IMG-LOGO

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා


‘‘කාර් රේස් එපා අපට කරදරයි‘‘

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

මීරිගම හකුරුකුඹුර ප්‍රදේශයේ පවත්වාගෙන යන මෝටර් රථ ධාවන පථයේ අධික ශබ්දය හේතුවෙන් තමන්ගේ එදිනෙදා ජීවන කටයුතු කරගෙන යාමට බාධාවක බව පවසමින් ප්‍රදේශවාසීහු පිරිසක් මීරිගම කොටදෙනියාව මාර්ගයේදි උද්ඝෝෂණයක යෙදුනහ.

හකුරුකුඹුර විහාරාධිපති රෝටුඹේ සාරද හිමියන් පුරාවස්තු සුරැකීමේ සංවිධානයේ සභාපති උඩස්ගිරියේ සමිත හිමියන් ඇතුළු පිරිසක් මෙම විරෝධතාවයට එක් වූහ.

කොටදෙනියාව මාර්ගයේ සිට ධාවන පථයට ඇතුළු වන මාර්ගය අවහිර කරමින් මෙම විරෝධතාවය සිදු කෙරිණි.

ධාවන පථයෙන් නිකුත් වන අධික ශබ්දය හේතුවෙන් දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට මෙන්ම රෝගාබාධවලට පත්ව සිටින ජනතාවද මහත් පීඩාවට පත් වෙන බවට මෙහිදී ජනතාව කරුණු දැක්වූහ.

වසර හත අටක් තිස්සේ තමන් මෙම දුක විඳ ඇතැයි ද තවදුරටත් මෙසේ දුක් විඳීමට නොහැකි නිසා මෙසේ පාරට බැසීමට සිදු වූ බවද ජනතාව සඳහන් කළහ.

තමන් ඉදිරිපත් කළ පැමිණිලි සඳහා කිසිදු විසඳුමක් ලැබී නැති බවද ජනතාව මෙහිදී කරුණු දැක්වූහ.

 



අදහස් (8)

‘‘කාර් රේස් එපා අපට කරදරයි‘‘

රත්නායක Sunday, 26 March 2023 03:36 PM

එතකොට ලවුඩ්ස්පීකර් සද්ද ? උදේට හවසට ඉරිදට පෝයට අහල පහල මිනිස්සුන්ට කණක් ඇහිලා ඉන්න නෑ නේද හාමුදුරුවනේ ?

:       3       14

කුමන ශබ්ද දූෂණයටත් එරෙහිව නැගිටිමු... Sunday, 26 March 2023 04:16 PM

ඒ වගේම තමයි ආගමික ස්ථාන වලින් ශබ්දවිකාශණ යන්ත්‍ර දමා ඇති කරන ඝෝසාව​. දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට මෙන්ම රෝගාබාධවලට පත්ව සිටින ජනතාවද මහත් පීඩාවට පත් වෙන තවත් ශබ්ද දූෂණ ප්‍රභවයක්.

:       3       11

Jcn Sunday, 26 March 2023 06:30 PM

එකඟයි හාමුදුරුවනේ.. උදේ හවස සද්දෙට යකඩ කටින් දාන පිරිත් ඝෝෂාවත් අවට මිනිස්සුන්ට කරදරයක්

:       4       13

අතුලසිරි Sunday, 26 March 2023 07:54 PM

අපිට තියෙන කරදරේ තමයි .. සිවුරු කරේ දාගෙන කරන මේ බොරුව ..

:       3       12

Kumar Sunday, 26 March 2023 08:35 PM

අපි තරුණ කාලයේ මෙවැනි තරඟ බලන්න යන්නේ කටුකුරුන්දෙ.

:       0       6

himal Monday, 27 March 2023 11:49 AM

මේ ව්‍යපෘතිය කරන්න පෙර මූලික පරිසර අධ්‍යයන වාර්තාවක් හදලා නැද්ද?

:       0       5

Lal Monday, 27 March 2023 07:49 PM

පෙනෙන විදිහට මෙහි ඇති විශාලතම දෙය ඊර්ශ්‍යාවයි

:       0       0

චන්දිම ෆොන්සේකා Tuesday, 28 March 2023 08:14 AM

සමහරු පන්සල් වලට දොස් පවරන්න උත්සහ කරනවා. මම ඉන්නේ මාතර. මෙහේ මුස්ලිම් පල්ලි වලත් රාමසාන් කාලයට පැයකට වරක් ආගම ප්‍රචාරය කරනවා. සාන්ත මේරි පල්ලියේ වාර්ෂික පුජාව කරන දින දෙකේ මුළු දවසම ආගමික වතාවත් ප්‍රචාරය කරනවා. පාරවලුත් වහනවා. ඒත් අපිනම් ඒවා කිසි දවසක කරදරයක් කියලා හිතුවෙත් නැහැ හිතන්නෙත් නැහැ. ඒවා අපේ සමාජයේ දේවල් විදියට අපිත් සලකාගෙන අපේ පාඩුවේ සමාදානෙන් ඉන්නවා. ඒත් ඔය කාර් මෝටර් සයිකල් වල මහා සද්ද දාගෙන කරන කරදර වලට නම් අපි අකමැතියි.

:       3       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1576 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1369 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 489 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site