






(ඩයනා උදයංගනී)
මෙරට පළමු දියයට කෞතුකාගාරය දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගත් ගාල්ල මුහුදු තීරයේ ඉදිකර තිබේ.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ගාල්ල මුහුදු තීරයේ ගාලු වරාය තුළ අඩි 50ක් පමණ ගැඹුරට වන්නට දිය යට ඉදිකළ මෙම කෞතුකාගාරය නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා අතින් පසුගියදා විවෘත කෙරිණි.
කිමිදුම් විශේෂඥයකු වන නාවික හමුදාපතිවරයා දිය යටදී පීත්ත පටිය කපා කෞතුකාගාරය විවෘත කිරීම ද නැවුම් අත්දැකීමක් විය.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අදහසකට අනුව නාවික හමුදාපතිවරයාගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම කෞතුකාගාරය ඉදිකර තිබේ.
ගාලු මුහුදු තීරය කේන්ද්‍ර කරගනිමින් මෙම කෞතුකාගාරය ඉදිකර ඇති අතර සිමෙන්ති හා පරිසර හිතකාමී ද්‍රව්‍යවලින් කළ නිර්මාණ මෙහි ස්ථාපිත කිරීමට නාවික හමුදාව කටයුතු කර ඇත.
එසේම කාලයත් සමඟ මෙහි කොරල් පරිසර පද්ධතියක් නිර්මාණය වී එහි අලංකාරය තවත් වර්ධනය වනු ඇතැයි බලාපොරොත්තු වේ. කිමිදුම් හෝ පිහිනුම් කටයුතු කරන ඕනෑම පුද්ගලයෙකුට පහසුවෙන් නිරීක්ෂණය කළ හැකි පරිදි මෙම කෞතුකාගාරය නිර්මාණය කර තිබේ.
භාවිතයෙන් ඉවත් කළ දුම්රිය මැදිරි, ධීවර යාත්‍රා මෙම කෞතුකාගාරය සඳහා යොදා ගැනීමට ප්‍රථමයෙන් තීරණය කළ ද කෙටි කාලීනව ඒවා රැස්කර ගැනීමේ අපහසුව නිසා විවිධ ප්‍රතිමා සහ සමරු පලක යොදා ගනිමින් එය ඉදිකළ බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.
සාගර කොරල්පර නැවත වර්ධනය කර ගැනීම, මත්ස්‍ය සම්පත වර්ධනය කරගැනීම ද මෙය ඉදිකිරීමේ අරමුණු අතර වේ. මෙම ප්‍රදේශයේ මේ වන විටත් මත්ස්‍ය අභිජනනය ආරම්භ වී ඇති නිසා සංචාරකයන්ට ඉතා නුදුරු කාලයේදී මෙම ප්‍රදේශයේ කිමිදුම් කටයුතු කිරීමේ අවස්ථාව හිමිවනු ඇතැයිද නාවික හමුදාව සඳහන් කරයි.
මෙහි මූලික අවධියේදී ධිවර කටයුතු කිරීමට ඉඩක් නොදෙන අතර මතස්‍ය අභිජනන කටයුතු සිදුවීමෙන් අනතුරුව ධීවරයින්ට එහි නිසි ඵල නෙලාගැනීමට හැකිවනු ඇතැයි ද නාවික හමුදාව පවසයි.
COMMENTS
හොඳ උත්සාහයක්... ඒත්, සංචාරකයන් වැඩිපුර ගෙන්වන්න තව ගොඩාක් නිර්මාණශීලිව ගොඩනගන්න සිදුවේවි..!!! අප මේ අඩුපාඩු දකිනවා නොවෙයි. යමක් කිරීම අප විවේචනය කරනවා වගේ පහසු නැතිබව අප දන්නවා. මේ සිදුකළ නව වැඩේට ස්තූතියි.. ඒත්, පොඩි ආටිෆිෂල් ගතියක් වගේ දෙයක් පේනවා.. තව ස්වාභාවිකව පෙනෙනා අයුරින් තවත් වැඩිදියුණු කරන්න... ජයවේවා !
ඕක විවෘත්ත කරන්න තිබුණේ දක්ෂ කිමිදුම්කරුවකු වන යෝෂිත අතින්.. ඒත් පීනන්න බැහැනේ එයාට...
මෙරට ප්‍රථම දියයට කෞතුකාගාරයේ නොදුටු දසුන් නරඹන්න. සබ්ස්ක්‍රයිබ් කරලා අලුත්ම විස්තර දැනගන්න..
ඇමතිලා දිය යටට ගොඩක් බයයි නේද?
මටනම් හිතෙන්නේ කලාගාරයක් කියලා කිව්වොත් තමයි හොඳ.. කෞතුකාගාරවල තියෙන්නේ භාණ්ඩනේ.. ඉතින් මේ ළඟදි හදාගත්ත දේවල් කෞතුක භාණ්ඩ වෙන්නේ කොහොමද?
