(ගයාන් අමරසේකර)
සිංහල සංගීත ක්ෂේත්‍රයට විශිෂ්ට සේවාවක් කළ ජනාධිපති සම්මාන ලාභී ප්‍රවීණ ගායිකා විශාරද නන්දා මාලිනී මහත්මියට අද(6) දර්ශනසූරී සම්මාන උපාධිය හිමිවිය.
කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයේ දී කුලපති සේවාර්ජිත මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතා අතින් ඇයට දර්ශනසූරී උපාධිය පිරිනැමිණි.
උපකුලපති මහාචාර්ය ආරියරත්න කළුආරච්චි, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සමන්චන්ද්‍ර රණසිංහ යන මහත්වරු ද එම අවස්ථාවට එක්ව සිටියහ.





COMMENTS
ඔබට මහාචාර්ය උපාධිය දුන්නත් කමක් නැහැ. ඒ තරම් ඔබ තුමිය විශිෂ්ටයි... මිනිසුන් අතර සුවිශේෂී මිනිසෙක්.. තෙරුවන් සරණයි ඔබ තුමියට...
ඔබතුමියට අපගේ උණුසුම් සුබ පැතුම්!!!!!!!!!!
සනත් නන්දසිරි මහත්මයාට වම් පැත්තේ ඉන්නේ ටෙනිසන් කුරේ මහත්මයා නේද ?
කසුන් සඳරුවන් කියන දෙයට මමත් එකඟයි. මේ තමයි සදාකාලික තරු ඔබතුමියට අපගේ උත්තමාචාරය....
88-89 කාල පරිච්ඡේදයේදී ඔබගේ ගීත අකුණු සැරයක් වුණා පවතින රජයට. එතරම් ප්‍රබල එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව සටන් කරන්නට චන්ද්‍රිකා මැතිණියට එකම පිහිට වුනේ ඔබේ ගීතයන්ය. ඔවුන් රැස්වීම අැරඹුමට පෙර ඔබගේ ගී වාදනයෙන් මිනිසුන්ට නියම මාවතක් පෙන්නුම් කරන්න උත්සාහ ගත් බව අද වනවිට ඔවුන්ට අමතකවීම ගැන ඇත්තේ දුකකි. උදාහරණ ලෙස දෙතිස් වදය දී මරන්න......
මට මතක් වුණා අමරදේව ශූරින් සමග පටන් ගත් ''ආරාධනා"' ප්‍රසංගය.
හැබැයි අර කොනේ හිටන් ඉන්න බවලතී නම් මේ දෙයට එච්චර කැමැත්තක් නෑ වගේ පේන්නේ.
ඔබ තුමියට මහාචාර්ය උපාධිය දුන්නත් කමක් නැහැ. ඒ තරම් ඔබ තුමිය විශිෂ්ටයි... මිනිසුන් අතර සුවිශේෂී කෙනෙක් .. තෙරුවන් සරණයි ඔබ තුමියට...
රටම භීෂණයෙන් වෙලීගිය කාලයේ "පවන" ප්‍රසංගයේ අභීත ගැහැණියගේ ශ්‍රේෂ්ඨ හඬ තාමත් අපේ දෙසවන් තුළ රැව් පිළිරැව් දෙනවා...."යදමින් බැඳ විලංගුලා..මගේ පුතා රැගෙන යන්න.."
ඔබතුමියට අපගේ උණුසුම් සුබපැතුම්.. !!!
