Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2023 පෙබරවාරි මස 08 වන බදාදා
(ඉන්දිකා රාමනායක/ නාලක සංජීව දහනායක)
මාලබේ සයිටම් ආයතනයට එරෙහිව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුළු සයිටම් විරෝධී ජන පවුර සංවිධානය කළ විරෝධතාවයට මීට සුළු මොහොතකට පෙර කොල්ලුපිටිය අගමැති කාර්යාලය අසලදී පොලිසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේය.
අද(10) පුරහල අසලින් ඇරඹි විරෝධතාවය කොල්ලුපිටිය දෙසට ගමන් කළ අතර ඔවුහු අගමැති කාර්යාලය දක්වා යාමට උත්සාහ කිරීමේදී පොලිසිය එසේ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇත.
(ඡායාරූප සහ වීඩියෝ-ශාන්ත රත්නායක)
Jehaan Tuesday, 10 October 2017 11:28 AM
අනෙක් රටවල් වල සම වයසේ උපාධිදාරී සිසුන් කම්කරු රැකියා කර තමන්ගේ මුදලින් දුකසේ ඉගෙන ගෙන පසුව හොඳ තැනකට පැමිණ රටට සේවයක් කරද්දී අපේ උදවිය රට වෙනුවෙන් කියමින් ඉගෙනීමත් කර කප්පල් කරගෙන ගෙදරට නාකි වෙති ! ඉන්පසු තමන්ගේ මහන්සියෙන් රැකියාවක් සොයා ගෙන පිළිවෙලකට ඉන්න මිනිස්සු දිහා බලමින් කැම්පස් ගියේ නැති මෝඩයන් කියමින් පරිභව කරති. හැමදාම ඔච්චරයි !
Reply : 4739 5858
onensrilankan Tuesday, 10 October 2017 12:03 PM
සාදාරන ප්‍රශ්නයට පිළිතුරු නොදී එක වයපරිකයකු වෙනුවෙන් නැඹුරුවීම මේකට හේතුවී පාලකයනි ඔබල බුදිද ,,වහ ප්‍රශ්නය විසදපල්ලා ජීවිත හානියක් වෙන්න කලින් ,,,,
Reply : 624 3777
roshan Wednesday, 11 October 2017 01:06 AM
ඩීල් ලන්තයේ නිල කොළ රතු දේශපාලුවන්ගේ තවත් විශිෂ්ට රංගනයක් ,අපේ දොස්තරලට ලෙඩ්ඩු මරලා හරි සල්ලි හොයන්න ,එකාදිකාරිය රැක ගන්න, නිකන් බොරු ෂෝ දාන්නැතුව සයිටම් එක ව්හපල්ලා .....
128 38
සෙනෙවි Tuesday, 10 October 2017 11:29 AM
වැටුපට සේවය කරන හමුදාව යොදවා මහජන නැගී සිටීම් හැමදා මර්ධණය කල නොහැක .මන්ද ඔවුන් ද ජනතාවගේම කොටසක් බැවිනි .මර්ධණයට සමානුපාතිකව සටන් උග්‍රවී යම් දිනක එය සුනාමියක් වී පාලකයන් වෙලාගෙන ඔවුන්ව විනාශය කරා ගෙන යනු ඇත .
Reply : 1776 4050
gamaya Tuesday, 10 October 2017 12:04 PM
ලස්සන වචන සැට් එක. තවම ඒවා කට පාඩම් තියෙන එකත් හොඳයි. මොකද, ඔහොම කියල එලියට එන ඔක්කොම නවතින්නේ අනික් කඳවුරේ.