මුහුද යට සැඟවුණු මායා ලෝකයක්. අපි මේ අත්දකින්නේ මායාවත් - සත්‍යයත් අතර දෝලනය වන දිය කිඳුරියන්ගේ පාරාදීසය වත්ද.? ගැඹුරු මුහුදේ... දිය කිඳුරියන්ගේ ලෝකය බලන්න මමත් යනවා. ඉඩක් ලද වහාම.. අපිව දැක්කම ඒ අය ලැජ්ජාවෙන් අපි ඉන්න ඉසව්වෙන් අතට ඈතට පිහිනලා යන්නත් පුළුවන්... ආයෙත් ලැජ්ජාවෙන් හැරිලා බලන්නත් පුළුවනි.. එ්ත් මගේ සුදු කිඳුරියේ.. මම ඔයා පස්සෙන්ම පිහිනාගෙන පිහිනාගෙන එනවා. පිහිනලා පිහිනලා මට හතිවැටී.. මාව මුහුදු පතුළටම අද වැටේවි...
විවිධ ප්‍රතිමා සහ සමරු ඵලක යොදා ගනිමින්, සාදා ඇති මේ කෞතුකාගාරය මත්ස්‍ය සම්පත් වැඩිවීමෙන් තවත් අලංකාර වෙයි කියලා මට හිතෙනවා. ධීවරයින්ටත් යහපතක් වෙනවා නම් කොපමණ හොඳද? මම මේ කල්පනා කලේ මෙතරම් අලංකාර කලාත්මක දෙයකට කමෙන්ට් අඩු මොකද කියලයි.
හොඳ උත්සාහයක්... පිහිනන්න, කිමිදෙන්න බැරි අයටත් මුහුදයට ලස්සන බලන්න අවස්ථාවක් සලසා දෙනවා නම් හොඳයි. මෙවැනි දේවල් කිහිපයක්ම අපේ රටේ මුහුද වටේට නිර්මාණය කළා නම් හරිම අගෙයි. උත්සාහ කළොත් බැරිවෙන එකක් නැහැ.
හොඳ නිර්මාණශීලි අදහසක්. ලේසි වැඩකුත් නෙමෙයි. මුහුද යට කෞතුකාගාර මම හිතන්නේ ලෝකෙටම තියෙන්නේ හත, අටක් විතරයි. ඒ අතින් අපේ නාවුක හමුදාව සිමෙන්ති හා පරිසර හිතකාමී ද්‍රව්‍ය යොදා ගනිමින් ඉදිකළ මේ කෞතුකාගාරය අපේ හැකියාවන් ලෝකයට පෙන්වන තවත් එක විශිෂ්ඨ නිර්මාණයක්. දැනට මේ කෞතුකාගාරය බලන්න පුළුවන් පිහිනුම්කරුවන් සහ කිමිදුම්කරුවන්ට විතරක් නිසා, නරකද වීදුරු පතුලක් තියෙන බෝට්ටුවක් දෙකකුත් හැදුවා නම්...? අනිත් මිනිස්සුන්ටත් බලන්න යන්න.. එතකොට දැන් දේශීය, විදේශීය සංචාරකයන්, තල්මසුන් බලන්න යනවා වගේ.. "මුහුදු පතුලේ කෞතුකාගාර චාරිකා" සංවිධානය කරන්නත් පුළුවන් වෙයි. මගේ සුබ පැතුම් නාවුක හමුදාවට, විශේෂයෙන් නාවුක හමුදාපතිවරයාට සහ මේ අලුත් අදහස ඉදිරිපත් කල මහින්ද රාජපක්ෂ අගමැතිතුමාට. ඒ වගේම තවත් බොහෝ කලාකෘති මේ මුහුද යට කෞතුකාගාරයට ඉදිරියේදී එකතු කරන්නත් පුළුවන් වෙයි කියලා හිතනවා.
කිමිදෙන්න දන්නේ නැති අය කොහොමද ඕක නරඹන්නේ...?
පෙරේරා මහත්තයෝ, එහෙනම් ඉතිං ආකාසෙට යන්න වෙන්න අත්තටු තියෙන පියාඹන්න පුලුවන් අයට විතරයි. ගගන තාක්ෂණය තාමත් බොරුවක් තමයි එහෙනම්... ඇයි හොඳට කාමරයක් වගේ එකක් හදලා වෝට පෘෘෆ් කරලා වීදුරුවලින් ආවරණය කළොත් මොකද බැරි? එහෙම මින් මැදුරු ලෝකේ කොච්චරක් නම් තියෙනවද? අම්බලන්ගොඩ ලලිත් මහත්තයගේ කථාව හරියටම හරි... අපේ ජනාධිපතිතුමා ඕකත් කරලා පෙන්නාවි. පෙරේරලාට උඩ යන්න...
මානසික අබාධයකින් සහ ඉරිසියාවකින් පෙලෙන්නෙක් ආයෙත් නෙගටිව් කමෙන්ට්ස් දමන්න පටන් අරගෙන... මොනවා වුණත් කවුරුවත් නෙගටිව් කමෙන්ට්ස් පිළිබඳව හිතන්නේ නැති එකයි පුදුමේ...