(ඩයනා උදයංගනී)
දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි චීන රාජ්‍ය මන්ත්‍රී හා ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග්හ මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතර නිල හමුව ජනාධිපති කාර්යාලයේ දී අද (28) පෙරවරුවේ සිදු විය.
ජනාධිපති කාර්යාලය වෙත පැමිණි චීන ආරක්ෂක අමාත්‍යවරයා ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර සහ විදේශ ලේකම් අද්මිරාල් (විශ්‍රාමික) මහාචාර්ය ජයනාත් කොළඹගේ මහත්වරුන් විසින් පිළිගනු ලැබිණි.
ජනාධිපතිතුමා සහ තමා අතර පැවති ද්විපාර්ශ්වික සාකච්ඡා බෙහෙවින් ඵලදායී විනැයි චීන ආරක්ෂක අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
එසේම දෙරට අතර පවතින සබඳතා මෙම සංචාරයෙන් තවත් ශක්තිමත් විනැයි එතුමා සඳහන් කළේය.
චීන ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග්හ මහතා, මෙම හමුව සනිටුහන් කරමින් විශේෂ ආරාධිතයන් සඳහා වූ සමරු පොතෙහි අත්සන් ද තැබීය.
ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී සෙන්හොන්, චීන මහජන හමුදාවේ ඒකාබද්ධ මාණ්ඩලික දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ප්‍රධානී හා ජාත්‍යන්තර කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් ලුතිතන් ජෙනරාල් ෂාඕ යැන්ග්මින්, මේජර් ජනරාල්සි ග්ව්ඕවෙයි සහ ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්වරු ද්වි පාර්ශ්වික සාකච්ඡාවට එක්ව සිටියහ.

















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාටත් බය නැති කාටත් යටවෙන්නේ නැති කොන්ද පණ තියෙන ඍජු නායකයෙක් නේද මේ දෙයියනේ? අද චීනාට යට වුණාට..!
ප්‍රශ්න වැලක ඇරඹීම... හෙවත් නන්දසේනගේ අවසානය ගැනද නැතිනම් චීනාගේ ආක්‍රමණය ගැනද මේ 2වැනි ඡායාරූපයේ සිටින චීනාගේ ආරක්ෂක නිලධාරියා සිනාසෙමින්, පැත්තකට ඇලවෙමින් අභිනයෙන් පවසන්නේ...? මොහු සිනාසෙන්නේ අපටද නැතිනම් අප ගැනද..? එහෙමත් නැතිනම් අපට සිදුවන්න යන, අප නොදන්නා නමුත් චීන්නුන් දන්නා අපගේ ඉරණම ගැනද...? මේ ඡායාරූපයෙන් පවසන ඇත්ත අපේ රටේ නිදහස පිළිබඳ කතාවේ අවසාන පරිච්ඡේදයද.?.
එදා රජීව් ගාන්ධිට නෙළුවා වගේ මේ හොර චිනාට නෙලන්න, නැතිනම් කොකා ගස්සන්න පුළුවන් කොන්ද පන තියෙන එකෙක් නැතිද? තව දවස් 2 ක් තියෙනවා.
ශ්‍රී ලංකා ඉතිහාසයේ කිහිප වතාවකදීම නිවට නොන්ජල් කොන්ද පණනැති හොර නායකයින් නිසා අපට අපේ නිදහස අහිමි විය. ඒ හැම වතාවකදීම රටේ මිනිසුන් එක්වී ආක්‍රමණිකයා සහ පාවාදෙන්නා විනාශ කළෝය.
තුන් හෙළේ කැලෑ තුළ සිංහ පැටව් නැත උන් රට අතැර ගොසින් කොටු කර යදැලින් ඇති සිංහ පැටව් විළි වැද යති දැක හෙළයන් සරු දෙරණ මකා තණ කබල කකා සිංහයෝ සිඟති එතෙරින් සිහ රදුනට දාවූ සිංහ පැටව් තුටු වෙද අනුනගෙ ඉඳුලින්
එදත් රට පාවා දුන්නේ සිංහල නම පොරවාගත් ඉන්දියන් කාරයින් ශ්‍රීමහා බෝධිය සමඟ ආ කල්ලතෝනින් පසු කලක නිලමේවරුන් වුයේ උන් රටට කිසි ආදරයක් එදා දෑක්වුයෙත් නෑ මෙදත් එහෙමයි සිංහල නම විතරයි ජාතකේ වෙනස්
ප්‍රධාන කාර්යාලයේ කළමනාකරුවන් සාමාන්‍යයෙන් ඔවුන්ගේ ශාඛාව වෙත සංචාරයට නිරන්තයෙන් යයි.