Reply : 3738 622
dingirala Wednesday, 11 October 2017 12:29 AM
මෙවැනි අරුත් සුන් වල් භූත කතා අපි 1971 දීත් අපේ රටේ මිනිස්සු ඇහුවා. !988-1989 කාලයේදීත් ඇහුවා. දැන් ආයෙත් අහනවා. 88-89 කාලයේදී මේ මෝඩ කතා කියමින් අපි සමග විශ්ව විද්‍යාලයේ සිටි සමහර යාළුවන්ට අපි කොතරම් අවවාද දුන්නද? ඔය කතා කියමින් තරුණයෝ නොමග යවපු පක්ෂය කියන දේවල් විශ්වාස කරන්න එපා කියල. එත් ඒවා එම යාලුවෝ ඇහුවේ නැහැ. අද එම යාලුවෝ ටික මැරුණු තැන්වල හිටවපු ගසුත් නැහැ. අද එම මැරුණ උන්ගේ නමක්වත් ගැන ඔය පක්ෂය සඳහන් කරන්නේ නැහැ.එම පක්ෂයේ උදවිය තමන්ගේ දේශපාලන පැවැත්ම වෙනුවෙන් තව නර බිලි ගන්න දිගටම උත්සහ කරනවා. නමුත් අද එම පක්ෂයේ නායකයෝ 88-89 කාලයේදී එම පක්ෂය සමුල ඝාතනය කල අයත් සමග හැඳි ගෑරුප්පු වලින් කමින් ප්‍රිය සම්භාෂණ පවත්වනවා අන්තර් ජාලයේ අපි දකිනවා. මට එතකොට මතක් වෙන්නේ පීඩිත පන්තියේ ගැලවුම් කාරයෝ යයි කියමින් අපේ මිය ගිය යාලුවෝ ටික ඔය කියන පක්ෂය පස්සේ යමින් එම පක්ෂය අගයපු හැටි. අනේ කොල්ලනේ ඉරිසියාව අත් හැරලා දැන්වත් අනුන්ට ඉගෙන ගන්න දීපල්ලා.තමනුත් ඉගෙන ගනිල්ලා.
Reply : 603 1050
අල්විස් Wednesday, 11 October 2017 08:43 AM
ඩිංගිරාල මහත්තයෝ ඔබේ මියගිය සගයන් බොහෝ දෙනෙකුට අදත් විරුවන්. තමන්ගෙ පාඩුවෙ පොත පතේම හිදිමින් වෙන දෙයක් බලාගෙන ඔහේ ඉන්නැතුව ඔවුන් කරපු දේවල් වල ප්‍රයෝජන ලබන්නෙ වර්තමාන පරම්පරාව. දැයේ අවසනාවකට තමා ගැන නොසිතා අනුන් ගැනත් හිතපු තරුණ ජීවිත කීයක් නම් නැතිවුනාද. ඒ නැතිවුනු වටිනා ජීවිත වල අඩුව තමා අදටත් දැනෙන්නේ. දේශපාලනය අදාල නැත. ඔවුන්ට ඒ කරපු දේවල් වටින් නැතිවුනාට සාමාන්‍ය මිනිස්සු අපිට වටිනවා.
787 501
upali Tuesday, 10 October 2017 11:31 AM
එනවා කනවා යනවා...එච්චර තමා පව්..
Reply : 2022 1336
onesrilankan Tuesday, 10 October 2017 12:05 PM
පාලකයෝ නිදාගන හිටියොත් හොදටම කනවා නියතය ලගම එඅන මැතිවරණයේ ,,ජනතාවත් කනවා මුන් රටත් කනවා ,,,ඔබලාට සාපවෙයල්ල ,,වහා මෙම ප්‍රශ්නය විසදපල්ලා
Reply : 344 3528
Saman Thursday, 12 October 2017 02:12 AM
ඔයා මේ පාර චන්දෙ දෙනකොට සෙල්ෆියක් ගහනවද කතිරෙ පේන්නත් එක්ක ?
4 9
සිරි Wednesday, 11 October 2017 04:57 AM
එක කට්ටියක් ... එනවා, කනවා, නානවා, දුවනවා, බනිනවා ..... තව කට්ටියක් ... එනවා, ගහනවා, විදිනවා, දුවනවා, බනිනවා ...... මේ චක්‍ර කවදා ඉවර වේවිද?
Reply : 1 13
sachith Tuesday, 10 October 2017 11:55 AM
මේ ප්‍රශ්නය ආණ්ඩුවේ ඉන්න ඔලුව උදුම්මවගත්ත ඇමතිවරු දෙතුන් දෙනෙක් නිසා මෙච්චර උඩු දුවල තියෙන්නේ. අද පාරවල් අවහිරවෙලා ප්‍රශ්න එයි. හැබැයි මේ ප්‍රශ්නය නිසා ඇතිවුන සැබැ ප්‍රශ්න වලට පිළිතුරු ලැබෙන්න තව අවුරුදු ගානක් යනවා. රට හැමදාම ආපස්සට විතරයි යන්නේ.
