(අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර හමුවක් ජපානයේ ටෝකියෝ නුවරදී සිදුව තිබෙි.
ජපාන හිටපු අග්‍රාමාත්‍ය ෂින්ෂො අබේ මහතාගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහා දෙරටේ නායකයන් පැමිණි අවස්ථාවේ දී මෙම හමුව සිදුව ඇත.
හමුව විනාඩි දහයකට සීමාවූ බවත් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහ ගත කිරීම පිළිබඳව එහිදී නිල නොවන මට්ටමින් සාකච්ඡා කෙරුණු බවත් වාර්තා වේ.
එහිදී නරේන්ද්‍ර මෝදි මහතා රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීම පිළිබඳව සුබ පැතුම් පළ කර ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකාව කරන ලද සාකච්ඡා වල වත්මන් තත්ත්වය පිළිබඳව ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එහිදී විමසා තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විනාඩි 10ට මොනවා කතාකරන්නද? කියන්න තියෙන දේ සීඩී එකකට වත් ගහලා දුන්නා නම්... හලෝ මචන් කියද්දී විනාඩි 10ක් ගිහින් ඉවරයිනේ...?
මොනවා වුණත් ලෝකයා ඉදිරියට ගිහිල්ලා වැදගත් විදිහට හිඟාකන්න හරි පුළුවන් නායකයෙක් වර්තමානයේ සිටීම ගැන මට නම් ඇත්තේ සතුටක්...!
අපේ හාදයා උසයි...
නටන්න, දඟලන්න යන්නේ නැතුව කීකරුව ඉන්න කියන්න ඇති..?
අසල්වාසීන් ඉන්දියාව සහ ජපානය සමග එක්ව කටයුතුකර ආසියානු / ඉන්දියන් සාගර කලාපය ශ්‍රී ලංකව අවට මුහුදු කලාපය සාම කලාපයක් වසයෙන් හදුනාගත යුතුවේ.
මේ දෙන්නා කතාකරන ඒවා දාන්නේ නෑ. කතාකරන්න ඕනෑ දේවල් කතාකරලා ඉවරයි. දැන් තියෙන්නේ ඇක්ටිවේට් කරන්න විතරයි.
හොඳ වෙළෙන්දෙක්ට විනාඩි දහයත් හොඳටෝම ඇති...!