
(උපුල් හේරත්)
මිහින්තලේ කල්ලංචිය පොලිස් ස්ථානයට අනියුක්ත පොලිස් සැරයන් වරයකුට යතුරු පැදියකින් පැමිණ නාඳුනනා දෙදෙනකු මහමඟ බිම දමාගෙන බරපතල ලෙස පහර දි ඇතැයි පොලිසිය කියයි.
මෙසේ පහර කෑමට ලක් වූයේ කල්ලංචිය පොලිසියේ සැරයන් වරයෙති.
මෙම සැරයන්වරයා මිහින්තලයට පැමිණ ආපසු ත්‍රිකුණාමල මාර්ගයේ පිහිටි කරුවලගස්වැව විහාරස්ථානයේ ඉදිරිපිට පිහිටි වෙළෙඳ සළකට යන අතරතුරේ දී යතුරු පැදියකින් පැමිණ තරුණයන් දෙදෙනකු මෙම සරයන්වරයාට බිම දාගෙන අතින් පයින් පහර දී ඇත .
ඒ අසල සිටි උප පොලිස් පරීක්ෂකවරයකු ද එම ආරවුල නැවත්විමට කල උත්සාහය අසාර්ථක වී ඇතැයි ඒ අසල සිටි පිරිස කියති .
පහර කෑ සැරයන්වරයා ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව නිකුත් කරන ලද නිල් පැහැති ටී ෂර්ට් එකක් හා ඊට අදාළ කලිසමක් ද පැළඳ සිටි අතර ,කිසියම් හේතුවක් නිසා සෑහෙන වෙලාවක් මෙම පොලිස් නිලධාරියාට දිගින් දිගටම පහර දීම් සිදුකළ වීඩියෝ දර්ශන ගත කළ අයකූ කියා සිටියේය.
මෙලෙස පහර දුන් සැකකරුවන් දෙදෙනා මත්ද්‍රව්‍ය භාවිතා කරන අයවලුන් බව ඒ අසල සිටි පිරිස කියයි .
මෙම සිද්ධිය සැල වූ වහාම මිහින්තලේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සංජීව සිරිවර්ධන මහතා විසින් නිලධාරීන් පිරිසක් එම ස්ථානයට පිටත් කර යවා ඇති බව කී ස්ථානාධිපතිවරයා සඳහන් කළේ ඒ වන විටත් එම සිද්ධිය අවසන් වී එම දෙ පිරිස පිටත්ව ගොස් ඇති බවයි .
තුවාල ලත් පොලිස් නිලධාරියාට මිහින්තලේ පොලීසියට පැමිණ පැමිණිලි කිරීමට දැනුම් දුන් නමුත් මෙතෙක් ඔහු නො පැමිණි බව ස්ථානාධිපති වරයා සඳහන් කළේය .
කෙසේ වෙතත් පොලිස් නිලධාරියකුට මහමග බිම දාගෙන ඉතාමත්ම කෲර ලෙස වධ හිංසා පැමිණීම බරපතළ වරදක් හෙයින් ඉතාමත්ම කඩිනමින් එම සැකකරුවන් දෙදෙනා අත් අඩංගුවට ගැනීමට කටයුතු කරන බව ස්ථානාධිපති වරයා අවධාරණය කළේ ය .



COMMENTS
පොලිස් නිලධාරියකුට මහමග බිම දාගෙන පහරදීම බරපතල වරදක්... එතකොට පොලිසිය නිවැරැදි මිනිස්සුන්ට මහමඟ බිම දාගෙන පහරදීම බරපතළ වරදක් නොවේ. එහෙමද මිහින්තලේ ඕඅයිසි කියන්නේ...? පසුගිය කාලේ මහරගම ආසන්නයේ වරදක් නොකරපු ලොරි රථ රියදුරෙකුට පාරේ මැදදී පහරදුන්නේ ට්‍රැෆික් රාලහාමි කෙනෙක්... ඒවා බරපතල නොවේද? මේක දැක්කොත් මිහින්තලේ ඕ.අයි.සී. උත්තරයක් දෙන්නකෝ...! ඔයාලා නීතිය හදන අය.. ඔය රාලහාමි නොයෙන්න ඇත්තේ මොකක් හෝ ඔහුගේ වරදක් ඇති... එක්කෝ කුඩුකාරයින්ගෙන් සල්ලි අරන් ඇති.. ඒවා නොදුන් නිසා ගහන්න ඇති. අහුවුණු වේලාවේ...
පොලිසියට බඳවා ගැනීමේදී පණකෙන්ද තියෙන ක්‍රීඩා සහතික තියෙන තරුණ අය බඳවා ගත යුතුයි...