Reply : 324 3523
Prasanna Tuesday, 10 October 2017 01:01 PM
2009 - 2016 අවුරුදු 7ක් මේ උදවිය හිටියේ වෙන රටකද? එදා ඔය දේ කලානම් අද මේ ප්‍රශ්නය මෙතරම් දුර දිග නොයවා සාධාරණ විසදුමකට පැමිණිය හැකිව තිබුන. මෙය අද දේශපාලන ප්‍රශ්නයක් වී ඇත. නැතිනම් මුලදී නිශ්ශබ්දව සිට වසර 7 කට පසු ප්‍රමිතිය අවශ්‍ය බව පවසා අරගලය පටන් ගෙන තව වසරකට පසු සයිටම් වසා දැමිය යුතු බවට අරගල කරන්නේ මන්ද? GMOA පෞද්ගලික වෛද්‍ය අද්‍යාපනයට විරුද්ධ වෙද්දී අන්තරය පෞද්ගලික අධ්‍යාපනයටම විරුද්දව අරගලය ගෙනයයි. රුපියල් බිලියන ගණනින් සෑම වසරකම ළමුන් 1,000 පමණ පෞද්ගලික වෛද්‍ය අද්‍යාපනය සඳහා විදේශ ගත වේ. එය මේ උදවියට ප්‍රශ්නයක් නොවේ. ප්‍රමිතිය ඇතිකර එම අවස්ථාව මෙරටේ ලබාදී විශාල විදේශ විනිමයක් ඉතිරිකර ගෙන සහ විදේශ සිසුන්ට මෙරටට පැමිණ උපාධිය ලබාගැනීමේ අවස්ථාව ඇතිකර මෙරට ආර්ථිකය වර්දනය කල නොහැක්කේ මන්ද?
Reply : 137 691
Dutugamunu1 Tuesday, 10 October 2017 04:01 PM
ඇත්තටම මේ අය කියනවා සම්පුර්ණයෙන්ම පෞද්ගලික අධ්‍යාපනයට විරුද්ධයි කියල. ඒත් හැමතිස්සෙම විරුද්ධව කතා කරන්නනේ සයිටම් එක ගැන විතරයි.. එහෙම නම් අනිත් පූද්ගලික විශ්ව විද්‍යාලත් වහන්න කියල මොකද සටන් කරන්නේ නැත්තේ. දිස්ත්‍රික්ක ක්‍රමය නිසා විශ්ව විද්‍යාල වලට යන්න බැරිවුන අයටත් ඉගෙනගන්න කැමති අයටත් තමුන්ගේ සල්ලිවලින් ඉගෙන ගන්න බැරිද. හැබැයි පිටරට ගිහිල්ල ඉගෙන ගෙන ආවට මේගොල්ලන්ට ප්‍රශ්නයක් නැහැ. ලංකාවේ ඉගෙනීමට තමයි විරුද්ධ.මොන තරම් කුහකයෝ රෑනක් ද?
Reply : 1 418
samira Tuesday, 10 October 2017 06:34 PM
නිකන් දන්නැති දේවල් කතාකරන්න එපා ළමයි එදත් ඕකට විරුද්ධ වුණා
Reply : 130 93
රවිඳු Tuesday, 10 October 2017 01:02 PM
ඔලු ගෙඩියේ සිට ඇඟ පුරාම තියන ජරාවට ඉඳලා, හිටලා, පොලිසියෙන්ම, හොඳට පොලිෂ් වෙන එක ගොඩක් හොඳයි.
Reply : 427 474
රොෂාන් Tuesday, 10 October 2017 01:55 PM
ගොඩක් අය යටට ඇඳගෙන ඉන්න ඕන අමුඩේ ඔලුවේ හෝ කරේ බැඳගෙන ඉන්නේ ඇයි? පහල තියෙන්න ඕනා අවයව උඩට ඇවිල්ලද? මේ ගෝත්‍රිකයින්ට ගහන්න ඕනා කලිසම ගලවලා අමුඩේ අන්දවලා..
