සිංහල හා දෙමළ අලූත් අවුරුදු නැකැත් සීට්ටුව සාම්ප්‍රදායික චාරිත්‍රානුකූලව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිළිගැන්වීම අද (11) පෙරවරුවේ ජනාධිපති නිලනිවසේදී සිදුවිය.
අභ්‍යන්තර වෙළෙද කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික අමාත්‍ය එස්.බී. නාවින්න, අමාත්‍යාංශ ලේකම් ඩී.ස්වරණපාල යන මහත්වරුන් අතින් ජනාධිපතිතුමා වෙත චිරාගත පිළිවෙත් පරිදි නැකැත් සීට්ටුව පිළිගන්වන ලදී.
අලූත් අවුරුදු උදාව, පුණ්‍ය කාලය, ළිප ගිනි දැල්වීම, ආහාර පිසීම හා ආහාර අනුභවය, හිසතෙල් ගෑම මෙන්ම නව වසරේ රැකීරක්ෂා සදහා පිටත්ව යාම ආදී නැකැත් චාරිත්‍ර නැකැත් සීට්ටුවට ඇතුළත් වේ.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා ඇතුඑ මැතිඇමතිවරුන් සහභාගී වූහ.


COMMENTS
ආහාර අනුභවයට නම් තියන නැකත වරදක් නැහැ . නමුත් වැඩ අල්ලන්න ?? උදේ වැඩියි කියලයි මට හිතෙන්නේ
නැකත් සීට්ටුව වෙනුවට රටේ එදා වෙලා කන්න බැරුව දුක් විඳින අහිංසක මිනිසුන්ගේ දුක් අදෝනා නැති බැරිකම් සඳහන් ලැයිස්තුවක් දුන්නනම් මීට වඩා අර්ථවත් කියලයි මටනම් හිතෙන්නේ. රට හිනස්සන මල කෝලම්.
සීට්ටුව රහසේම හැදුවේ සාත්තර සුමනෙ වත්ද?
හිටපු ජනපතිට මහ රජා කියා කියා සමච්චල් කරන වත්මන් ජනපතිතුමා මේ වාසලේ කවටයෝත් එක්ක රඟපාන්නේ මහ රජකුගේ චරිතයක් නෙමෙයිද අයුබොවන්...?