
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාව තුළ ‘එක රටක් එක නීතියක්’ යන සංකල්පය ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා පත්කළ එක රටක්, එක නීතියක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය මහජන අදහස් විමසීම සඳහා කාන්තන්කුඩිය බද්රිය්යහ් ජුම්මා පල්ලියේදී ඊයේ (4) පැවැති විශේෂ වැඩසටහනේදී මුස්ලිම් ජනතාව එම කමිටුවේ සභාපති ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් උණුසුම් ලෙස පිළිගත්හ.
එම වැඩසටහනට එම බලකායේ ලේකම් ජීවන්ති සේනානායක මෙනවිය, එහි සාමාජිකයන් වන මහාචාර්ය ශාන්තිනන්දන විජේසිංහ, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සුමේධ වීරවර්ධන, නීතිඥ ඉරේෂ් සෙනවිරත්න, නීතිඥ සංජය මාරඹේ, එරන්ද නවරත්න, පානි වෑවල, අයියාම්පිල්ලෙයි දයානන්දරාජා සහ යෝගේෂ්වරී පත්ගුණරාජා මහත්ම මහක්මීහූ ද සහභාගි වූහ.
විවිධ පාර්ශවයන් දරන අදහස් හා මතවාදයන් සැලකිල්ලට ගනිමින් එකී සංකල්පය අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ඒ සඳහා ශ්‍රී ලංකාවට ආවේනික වූ සංකල්පමය රාමුවක් සකස් කිරීම සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කිරීම සඳහා අතිගරු ජනාධිපතිතුමන් විසින් එම බලකාය පත්කරන ලදි.












COMMENTS
මේ විකාර වැඩවලට මුළු ලෝකෙම ලංකාවට හිනාවෙනවා. අනේ මෙහෙමත් රට පාලනය කරන ගොබ්බ නායකයින්...
බොහෝ දෙනෙක් එම දේශනාව අසා පැහැදී බුදුදහම වැළඳගැනීමට කැමැත්ත පළකර තිබෙනවා...
මින්පෙර දේශපාලන වේදිකාවේ සහ සකච්ඡා සඳහා වචනයට පමණක් සීමාකර තිබූ ශ්‍රී ලංකාව තුළ ‘එක රටක් එක නීතියක්’ යන සංකල්පය ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා පත්කළ එක රටක්, එක නීතියක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය මහජන අදහස් විමසීම සඳහා කමිටුවේ සභාපති ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් දරන උත්සාහය අගය කරමු. රට පුරා ගොස් මුස්ලිම් සහ ද්‍රවිඩ ජනතාව මුණගැසී සුහදත්වය පලකිරීමට සහ දෙපාර්ශවයේ දැනුවත් වීම අත්‍යාවශ්‍ය වේ..
පේනවනේ කියවන්න වෙලා තියෙන සමහර මෝඩ කමෙන්ට්ස්. මොනාකලත් හොඳක් නැති සමාජයක්
මුන්ටත් ලැජ්ජා නැත .උන්ටත් ලැජ්ජා නැත
මෙයද ඉක්මනින් ආපසු හැරෙනු ඇත; නීති ඉදිරිපත් කිරීමට ව්‍යවස්ථාදායකයක් සහ ඇමතිවරයෙක් ඇත.
නීති සම්පාදනය කිරීමට ව්‍යවස්ථාදායකයක් සහ විශේෂිත ඇමතිවරයෙක් සිටී!
මේ ආණ්ඩුව පටන් ගත්දා ඉඳලාම කළේ විහිලු වැඩ... මේකත් ඒ වගේම තව විහිළුවක්...
අපේ හාමුදුරුවනේ, මතකයි නේද අපිට පොඩිකාලේම කියාදුන් කාරිය කෙරෙනතුරු කාගේත් රැවටිල්ල...? කියන කවියක අන්තිම පදය... මටත් මතක ඒ කවිපදය විතරයි. ඒ නිසා ඔවුන්ගේ කාරිය කෙරෙන්න ඉඩ තියන්න එපා. ආදම්ගේ එක පුතෙක් කායින්, අනික් පුතා අබේල්ව මරලා. කුරානය කියන්නේ අල්ලා විශ්වාස නොකර මිනිස්සු මරපල්ලා. ඉතින් සැමට මෛත්‍රි කරන්න කියා උගන්වන බෞද්ධයින් තමයි පළමුව මැරුම් කන්නේ... එම නිසා අපේ හාමුදුරුවනේ රැවටෙන්න එපා...
මේ හාමුදුරුවන්ට භාර දීපු වැඩේ හරියටම කරන්න තමා උන්වහන්සේ උත්සහ ගන්නේ
මම බොහොම සතුටට පත්වුනා
කිසිම ප්‍රතිපත්තියක් නැති මිනිස්සුන්ගෙන් ප්‍රවේසම් විය යුතුයි
හොඳ දෙයක්.