Reply : 627 580
chinta Tuesday, 10 October 2017 02:03 PM
තාරුන්‍යනය මෙළෙස මගදිගේ ගුටිකමින් වතුරනාමින් කදුළු ගෑස් බොමින් ගතවී යන්නේ ඔවුන්ගේ වරදම නිසාද?ජනතාව විසින්ම පත්කළ නායකයෝ ජනතාවටත් රටටත් සතුරු වී දරුවන් ගේ ගැටළු වළට උත්තර දීම උවමනා වෙන්ම මගහැර උන්ගේ වේදනාව තමන් ගේ සංතෝසය ළෙස සැළකීම නිසා මේ වය්‍යසනය සිදුවී තිබේ,මේ දරුවන් බොහෝ දෙනෙකුද මුන්ම පාලකයින් කිරීමට ඡන්ඳය දුන්නෝ වෙති,
Reply : 461 517
Chandana Fernando Tuesday, 10 October 2017 02:09 PM
පාලකයනි , සිසුදරුවනි අනාගතයගැන සිත වැදකරන්න .මෙවන් දෙයකෙන් වෙන්නේ රට ආපස්සට යන්නකි.
Reply : 435 163
sena Tuesday, 10 October 2017 02:29 PM
මේ කුහකයින්ව මර්දනය කරනවා ඇරෙනකොට වෙනත් සුදුසු විකල්පයක් නැත.
Reply : 496 829
හසිත් Wednesday, 11 October 2017 02:54 AM
සේන , මේ ඔක්කොම කැම්පස් එකේ ඉන්න උදවිය.ඉල්ලන්නේ අනාගතයට නිදහස් අධ්‍යාපන අයිතිය රැක දෙන්න කියලා. ඔවුන් කුහකයෝ වන්නේ තමන් විතරක් ගොඩ ගියාම ඇති කියලා ඔන්න ඕන දෙයක් වෙනකම් අහක බලන් හිටියනම් තමයි.ඇත්තටම කුහකයෝ වන්නේ ඔයාල වගේ කිසිම අවබෝදයකින් තොරව අදහස් දක්වන අය නේද?
Reply : 150 94
bamunu Monday, 16 October 2017 01:32 AM
හසිත් අවබෝධයක් තිබෙන ඔබට පුළුවන් නම් සයිටම් එකෙන් නිදහස් අධ්‍යාපනය නැති වෙන්නේ කොහොමද කියා අපට කියලා දෙන්න. nosaitm නමින් මුහුණු පොතේ ලියපු කෙනෙක් සමග මගේ වාදයක් අැතිවුනා උත්තර දී ගන්න බැරිව එයා එයාගේ නමත් හකුලාගෙන ගියා. එමනිසා ඔබට පුලුවන්නම් සයිටම් එකෙන් නිදහස් අධ්‍යාපනය නැති වෙන්නේ කොහොමද කියා අපට කියලා දෙන්න. බැරින අකුලාගෙන යන්න. ඔබ හරිනම් අපි පිළිගන්නම්
0 231
erdi Tuesday, 10 October 2017 02:42 PM
මගෙ රට පුදුම රටක් අප්පා.මේක රටේ ස්ථාපිත කරද්දී නරි වගේ හිටපු එව්වො එකපාරම සිංහයෝ උනේ කොහොමද.එදා ඔය අනුතුර වලක්වන්න තිබුනනෙ.භය උනා නේද සුදු වැන්වල යන්න වෙයි කියල..
Reply : 341 541
chamara Tuesday, 10 October 2017 03:00 PM
තව කෙනෙක් තැනකට එනවට අපේ සිංහල සමාජයේ තරම් ඊරිසියාකාරයෝ මුළු ලෝකෙම නැතුව ඇති.
Reply : 87 184
ප්‍රීති Tuesday, 10 October 2017 03:36 PM
මේ ලෙඩේට හේතුව අපේ රටේ පිනට උගන්නන එක තමයි. මහපොළ ශිෂ්‍යත්ව අරමුදල බිහිකළ ගරු ලලිත් ඇතුලත්මුදලි මැතිතුමාගේ පිළිරුවත් කඩා බිඳ දැමු අය. කැලණිය විශ්ව විද්‍යාල වෛද්‍යපීඨය සංවිධාන කල ප්‍රදර්ශනය කඩාකප්පල් කල අය තමයි මෙතනත් ඉන්නේ. පිටරටවල සිසුන් මෙන් තමන්ගේ වියදම් දරාගෙන පාට්ටයිම් රැකියාවල නිරතවෙමින් ජීවිතය ජයගන්න වෙර දරන තරුණ දරුවෝ සමග සසදද්දී, මේ නම් ශිෂ්‍යයෝ නෙමේ. පොලිසියේ මහත්වරුන්ට මේ අයව මර්ධනය කිරීමට ශක්තිය ලැබේවා!!
