(ආරියරත්න රණබාහු)
රියදුරු පුහුණු පාසල් හිමිකරුවන්, පුහුණු උපදේශකයන් සහ සේවක එකමුතුවේ මෙහෙයවීමෙන් විරෝධතා උද්ඝෝෂණයක් අද(12) දහවල් නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඉදිරිපිටදී පැවැත්විණි.
රියදුරු බලපත්‍ර සඳහා නිකුත් කරන ස්මාර්ට් කාඩ්පත මුද්‍රණය සහ අංක තහඩු මුද්‍රණය ටෙන්ඩර් කැඳවීමකින් තොරව පෞද්ගලික සමාගමකට පැවරීම සහ මෝටර් රථ වාහන පරීක්ෂකවරුන්ගේ සේවය පෞද්ගලික සමාගමකට පැවරීම යන කරුණු වලට විරෝධය පළ කිරීම සඳහා මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබිණි.
ඡායාරූප -චතුර එස් කොඩිකාර



COMMENTS
රටේ දවසට 8 දෙනෙක් අනතුරු වලින් මැරෙන එකට 100% වගකියන්න ඕනෙ නිසි පුහුණුවක් නැති අයගෙන් පගා අරන් පාස් කරපු මේ උදවිය තමයි. හොඳ වැඩේ!
මේ දෙන පුහුණුව හරියට පරික්ෂා කළොත් පුහුණු කරුවන් සහ පගාමරුවන් වන පරීක්ෂකලා ඉන්න ඕන හිර ගෙවල්වල...
බේබද්දන්ට සල්ලාලයින්ට රියදුරු බලපත්‍ර නිකුත් කිරීමෙන් වෙලකී සිටින්න .
" රියපදවන්න " මනුස්සයෙකුට හැදිච්චකමක් , අනිත් අයට ගරුත්වයක් තිබිය යුතුයි . එහෙම නැති වුනොත් ඒ. වාහනයත් පැදවෙන්නෙත්. ගරුත්වයක් නැති අනිත් මනුස්සයින්ට අවදානම් විදිහටයි .
ඔහොම තමයි වෙන්න ඕනා.
ඇත්තටම ලංකාවේ රියදුරු පුහුණුව කියලා දෙන පුහුණුවේ ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. සමහර උපදේශකවරු ගෑණු ළමයින්ට විශේෂ පුහුණුවීම් දෙන්න ගිහිල්ලා ප්‍රශ්න වෙලා තියෙනවා. ඒ වගේම මෙතන මෙයාලා බළල් අතක් වෙලා කෑ ගහන්නේ පගාව දීලා පාස් කරන්න බැරි වෙන හින්දා.
මම ලයිසන් එක ගත්තේ ට්‍රයල් යන්නේ නැතිව.
අනිවාර්යෙන්ම රියදුරු පුහුණු පාසල් නිසි නිරීක්ෂණයට ලක්වියයුතුයි. මොකද්ද මම රියදුරු බලපත්‍ර ලබාගැනීමේදී වෙච්ච කණගාටු සිද්ධියක් නිසා මෙහම කියන්නේ. මම ගිය රියදුරු පුහුණු පාසලේ කලමාණාකරු මට කිව්වේ, එක්තරා නගරයේ නම සඳහන් කරමින් එතන්ට ගිහින් එන්න, විබාගය ලියන්න අවශ්‍ය නැහැ. එච්චරයි. පාස්කරලා දෙන්නම්. හැබැයි අමතර ගානක් ගෙවන්න වෙනවා කියමින්.
ලෝකේ විශාලතම යුද අභ්‍යාස මෙන්න ......
ටෙන්ඩර් පටිපාටියකින් තොරව පුද්ගලික සමාගමකට පැවරීම වැරදී. ලයිෂන් දීම වගේ දෙයක් සමාගමකට පැවරීම හොඳයි ගහන පගාවල හැටියට. හැබැයි සමාගමත් දේශපාලකයෝ වෙන්න පුළුවන්.