ඔබ වැනි ශ්‍රේෂ්ඨ කලාකාරිණියක් යුග මෙහෙවරක යෙදීම සඳහා අපේ යුගයේ ශ්‍රී ලංකාද්වීපයේ ජන්මය ලැබීම අප ලැබූ භාග්‍යයක්. ජාතියේ මහා ගාන්ධර්ව දිවංගත පණ්ඩිත් අමරදේවයන් ඔබට ගුරු වීමත් අප මිත්‍ර මහාචාර්ය සුනිල් ආරියරත්නගේ දාර්ශනික සිතුවිලින් විධාරණය වූ කාව්‍යකරණය ඔබගේ හඬ පෞරුෂයට මුසුව පහළට ගළා බසින විට ඒ ගීත විශේෂයෙන් තරුණ පරපුරේ හදවත්වල ගැඹුරින් සනිටුහන් වුණා. ඒ තුළින් ඔබ අපට අමර දේවියක් වුණා. මගේ මතකය 1975 නැගෙනහිර බර්ලිනයේ සතියක් පුරා පැවති ලෝක තරුණ සම්මේලනය වෙත නිතැතින් දිව යන විට ඔබට දරන්න පුළුවන් මට්ටමේ චාම් කැමරාවක් මිළදී ගැනීමට ඔබ මාගේ සහය පැතු අන්දම මට අද මෙන් සිහිපත් වෙනවා. ලෝක සමාජ වාදයක් පිළිබඳ අප සියලු දෙනා එදා එක්වන්ව පැතු ලෝකය සිහිනයක් බවට පත් වන්න ගත වී ඇත්තේ දශක 2 ක පමණ කාලයක්. තවලම ඉදිරියට ඇදෙද්දී බල්ලන් බිරුවත්, තවලම යායුතු තැනට ඔබ විසින් එය ගෙනත් ඇත. ඒ සිහින යළි පණ ගැන්වෙන අලුත් ලෝකයකට පණ දෙන්න අපි නැවත ලක්දෙරණේම යළි උපදින්නට ප්‍රාර්ථනා කර ගනිමු.
පුජාච පුජනීයනන්
සුදුස්සෙක් වේ නම් යමකට එය ලැබිය යුතුය කියන කතාව කියවුනේ හුණු වටයේ කතාව නාට්‍යයේ නේද. මෙන්න සුදුස්සෙක්ට දෙයක් ලැබුනා. සමහරක් තැන්වලදී ඔබ තුමිය සමග මා එකඟ නොවුන මුත් ඔබගෙන් අපේ සිංහල සංගීතයට සිදුවුණු මෙහෙවර කියා නිමකල නොහැක. ජීවිතේ ඔබට රිදුනු තැනක් ඇත්නම් ඒ ලැබුණු දුක් මේ ලැබුණු සතුට නිසා කෙළවර වේවා කියා පතමි.
ඔබතුමියට දීර්ගායුෂ. පුලුවන්නම් මේ අලුත් ගායකයින්ට ඉගෙන ගන්න පන්තියක් දාන්න
ඔබතුමියට තෙරුවන් සරණයි ස්තුතියි...
බොහෝ ප්‍රමාදවෙලා හරි එතුමියට ලැබිය යුතු සම්මානය ලැබුනා - හරිම සතුටුයි
සැන්දෑ කළුවර නිසා පැල්පත් දසුනෙන් ඈත් වුවත් සරා සඳ ඔබ තනි කරේ නැත. හෙළ දෙරණේ කඳුල සුසුම වගේම සිනහව සොම්නසත් ඔබේම වේවා.!!!
මම අතිශයින් අගය කරනවා .. එතුමිය දුෂ්කර මාර්ගයක් ඇවිත් සිංහල සංගීතයට සිදුකර තිබෙන දායකත්වයට.
ඔබට මහාචාර්ය උපාධිය දුන්නත් කමක් නැහැ. ඒ තරම් ඔබතුමිය විශිෂ්ටයි... මිනිසුන් අතර සුවිශේෂී මිනිසෙක්.. තෙරුවන් සරණයි ඔබ තුමියට...
සනත් නන්දසිරි මැතිතුමාට වම්පසින් සිටින්නේ ශ්‍රී ජයවර්ධනපුර පාලි සහ සංස්කෘතික පීඨයේ මහාචාර්ය සමන් චන්ද්‍ර රණසිංහයි.
මගෙ උණුසුම් සුබපැතුම්
දේශාබිමානි ගීතයෙන් { මගේය මා ගයනා මේ ගී }පටන් ගත් ඔබ වරෙක පෙම් ගී {ආලය නම් }ගැයුවේය. වරෙක ජීවිතයේ තනිවූ ඔබ විරහ ගීතද {තනිවෙලා මා තනිවෙලා }ගැයුවේය.පීඩිත මිනිසුන් ගැන ගී ගැයූ ඔබ නන්නාදුන තුවක්කු කරුවන්ගේ ඉලක්කය වීද සිටියේය ඔබ ජීවිතය ජයගත් අයුරු සෙසු කාන්තාවන්ට අදර්ශයක්ය අවසන් වශයෙන් කීමට ඇත්තේ ඔබ ඇමෙරිකාවේ හෝ බටහිර යුරෝපයේ ඉපදුනානම් අද ලෝකාප්‍රසිද්ද ගිකාවක් බවය