Reply : 304 447
nalin Wednesday, 11 October 2017 03:06 AM
ප්‍රීති හරි. අධ්‍යාපනය මුදලට විකුනන්නේ ලංකාවේ සයිටම් විතරක් නෙවෙයි. ඇයි ඒවාට විරුද්ධ වෙන්නේ නැත්තේ? වෙනත් බොහෝ රටවල් වල සිසුන්ට හරියට පාඩම් කරන්නත් වෙලාව මදි. පාට් ටයිම් ජොබ් එක කරන්නම ඕනේ ජීවත් වෙන්න. හරිම අමාරුවෙන් තමයි ඇදගෙන යන්නේ. මෙහේ ළමයින්ට දෙමවුපියෝ ඔක්කොම කරලා දෙද්දීත් ඉගෙන ගන්න පින නෑ. සල්ලි ටිකක් හරි ගත්තනම් මෙහෙම පාරේ ඉන්නේ නෑ. jvp සහ අන්තරේ නිසා රට ආපස්සට ගිය උදාහරණ ඕනෑතරම් දෙන්න පුළුවන්. බුද්ධිමත්ව හිතන්න.
Reply : 84 179
mahesh Tuesday, 10 October 2017 05:49 PM
අනේ කාලේ වනේ වාසේ. කුහකයෝ ඉන්න තරම් මේ රටේ.
Reply : 19 86
හසිත් Wednesday, 11 October 2017 02:48 AM
වනේ වාසේ කරන අයට අනිත් අය කුහකයෝ විදියට පේන එක අරුමයක් නොවේ..
Reply : 254 142
K Perera Tuesday, 10 October 2017 06:47 PM
බලාගෙන යනකොට මේ කහපාට ඇදගෙන ඉන්න පිරිස හැම උද්ඝෝෂණ වලම සිටිනවානේ.....පසුව පොලිසියට දොස් කියාවි මගේ කණට ගැසුවා අතන මිරිකුවා කියාල.
Reply : 45 38
ranga Tuesday, 10 October 2017 07:22 PM
මර්දනය හමුවේ නොසැලී සයිටම් හොර කඩේ අහොසි කරන මේ සටනට ජය වේවා!!!
Reply : 155 92
Ran Tuesday, 10 October 2017 08:42 PM
මෙතන උද්ඝෝෂණ කරන අයගෙන් කී දෙනෙක් වෛද්‍ය සිසුන්ද? එයාලා ඉගෙන ගන්නවා, අනිත් අය උද්ඝෝෂණය කරනවා.
Reply : 45 64
kasun Wednesday, 11 October 2017 02:22 AM
තමන්ගේ එකෙක්ගේ ප්‍රදර්ශනයක්වත් බලන් ඉන්න බැරී කුහක අන්තරේ කොහොමද අප්පා රටේ නිදහස් අධ්‍යාපනය රකින්නේ .නිකන් විහිලු වැඩ විතරයි
Reply : 91 360
hasith Wednesday, 11 October 2017 02:44 AM
සිසු සටන් කුහක විදියට දකින්නේත් නිදහස් අධ්‍යාපනයට විරුද්ධ වන්නේත් , නිදහස් අධ්‍යාපනයෙන් හරි හැටි ප්‍රයෝජනයක් නොගෙන මුදල් බලයෙන් පමණක් ගොඩ ගොස් තම හිස උදුම්මවා ගත්තු ඇත්තටම කුහුක පිරිසකි.
