





යුරෝපයට වසන්තය එළැඹෙමින් තිබුණද ආක්ටික් ධ්‍රවය දෙසින් හදිසියේ හමා එන අධික ශීතල සුළඟ හේතුවෙන් රාත්‍රියේ උෂ්ණත්වය සෘණ අගයන් දක්වා පහත වැටෙමින් තිබේ.
වසන්තයේ දී දළුලන තුරු ලතා අධික ශීතලෙන් ආරක්‍ෂාකරගැනීම සඳහා නැගෙනහිර ප්‍රංශයේ වෙස්තොෆෙන් පළාතේ රාත්‍රියේ ඉටි පහන් දල්වා ගස් රැකගැනීමට ගන්නා උත්සාහයකි.
බොහෝ පළතුරු වතු පිහිටි මෙම පළාතේ කාලගුණ අනාවැකිය වී ඇත්තේ ඉදිරි දින කිහිපයේදීම රාත්‍රීයේ උෂ්ණත්වය සෘණ අගයන් (සෙල්සියස් අංශක 0 ට අඩු) ගන්නා බවකි.
ඡායාරූප - ප්‍රංශ පුවත් සේවයෙනි
COMMENTS
ලංකාවේ නම් කියත්මග තමයි.
අපේ රටෙ ඉන්නෙ රටම කාල රට කාන්තාරයක් කරලා වතුර ටික නැතිව ගියාම වතුර බෝතල් රටින් ගෙනල්ලා ඒකෙන් කොමිස් ගහන්නෙ කොහොමද කියලා උන්ගෙ බඩවියත ගැන හිතන කාලකන්නි පාලකයො ටිකක් .
වාසනාවන්ත මිනිසුන් බිහිවෙන්නේ වාසනාවන්ත රටවලයි. ප්‍රංශය කියන්නේ ලෝකයේ තියෙන සුන්දරම රට. වාසනාවන්තම රට. නිදහස්ම රට. අපේ රටේ වගේ නොවෙයි ආගම් සම්පුර්ණයෙන්ම ආණ්ඩුවෙන් අයින් කරලා තියෙන්නේ. ප්‍රංශයේ කිසිම ආගමික පූජකයෙකුට ඇහුම් කන් දෙන්නට රජය බැඳී නැහැ. ඒ වගේම කිසිම ආගමකින් අනුශාසනා ගන්න ආණ්ඩුව යන්නෙත් නැහැ. ඒ නිසා තමයි ඒ රට මේ තරම් දියුණුවෙලා වාසනාවන්ත වුනේ. අපේ රටවල් විනාශම වුනේ ආගම්, පූජකයින් රටේ පරිපාලනයට සම්බන්ධ කරගත් නිසයි. අවුරුදු 70ක් පූජකයින් සහ දේශපාලුවන් අපේ රට කෑවා.
ලංකාවේ ගහ යට ගිනි තියලා ගහ මරලා ඊට පස්සේ කපනවා.
එක තමයි මම හැමදාම කියන්නේ , අපේ රටේ සුද්දා අපිට ආයෙත් දුන්නේ අපේ තියන පව් කරගහගනිල්ලා කියලා. සුද්දා හිටියා නම් මෙහෙම වෙන්නේ නෑ. සුද්දා නැත්නම් අද අපිට ලැබුණු දේවල්වත් නෑ.
රටේ ලොකු ලොකු තනතුරු වල ඉන්න අය මෙව්වා බලලා හැදියල්ලා... හරියට කරපල්ලා.... බැරි නම් පුටු වලින් බැහැපල්ලා.
බලන්න දියුණු රටක සහ ලංකාව වැනි නොදියුණු රටක මිනිසුන් ගස් වලට සළකන ආකාරය. "යම් රටක් තම රටේ සතුන්ට සහ ගහ කොළ වලට සළකන ආකාරයෙන් එම රට දියුණු හෝ නොදියුණු රටක් දැයි කිව හැක" කියලා මහත්මා ගාන්ධි තුමා කියලා තිබුනා. එම අදහස අදටත් මොන තරම් වලංගුද..
අපේ රටේ තියන ගස් ටිකත් කපලා දානවා. ප්‍රංශයේ තියන ගස් ටික ප රිස්සම් කරනවා. හරිත පාරාදිසය බදු ලංකාවේ අමන පාලකයින් පරිසර විනාශය දැක දැක නිහඬව සිටිනවා.
ලංකාවේ මධ්‍යම පරිසර අධිකාරියේ ලොක්කාම කියනවා ගස් කැපුවාට ඔක්සිජන් අඩුවෙන්නේ නෑ කියලා. අන්න වියතෙක් කියනකොට පිළිගනිල්ලා.. බොරුවට නටන්නේ නැතුව. අර කාන්තාර වලත් ඔක්සිජන් තියෙනවැයි කියන්නේ... එහෙනම් සිංහරාජෙත් නිකන් වතුර තියෙන්නේ අපරාදෙනේ.. වැව් දෙක තුනක් හදලා මිනිස්සුන්ට වතුර ටිකක් දෙමුකෝ.. ගස් දෙක තුනක් කැපුණාට මොකෝ අපි පැල 100 ක් විතර හිටවනවනේ.. එහෙනම්..!!!