අර පහුගිය කාලෙ හිටපු මහා දේශප්‍රේමින්,සිංහලේ තියෙන හිමිවරුන් ආගිය අතක් නෑ. මාර වැඩේ ලංකාවට වුණේ
මේ තරම් සාරවත් දෙරණක් තියාගෙන ඉන් කිසිම ප්‍රයෝජනයක් ගන්නේ නැතිව පිටරටින් හිඟා කකා, ණය වෙවී, පිට රට දේ හිස් මුදුනින් පිළිගන්න ගමන්, හෙලයින් තමන් සිංහයින් යැයි ආඩම්බර වෙනවා. ඇත්තටම සිංහ රජුන්ට දාව උපන් සිංහයින්ට පුළුවන්ද අනුන්ගේ ඉඳුල් කකා සතුටු වෙන්න? (උපුටා ගැනීමකි.) බටහිර රටවල මෙන් කලු කොඩියක් උස්සා තමන්ගේ විරෝධය පාන්න පුලුවන් මිනිසුන් නැති "හිස් දේශයක්" දුටු විට හිතට දැනෙන හැඟීම් ඔබටත් දැනෙනවද?.
අපේ විදියට ආයුබෝවන් කියන්නේ නැතිව චීන විදියට කියන්න යනවා දෙකට තුනට නැමීගෙන තත්වය තියාගෙන ඉන්න බැරි හැටි කොහොම හිටපු ජාතිකයක්ද අද චීනයට ගැතිකම් කරන්නේ?
මෙවැනි විදේශීය නියෝජිතයින් ලංකාවට පැමිණෙන විට, ඔවුන් කුමන හේතුවක් සඳහා රටට පැමිණියේද යන්න ජනතාව දැනුවත් කිරීම රජයේ වගකීම සහ යුතුකමයි. රජය, රටේ මිනිසුන් විසින් පත් කරගත් දෙයක් බැවින්, අවසානයේ රජය විදේශිකයින්ට නොව, රටේ මිනිසුන්ට වගකිව යුතුයි. මෙවැනි දේ ජනතාවගෙන් වසන් කිරීමෙන් සිදුවන්නේ රජයේ ක්‍රියාකලාපය පිළිබඳව රටේ මිනිසුන්ගේ සැකය වැඩිවීම පමණි.
කෝ යකෝ විමලය........උදය.........ගලබොඩ අත්තේ....අක්මීමණ.......ඉත්තෑකන්දේ........? ආ .......මේ ඉන්නෙ ඇදයට හැංගිල...........
කොරෝනාව ඉස්සරහට දාල පෝට් සිටි එක චීනාට දුන්න වත් ද ? චීන ණය දෙන්නේ උන් හොදටම දන්නවා මුන්ට කොච්චර ණය දුන්නත් ඒවා වියදම් කරන්නේ පුහු වැඩවලට හා තවත් විදේශ ණය ගෙවන්න වගේම කොමිස් ගහ ගන්න මිසක් ආර්ථකය ශක්තිමත් කරන්න නොවන වග ඔවුන් හොදින් දන්නවා. ඒ වගේම ඔය ණය ගෙවන්න බෑ කියලත් ඔවුන් දන්නවා. අන්තිමට ණය වලට හිලව් විදියට රටේ ආර්ථික වශයෙන් වැදගත් ඉඩම් සහ වරායවල් වැනි ස්ථාන චීනයට පවරා දීමට මෙරට පාලකයන් කටයුතු කරන බවත් ඔවුන් හොදින් දන්නවා
චීනය සහ ශ්‍රී ලංකාව අතර ඇති මිත්‍රත්වය මිං රාජවංශය පවතින කාලය දක්වා ඈත ඉතිහාසයට දිවයයි. එතැන් සිට පාහියන් භික්ෂූන් වහන්සේගේ පාද යාත්‍රාවේ සිට සේද මාවත මාවත ඔස්සේ එක් මාවතක් හා එක් තීරයක් දක්වා පැමිණෙන මිත්‍රත්වයේ ප්‍රතිඵල සැබෑ ලෙස අත්විදීමට නම් අප චීනය සමඟ අත්වැල් බැදගෙන විවෘතව ඉදිරියටම යායුතුවේ. ඔවුන් අත්පත්කරගෙන ඇති කාර්මික,තාක්ෂණික හා අර්ථවත් කෘෂිකර්මික ප්‍රගතිය, විදේශ අභිමුඛ නිෂ්පාදන කර්මාන්ත කළාප, නාගරික හා ඈත ග්‍රාමීය පෙදෙස් ඒකාබද්ධකරණ ක්‍රමවේද අප ආදර්ශයට ගත යුතුවේ. (ශ්‍රී ලංකාවට චීන ජනතාව දක්වන සැබෑ ආදරය දැකගත හැක්කේ එහි සංවාරය කළ, ජීවත්වූ හා ඉගැනුම හෝ ලැබූ පුද්ගලයින් හට පමණි) - එම්.එම්. පාලිත මහින්ද මුණසිංහ
චීන ආරක්ෂක ඇමැති අපේ ලොක්කාව අන්දයි හොඳටම
චීනෙන් දුන්න අපේ සර්කස් සිංහයා බලන්න ඇවිත්