Reply : 130 101
uddika Wednesday, 11 October 2017 04:28 AM
අපේ සල්ලි වලින් ඉගෙන ගත උදවියගෙන් රටට වගේම ජනතාවට සේවය කරන්නේ කීයෙන් කී දෙනාද? දොස්තරවරුන් යන් කරන්න. රජයේ අනෙක් සේවකයින්? බෙල්ලට ටයි පටිය දාගෙන පුම්බන් ඉන්නවා. අද බලන්න ගුරු වෘත්තීය ? හොදට උගන්වනවානම් ටියුෂන් ඇයි මෙතරම් හන්දියක් හන්දියක් ගානේ? ඇයි රජයේ කන්තෝරුවකට යන්න අකමැති මිනිස්සු ? හොදට වැඩේ වෙන නිසා ද? දොස්තරවරු ඇයි මේ තරම් පුද්ගලික බෙහෙත් ශාලාවලට එන්නේ? ලෙඩ්ඩුන්ට සේවය කරන්න ඕන නිසාද ?
Reply : 93 250
jayampathi Wednesday, 11 October 2017 08:15 AM
කෙටියෙන් කියනවනම් සයිටම් කියා ප්‍රශ්නයක් රටේ නැත. ඔතන උද්ගෝෂණය කරන 99%ක්ම හිතාගෙන ඉන්නේ සයිටම් නිසා රජයේ විශ්වවිද්‍යාල වහන්න යනවා කියල. සයිටම් නිසා නිදහස් අධ්‍යාපනය අහෝසි වෙනවා කියල රටේම ඉන්න ජනතාව ගොනාට අන්දවලයි තියෙන්නේ. සයිටම් යනු තවත් එක පුද්ගලීක විශ්ව විද්‍යාලයක් පමණයි. සයිටම් වැනි පුද්ගලීක ආයතන තිබුනොත් රජයේ විශ්වවිද්‍යාලවල ඉඩකඩ වැඩිවීමෙන් සුදුසුකම් ඇති තවත් පිරිසකට අවස්ථාවක් ලැබෙනවා .ඒ වගේම පුද්ගලීක විශ්වවිද්‍යාල වලින් ලැබෙන රජයේ බදු මුදල් නිදහස් අධ්‍යාපනය සඳහා යෙදවිය හැකියි. කලයුත්තේ මේවයේ ප්‍රමිතිය පාලනය කිරීමක් පමණයි.
Reply : 2 308
ජගා Wednesday, 11 October 2017 08:59 AM
මොනවා!! සයිටම් වගේ ඒවා නිසා රජයේ විශ්ව විද්‍යාල වල ඉඩකඩ වැඩිවෙනවා. සයිටම් එකෙන් ලැබෙන බදු මුදල් වලින් නිදහස් අධ්‍යාපනයට වැය කරනවා. නියමයිනේ!!! මෙච්චර දවසක් ලැබුණු බදු මුදල් වලට මොකද වුනේ කියලා මම හිත හිතා හිටියේ.
Reply : 157 1
jayampathi Wednesday, 11 October 2017 10:55 AM
ඔව් , රටේ පුද්ගලික විශ්වවිද්‍යාල නැතිනම් 100% ක් ම අධ්‍යාපනය ලැබීය යුත්තේ රජයේ විශ්වවිද්‍යාල වලයි . එතකොට ඇති හැකි නැති බැරි හැම දෙනාම රජයේ විශ්ව විද්‍යාලවල පිරි යනකොට ඉඩකඩ සීමිත වෙනවා....ඉතින් පුළුවන් අයට අධ්‍යාපනය හැදෑරීමට ප්‍රමිතියකින් ඇති පුද්ගලික විශ්ව විද්‍යාල තව තවත් ඇති කල යුතුයි...මෙයින් සිදුවන්නේ නිදහස් අධ්‍යාපනයට රුකුලක් නෙමෙයිද ? උදාහරණයක් වශයෙන් රටේ පුද්ගලික පාසල් නොමැතිව රජයේ පාසල් පමණක් තිබුණොත් කොහොම තද බදයක් ඇතිවේවිද ?
