




(උපුල් තම්මිට)
ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසකට මුල්වූ නවම් පුන් පොහොය නිමිත්තෙන් අද(26) අලුයම සිට අනුරාධපුර ඓතිහාසික ජයශ්‍රීමහා බෝධිය ඇතුලු අටමස්ථානය බැතිමතුන්ගෙන් පිරී පැවතිණි.
අටමස්ථානාධිපති පූජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නායක හිමියන්ගේ අනුශාසකත්වයෙන් අද දවස පුරා අටමස්ථාන කේන්ද්‍රකොට ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර තිබේ.
පවතින කොරෝනා වසංගත තත්වය සැළකිල්ලට ගෙන අටමස්ථානය වෙත පැමිනෙන බැතිමත්හු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් වන්දනාමාන කටයුතුවල නිරතවී සිටියහ.අද අලුයම් ශ්‍රීමහා බෝසමිදුන් වෙත පිළිගැන්වූ කිරිපිඬු පූජාවෙන් අනතුරුව පෙහෙවස් සමාදන් වීම සදහා පැමින සිටි උවැසි උවැසියන් සිල්සමාදන් කෙරින. ඔවුහු මුඛ ආවරණ පැළද පෙහෙවස් සමාදන්ව සිටියහ.
ආරක්ෂක අංශ විසින් බැතිමතුන් සෞඛ්‍යාරක්ෂික ක්‍රමවේද අනුගමනය කිරීම පිළිබදව නිරන්තරවම අවධානයෙන් සිටින අයුරු මෙහිදී දක්නට ලැබින.
2025 ඔක්තෝබර් මස 08
1698
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1420
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
512
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
නවම් පෝ දා ශ්‍රී මහා බෝධිය බැතිමතුන්ගෙන් පිරී යයි
සුනෙත් Saturday, 27 February 2021 01:42 AM
අපිත් ගියා... ජනතාවගේ පැමිණීම අති විශාලයි...