහ අභිමානවත් කෙරුමොනේ මේ.. පාලකයින්ගේ මුර බල්ලන්ගේ සන්දර්ශනත් නරකම නැහැ.
"අට වන ජනපතිගේ හැත්ත පස්වන සමරුව " හැබෑටම බලන්නකෝ ඒ වචන ටිකේ ගැලපීම. මේවා ඉතින් සල්ලි දීලවත් ගන්න බැරි දේවල්. හරිද ?
නිදහස් උත්සවය නිදහසේ රකින්ඩ බැරි ජාතියක්? දැඩි ආරක්ෂාව යටතේ නිදහස් උත්සවයේ කටයුතු සිද්ද කෙරුවාලු?
මෙතන ලියැවිලා තියෙන අභිමානවත් අදහස් කියවපු මටත් මගේ රට, දැය, අනාගතය ගැන දුක හිතුණා.
'48 දී අපට දේශපාලන නිදහස. එයින් අද අපට ඉතිරිව ඇත්තේ ණය ගෙවා ගත නොහැකි බංකොලොත් රටක්. එය අප සැමැරිය යුතු "ජයග්‍රහණයක්ද"? අද රටේ මිනිසුන්ට කෑම, විදුලිය, බෙහෙත් ගැනීම සටනක් වී ඇත. මේ රටේ දේශපාලකයින් යයි කියා ගන්නා උදවිය සෑමවිටම කළේ ජනතාව ගොනාට අන්දවා තමන් හරි යයි සිතන දේ කිරීමයි. මොවුන්ගේ මේ හැසිරීම පිළිබඳව ඔවුන් පත්කළ ජනතාව මීට වඩා සිහි බුද්ධියෙන් සිතා බැලිය යුතු බවයි මගේ අදහස...
මේක චාම් කියන්නේ කවුද? බොරුවට ලෝකෙට පරකාසේ...
එංලන්තේ චාල්ස් තමා 75 වැනි නිදහස සමරන්න ඕනි. මොකද එංගලන්තේ සිලෝන් කියන රටෙන් නිදහස් වුණා. අවුරුදු 75 අපේ ගොයියොත් එක්ක හිටිය නම් බකින්හැම් පැලස් එකත් මෙලහකට විකුණලා. අපේ එවුන් කරන්නේ විකුණන එකයි ණය ගන්න එකයි විතරයිනේ.
රටකාපු පල්හොර කණ්ඩායමක් අභිමානවත්ව නිදහස සමරයි. සල්ලි ගෙදරින් ගෙනත්ද මේක සමරන්නේ...?
චාමෙ? විකාර තමයි... කෝටි 265 වියදම... වැසිකිළිවලට විතරක් කෝටි 14ක්...
චාම්?? එක මාර චාම්. . වියදම් ලයිස්තුව බැලුවම චාම් කමයි අභිමානයයි නව දොරෙන්ම විසි වෙනවා.. පො... පිනාට ආවඩන වහල්ලුන්ට නම් මෙක මහ උජාරුවක් වෙන්න ඇති.. අනේ පව් ඉතින්. . කවුරු කවුරුත්...