1 78
bamunu Monday, 16 October 2017 01:14 AM
හලෝ ලකුණු ලබලා තිබුන පලියට රජයෙ වෛද්‍ය පීඨ වලට යන්න පුළුවන් කමක් නැත. රජයෙ වෛද්‍ය පීඨ වලට ගන්නේ එහි ඉඩ තිබෙන ප්‍රමාණයට. ඉඩ තිබෙන්නේ 2000 කට නම් 2250 ඇතුලත් වීමට සුදුසු ලබා තිබෙනවානම් ඉතිරිවෙන 250 ට මොකද කොරන්නේ. ටිකක් සල්ලි තිබෙනවානම් සයිටම් යාවි ගොඩක් සල්ලි තිබෙනවානම් ඉන්දියාවට හෝ එංගලන්තයට යාවි. පිට රටින් ගෙනෙන උපාදිය මේ දොස්තරලා පිලිගන්න ලැහැස්තී මොකද එ්ක එන්ගලන්තෙන් නේ.ඔබට පුළුවන් නම් පැහැදිලි කොරන්න සයිටම් නිසා නිදහස් අද්‍යාපනය නැතිවෙන්නේ කොහොමද කියලා. හලෝ දොස්තරලා මේ කොල්ලන්ව කෙල්ලන්ව බිලි බෝයිස්ලා කරගෙන ඉන්නේ ඔවුන්ගේ ප්‍රයිවෙට් ප්‍රැක්ටිස් එක බේරා ගන්න. එක ඔබලාට පෙනෙන්නේ නැද්ද?
0 110
ජගා Wednesday, 11 October 2017 08:48 AM
රන් හොද අවබෝධයකින් ඉන්නව වගේ වර්තමාන රටේ තත්වය ගැන. ඔයාටත් අර කාටද වගේ පත්තරේ බලන්න ලැබුනේ නැද්ද ළගදී.
Reply : 0 0
sudath Wednesday, 11 October 2017 10:28 AM
අයියෝ හාමුදුරුවන්ට ගිය කලක්...
Reply : 11 8
roshan Wednesday, 11 October 2017 11:02 AM
කෝ වෛද්‍ය ශිෂ්‍යයෝ.....මේ දේශපාලන කරන කට්ටියකනේ..
Reply : 27 3
ජගා Thursday, 12 October 2017 04:04 AM
එතකොට ඔය කියන්නේ සයිටම් ළමයි රජයෙ වෛද්‍ය පීඨ වලට යන්න ළකුණු ලබල තිබුනනම් ඒත් ලක්ෂ එකසිය ගණන් වියදම් කරගෙන සයිටම් ආයතනයට බැදෙනව කියලද?
Reply : 27 0
naradha Saturday, 14 October 2017 10:49 AM
දැන් රටේ ගනින්නාන්සේලා බිහි වෙන කාලේ ඇවිල්ලයි තියෙන්නේ.
Reply : 0 1
bamunu Monday, 16 October 2017 01:00 AM
දන්නා ඉටිගෙඩියක් කතා කොරනවා හලෝ. මේ රටට තව සයිටම් 10 වත් ඕනේ. නිදහස් අධ්‍යාපනයක් ගැන කථා කොරනවා, සයිටම් එකෙන් නිදහස් අධ්‍යාපනයට මොකද වුනේ කියන්නකෝ. මොකෝ මේ සයිටම් එකට පමණක් විරුද්ද? විරුද්ද වෙනවානම් පුද්ගලික අධ්‍යාපන ක්ෂේත්‍රයටම විරුද්ද වෙන්න ඕනේ. ඒ පුද්ගලික අධ්‍යාපන ආයතන, මියුසියස්, ලයිසියම් , විදුර, පසු කරගෙනයි සයිටම් එන්නේ. ලෝකේ තිබෙන එකම පුද්ගලික වෛද්‍ය විද්‍යාලය සයිටම් නොවෙයි එහෙමනම් අැයි සයිටම් එකට පමණක් විරුද්ද වෙන්නේ?
Reply : 0 79
bamunu Monday, 16 October 2017 01:23 AM
රන් මෙතන ඉන්නේ විශ්ව විද්‍යාල සිසුන් නොවෙයි දොස්තරලාගේ බිලි බෝයිස්ලා. දොස්තරලා සටන තිබෙන තාක් කල් මේගොල්ලන්ගේ අඩු පාඩුකම් විසඳනවා. අනික් රටවල වගේ මෙහෙත් උසස් අධ්‍යාපනයට මුදල් අය කලොත් ඔය උද්ගෝෂණ ඉබේම නවතී.
Reply : 0 36