
කළහකාරී පිරිස් විසුරුවීමට ගාලු මුවදොර පිටියට කඳුලු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළ බව වාර්ථා වේ
ගාලු මුවදොර යුද පිටියක් වෙයි
( ඉන්දිකා රාමනායක, යොහාන් බාසුර, ජයමාල් චන්ද්‍රසිරි සහ ළහිරු හර්ෂණ )
අරලියගහ මන්දිරය අසළ විරෝධතා භූමියේ අට්ටාල ඉවත් කරමින් කළහකාරී ලෙස හැසිරුණ දෙදහකට ආසන්න පිරිසක් මේ වන විට ගාලු මුවදොර නිර්පාක්ෂික විරෝධතා භූමියට ඇතුළු වී එහි ඉදිකර ඇති අට්ටාල ඉවත් කරමින් කලහකාරී ලෙස හැසිරෙමින් සිටිති.
මේ වනවිට එම භූමියේ තිබූ කූඩාරම්වලට ගිනි තබා ඇතැයි ද වාර්තා වෙයි. මෙම ගැටුම්වලට මැදිව තුවාල ලැබූ පිරිසක් මේවන විට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි ද වාර්තා වෙයි.
නීර්පාක්ෂික විරෝධතාව අවට ආරක්ෂාව තර කරයි
(යොහාන් භාසුර)
අගමැතිට සහාය දැක්වීමට ආ පිරිසක් මේවන විට ගාලුමුවදොර දෙසට ගමන් කරමින් සිටින අතර ආණ්ඩුවට එරෙහිව ජනතා අරගලයක යෙදී සිටින පිරිස් මිනිස් වැටක් යොදා ඇතැයි වාර්තා වෙයි.
ගාලුමුවදොර වටරවුම අසල පොලිසිය මාර්ගය අවුරමින් මාර්ග බාධක යොදා ජලප්‍රහාරක රථද කැඳවා තිබේ. ආණ්ඩුවට පක්ෂ විරෝධතාකරුවන්ට සාමකාමී විරෝධයේ යෙදෙන පිරිස සිටින ප්‍රදේශයට ඇතුළුවීම වැලැක්වීම සඳහා මේ වන විට කටයුතු කරමින් සිටින බව ද වාර්තා වෙයි.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)



(ඡායාරූප: ශාන්ත රත්නායක)





(ඡායාරූප: යොහාන් බාසුර)


(ඡායාරූප: ළහිරු හර්ෂණ)







COMMENTS
පොලිස් නිලධාරියනි, සිහියෙන් කටයුතු කරන්න. මිනීමරු පාලකයන්වලපල්ලට යන දවසක් එනවා. එදාට ඔබට කාගේවත් පිහිටක් නොමැත. ඒ නිසා ජනතාව වෙනුවෙන් ඉදිරියට යන්න.
දැන් හරි... රජකාලේ විදිහට සටන විසඳාගන්න යන්නේ... මුහුණට මුහුණ සටන. දිනපු අයට රාජ්‍ය බලය..!
අරලියගහ මන්දිරයේ මහින්ද, ජොනී ඇතුළු කණ්ඩායම එක්ව පැවැත් වූ රැස්වීමෙන් අනතුරුව පොහොට්ටුවේ මැර පිරිස් පොලුද රැගෙන සාමකාමී අරගලකරුවන්ට පහරදී අරගලකරුවන්ගේ දේපළ ගිනිබත් කළා. අනතුරුව පොලීසිය බලා සිටියදීම, පොලු මුගුරු රැගත් මැරයන්, ගෝඨා හෝ ගම සාමකාමී උද්ඝෝෂණයට පහරදී දේපළ ගිනිබත් කළා. පොලිසිය ඔවුන්ට ඇතුළුවීමට ඉඩහැර දේපල විනාශ කිරීම් හා පහරදීම් කිරීමට ඉඩහැර ජල ප්‍රහාර හා කඳුළු ගෑස් ගැහුවා. හදිසි නීතිය තිබියදීත්, පොහොට්ටු හිතවාදීන්ගේ අත්වල තිබූ පොලු ආදිය ඉවත් කරන්න පොලිසියට නොහැකි වුණා. මනා සැලැස්මක් ඇතිව පහරදීම මෙහෙය වූ බව පැහැදිලි වුණා. සුදු ඇඳගත් පිරිසක් දුරකථන අතැතිව පහරදීම් මෙහෙයවනු පෙනුණා.
මාසයක සිට 80% ක් ඔතැන ඉන්නේ මල්ලිලා..
අමන වහල්ලු... ඔවුන් කළේ ලෙවකාලා පෙන්නපු එක... මේක මෙහෙයවපු නින්දිත දේශපාලු ජඩයන්ට වෙන්නේ මොනවද කියලා අපි බලන් ඉන්නේ..?
ඔය ගොල්ලන් කරන්න දන්නේ ඔච්චරයි. වැස්සකටවත් පාසලකට ගොඩවෙලා නැති නූගත් හයිරන් කාරයින් එකතුවෙලා කරන මේ වගේ දෙකයි පනහේ වැඩවලින් රට අද වැටී ඇති තත්වය හොඳ හැටි තේරුම් ගන්න පුළුවන්... බලමු දැන් පොලීසියත් හමුදාවත් මේ මැරයින් කීදෙනෙක් අත් අඩංගුවට ගනීද කියලා...? මේවා සංවිධානය කළ කාටවත් ආපහු ගමට නම් එන්න දෙන්න එපා...
ඔන්න ඔහොමයි ප්‍රශ්න විසඳන්නේ...!
නියමයි, කලින්ම ගහලා පැන්නුවා නම් මෙලහකට ප්‍රශ්නේ ඉවරයි...
සාමකාමී අරගලය ලේ බිමක් කෙරුමා මහින්දගේ මැරයෝ...
අතිශය නින්දිත ක්‍රියාවක්. පිළිකුලෙන් යුතුව හෙළා දකිමු. සාමකාමීව යෙදුණු අයටත් නීතිය අතටගෙන මෙහෙම කරන්න තිබුණා.. නමුත් එය එසේ නොවන්නට එයාලා නිතර වගබලා ගත්තා. වගකිව යුතු අයගේ වගකීම් නිසිලෙස ඉටුවී නැතිබවක් පැහැදිලිවම පේනවා.
අද දින අරලියගහ මන්දිරයට පැමිණි පොදූජන පෙරමුණේ හිටපු ඇමතිවරුන්ට, මන්ත්‍රීවරුන්ට, දුටුතැන ජනතාව පහරදිය යුතුව ඇත. පොලිසියේ සහාය මත මැර කල්ලි මෙහෙයවීම ඇත්තටම නිවට, නින්දිත රජයක ක්‍රියාවලියක් අපි දුටුවෙමු. පොලීසිය පාලකයින්ගේ අණසක ඉදිරියේ නිවටයින්සේ කටයුතු කිරිමක් දුටු අතර ඒ ගැන කණගාටු වෙමු. සනත් නිශාන්ත වැනි නූගතුන් ඉක්මණින්ම පන්නා දැමීමට ජනතාව පෙළ ගැසිය යුතුයි.
කට්ටක් ඇනුණොත් කට්ටකින්ම තමයි අයින් කරන්න වෙන්නේ...
එදා අලුත්ගමෙන් පටන් ගත්තා. අද මහින්ද අරලියගහ මන්දිරෙන් පටන් ගත්තා.