IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


වහාම මහ මැතිවරණයක් පවත්වන්නැයි අනුරාධපුරයේ උද්ඝෝෂණ

(අනුරාධපුර දයාරත්න ඇඹෝගම)
වහාම මහ මැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලා පොහොට්ටුවේ ආධාර කරැවන් පිරිසක් අද(17)  අනුරාධපුර නව නගරයේ බස් නැවතුම්පල ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතවිය.


අනුරාධපුර මහජන පොල ඉදිරිපිට අංක 02 ප්‍රජා ශාලාවට එක්රැස් වුන උද්ඝෝෂකයන් අනුරාධපුර නව නගරයේ බස් නැවතුම්පල  දක්වා පැමින වහාම මැතිවරණයක් පවත්වන ලෙසට උද්ඝෝෂණයේ නිරතවිය.


මෙහිදි උද්ඝෝෂකයන් විසින් කතානායක කරැ ජයසුරිය මහතාගේ අනුරැවකට ගිණි තබා කතානායකවරයාට සිය විරෝධය පලකර සිටියේය.මෙහිදි උද්ඝෝෂකයන් අමතමින් අදහස් දැක්වු උතුරැ මැද පළාත් සභාවේ හිටපු අමාත්‍යවරරෙයකු වන එච්.බි.සේමසිංහ මහතා සදහන් කලේ පාර්ලිමේන්තුවේ පවතින වත්මන් අර්බුදය මැඩ පැවැත්විම සදහා කඩිනමින් මහ මැතිවරණයක් පවත්වා නව පාර්ලිමේන්තුවක් පිහිටවිය යුතු බවය.


මෙම අවස්ථාවට අනුරාධපුර මහා නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති බුද්ධික ප්‍රේමදාස මහතා ඇතුළු නාගරික මන්ත්‍රිවරු පොහොට්ටුවේ ආධාර කරුවෝ රැසක් එක්ව සිටියහ.

 



අදහස් (11)

වහාම මහ මැතිවරණයක් පවත්වන්නැයි අනුරාධපුරයේ උද්ඝෝෂණ

sandy123 Saturday, 17 November 2018 12:23 PM

කතානායක වී.ජ.මු. ලොකුබණ්ඩාර වගේ එජාපයෙන් ඇවිල්ලා මහින්දට කඩේ ගියොත් හොඳද?

:       899       548

Nuwan Saturday, 17 November 2018 01:11 PM

පාර්ලිමේන්තුවේදී පොලිසියට පුටු පහර දුන්න මැරයින්ට ඡන්ද කොල්ල කාලා ඡන්දෙ දිනන එක කජ්ජක්ද?

:       815       610

BamunuarachchiSunday, 18 November 2018 05:02 AM

ඒ වුණාට පිහිකාරයෝ හිටියේ එජාපෙ එහෙම නේද? පිහි අරගෙන එනකොට පුටුවලින් නොවෙයි පොලුවලින් ගහන්න වුණත් අයිතිය තිබෙනවා.

:       146       494

V.warnakulasuriyaSunday, 18 November 2018 11:33 AM

ශ්‍රී ලංකාවේ නීති විරෝධි ලෙස අවි භාවිතා කරන පාර්ලිමේන්තු නියෝජිතයන්ට පුටු ප්‍රහාර සහ පොලු ප්‍රහාර එල්ල කිරීමේ අයිතියක් කිසිවෙකුට තිබේද යන්න අපි නොදනිමු. නීතියක් සහ පොලිසියක් ඇත්තේ පොල්ගැමට යැයි සිතන අයද සිටිති.

:       103       5

Ranaweera Saturday, 17 November 2018 11:04 PM

මැරයො කවුද කියන එක මුලු රටත් ලෝකයත් දන්නව කියන එක මෙි වහල්ලුත් දන්නව වහල්ලුන්ගෙත් වහල්ලු නොදන්නේ එවුන්ගේ තිබෙන වෛරීත්වයයි.

:       32       47

jaya Saturday, 17 November 2018 11:53 PM

මැතිවරණ 3ම එකවර තියන්න...

:       110       6

චමින්ද Sunday, 18 November 2018 01:35 AM

ඡායාරූපයේ සිටින අයගේ මුහුණු දෙස බැලුවම මොවුන් සියල්ලම පාතාලයේ ක්‍රියාකාරීන්ද කියලා හිතෙනවා. මොවුන් මල්කැකුලො නම් වෙන්න බැහැ කැකුලු මෙහෙමනම් මල් පිපුනම කොහොම වේද

:       77       0

Bamunuarachchi Sunday, 18 November 2018 05:07 AM

ගහපු පුටුව සභාගැබේ තිබුණු එකක් අනින්න ගෙනාපු පිහිය නම් ගෙදර ඉඳන්ම වැඩේට හිතාගෙනම ගෙනාව එකක්. එහෙම නේද නුවන්? මොකද අදහස..?

:       149       634

athuraMonday, 19 November 2018 03:30 AM

ඕනෑම ඇස් තියන මිනිහෙකුට පේනවා ඒ තිබ්බේ බටර් ගාන පිහියක් කියලා. බටර් ගාන පිහියකින් පුලුවන්ද මිනිස්සු මරන්න.

:       157       5

Akila Sunday, 18 November 2018 09:12 AM

මේ ගොල්ලන්ගෙන් ඡන්දෙට යන සම්පූර්ණ වියදම පියවා ගන්නවා නම් අපිත් කැමතියි...

:       7       114

Lionel Tuesday, 20 November 2018 05:53 AM

අපි හැමෝම එකතුවෙලා පක්ෂ පාට නොහිතා රට ගැන හිතලා උගත් බුද්ධිමත් පිරිසක් යවමු. අපි තවත් ඉන්න අයම යැව්වොත් උත්තරය 0 මයි........

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 674 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 325 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site