නීතිය ක්‍රියාත්මක කරන්න ඉන්න අය කරන දහජරා වැඩ ගැන මහජනයා කිපිලා ඉන්නේ. මෙයත් මොනවා හරි අසංවර වැඩක් කරන්න ඇති යුනිෆෝම් එකට මුවා වෙලා. මේ ඒ වරදට දීපු දඬුවමක් වෙන්න පුළුවන්. මේ ක්‍රමය වැරදියි තමයි. ඒත් මේ පටන් ගැම්මක් වෙන්නත් පුළුවන්. ජනාධිපති සිට රටේ සියලු දෙනාටම එකම විදියට හරිම විදියට නීතීයක් තිබුණා නම් මෙහෙම නොවෙන්න තිබුණා...
පිංතූරයේ විදියට නම් උප පරීක්ෂක කියලා කරවපු දෙයක් වගේ පේනවා...
පොලිසිය ඔය ගුටිකන්න පටන් ගත්තා විතරයි.
පහුගිය දවස්වල තෙල් පෝලිම්වල කරපු දේවල් දැක්කාම මෙහෙම ගහලා මදියි කියලත් හිතෙනවා...
හොඳටම කන කාලෙ ළඟයි. ඔය පෙර නිමිති...
පීඩිත පංතිය VS පීඩිත පංතිය...
අද රටේ නීතියක් නොමැති නිසා මිනිස්සු නීතිය අතට අරගෙන මෙලෙස පොලිසියට විරුද්ධව හැසිරීම සාධාරණයි...
සාජන් ලොක්කා සද්ද නැතුව ගෙදර ගියේ ඇයිද කියලා නේද හොයලා බලන්න ඕනි.
මට පෙනෙන්නේ උප පරීක්ෂක ගොබ්බයෙක්. එකෙන්ම දීපන් අනෙක් එකාට. උඹලා මොන ගොබ්බයෝද තමන්ගේ එකාට හරි උනත් වැරදි උනත් ගහනකම් බලාගෙන ඉන්නේ. අඩුම ගන්නේ පොලිසියට රැගෙන ගිහාම වත් මුදෙන්නාට ඇතිවෙන්න වටකරලා බෙදන්න.
මොකක්හරි අසික්කිත වැඩක් කරන්න ඇති. ඔය කාකි කෝට් බෑය දාගත්තාම පොලිස් කාරයින්ගේ ඇගෙන් රාජ උෂ්ණය පිටවෙන්න ගන්නවලු. එතකොට ඔවුන්ට හිතෙන්නේ "මම තමයි ලෝකෙට ලොක්කා - මට ගහන්න කවුරුවත් නැහැ.." කියලා. මෙය 99%ක් පමණ පොලිස් ලොක්කෝ පොඩ්ඩෝ ඔක්කෝටම තිබෙන මානසික රෝගයක්. මේ යන විදිහට ගියොත් තව ටික දවසකින් පොලිස් කාරයින් ඔක්කෝටම මහපාරේදී ගුටිකාලා මැරෙන්න වෙන්නත් පුළුවන්. ඒ ඔවුන් කරන අසික්කිත වැඩ නිසා. කෙසේවෙතත් නව රජයක් පත්වුණු දවසක මේ පොලිසියම වසා දමා,පොලිස් කාරයින් ඔක්කොම පෙන්ෂන් නැතිවම ගෙදර යවා, නව උගත් බුද්ධිමත් ඒ වගේම අවංක, කිසිම දේශපාලුවෙකුට නොනැමෙන ශක්තිමත් " තරුණයින් " ගෙන් යුත් අලුත්ම පොලිසියක් හැදුවොත්... වාසනාවන්..!
අවුලක් නැහැ. පොලීසිය මිනිස්සුන්ට ගහනව මිනිස්සු පොලීසියට ගහනව. එකට එක.
මේ ගමේ නම ' කලංචියාලු' . මාර අලකලංචියක් සිද්ධ වෙලා තියෙන්නේ.
මේ ලොකු පොලිස්කාරයා කිසි දෙයක් නොකර ඉන්න සීන් එකක් තමයි පේන්නේ.. හිනාත් යනවා.
පොලිස් නිලධාරියකු මතු නොව කිසිවකුට මෙසේ පහර දීමට කිසිවකුට අයිතියක් නොමැත. එය වීර ක්‍රියාවක් සේ දක්වා මෙහි කොමෙන්ටු කොටා ඇති අයට ඇත්තේ මොන විදිහේ මානසික මට්ටමක්දැය් සිතීමත් පිළිකුල්ය.
උප පොලිස් පරීක්ෂකවරයා මරු. බලාගෙන ඉන්නවා ගහනකන්...!