ඡායාරූප - ශාන්ත රත්නායක
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 67 වැනි සංවත්සරය හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපන්දිනය සැමරීම වෙනුවෙන් ලේ දන් දීමේ වැඩසටහනක් අද (14) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ දී පැවැත්විණි.
මෙම වැඩසටහන ශ්‍රී ලංකා නිදහස් වෘත්තීයවේදීන්ගේසංවිධනය විසින් සංවිධනය කෙරිණි.
එහිදී නිදහස් පක්ෂ කාර්යාලයේ සේවකයන් ඇතුළු යුද හමුදාවේ නිලධාරීන් විශාල පිරිසක් එයට සහභාගී වුහ.



COMMENTS
ඒකටත් හමුදාව දාගෙන සිවිල් අය ඇත්තෙම නැද්ද?
"ලේ දන් දෙන එක" කොහොම වෙතත් පක්ෂයේ සාමාජිකත්වය තියාගෙන "පක්ෂයේ ලේ උරා බොන්න" උත්සාහ කරන කට්ටියගෙන් පක්ෂය බේරා ගන්න වැඩපිළිවෙලක් යුහුසුළුව ක්‍රියාත්මක කළොත් තමයි වටින්නේ.
ලේ දෙන්න තරම් බරපතල තත්වයකද දැන් ශ්රීලනිපය ඉන්නේ?
ලේ දෙන්නේ හමුදාව. නම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය.
හැම හොඳ වැඩකටම යුද හමුදාව ඉදිරියෙන්... මොවුන්ගේ පපුව උණු වෙන තරමට දේශපාලකයින්ගේ පපුව උණු වෙන්නේ නැත්තේ පපුවක් නැති නිසා. ලේ දන්දීමේ වැඩසටහන් කරන සාමාන්‍ය ස්වෙච්ඡා සංවිධාන වලට කරන කාරුණික ආයාචනාව නම් කිසිම දේශපාලකයෙක් මෙවන් වැඩසටනකට ගාවගන්න එපා. ඔවුන්ගේ ලේ වල කපටිකම, මුදල් පසු පස හඹායාම හා අනිකුත් දුරාචාර තිබෙන බැවින් ඒ ලේ නරක් වෙලා. පාවිච්චියට නොසුදුසු ලේබලය අලවාගෙන ඉන්නේ...