112 වැනි ජාතික බන්ධනාගාර දිනය සමරමින් රට වෙනුවෙන් ජීවිතය පුජා කළ බන්ධනාගාර නිලධාරීන් සිහිකර ඔවුන් වෙනුවෙන් පුෂ්පෝහාර දැක්වීමේ අවස්ථාවක් වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයේදී අද සවස පැවැත්විණි.
නීතිපති ජයන්ත ජයසූරිය මහතා මේ අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර ඒ මහතා විසින් රාජකාරියේ යෙදී සිටියදී දිවි පිදු බන්ධනාගාර නිලධාරීන්ට උපහාර පුදමින් පළමුව විරු ස්මාරකයට පුෂ්පෝහාර දක්වනු ලැබීය. බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් නිශාන්ත ධනසිංහ , බන්ධනාගාර කොමසාරිස් ,මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය ඇතුළු උසස් නිලධාරීන් විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටි අතර දිවි පිදු නිලධාරීන්ගේ පවුල් වල ඥාතීන් ද පැමිණ තම ඥාතියා සිහි කර පුෂ්පෝහාර දැක්වූහ.
ඡායරූප හා වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd