
(බිමල් ශ්‍යාමන්- ජයසිංහ)
හොරයින් මත්කුඩු පාර්සල් දෙකක් රැගෙන මත්ද්‍රව්‍ය ජාවාරම්කරු මෝටර් රථයෙන් පලා යද්දී පොලිස් සැරයන්වරයකු මෝටර් රථයේ බොනට්ටුව මත එල්ලී ඔහු අල්ලා උත්සාහ කිරීමේදී සැරයන්වරයා ද රැගෙන මෝටර් රථය කිලෝ මීටරයක් පමණ දුරක් රැගෙන ගොස් මෝටර් රථය වෙට්ටුවක් දමා සැරයන්වරයා බිමට වැටීමට සලස්වා මත්ද්‍රව්‍ය ජාවාරම්කරු පළා යාමේ සිද්ධියක් නුගේගොඩ ප්‍රදේශයෙන් වාර්තා වෙයි.
පොලිස් අත්අඩංගුවේ සිටි මත්ද්‍රව්‍ය ලබාදීමට පැමිණි තීරෝද රථ රියැදුරු ද එම කලබලය ඔස්සේ පලා ගොස් ඇතැයි එම නිලධාරියා කීය
මෙම අවස්ථාවේදී වැටලීමට ගිය කණ්ඩායමේ සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු සතුව ගිනි අවියක් තිබී ඇතත් ඔහු එම ගිනි අවිය පරිහරණය කර නැතැයි පොලිස් උසස් නිලධාරියෙක් පැවැසීය.
නුගේගොඩ කොට්ඨාස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා යටතේ තිබෙන කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරින්ට ලද තොරතුරක් අනුව වැටලීමට ගිය අවස්ථාවේදී රාජගිරිය ඔබේසේකරපුර හන්දියේ දී මෙම සිදුවීම සිදුවී ඇතැයි පොලිසිය කියයි
මෝටර් රථයෙන් බිමට වැටීමෙන් පොලිස් සැරයන්වරයාගේ හිසට සහ පාද වලට බරපතළ තුවාල සිදු වී ඇති අතර ඔහු නාරාහේන්පිට පොලිස් රෝහල වෙත ඇතුළත් වී ඇත
සැරයන්වරයාගේ හිසට මැහුම් ද දමා ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි
වැටලීමට ගිය පොලිස් කණ්ඩායම එම ස්ථාන ළඟා වන අවස්ථාවේදී ත්‍රීරෝද රථ රියදුරු මත්කුඩු පාර්සල් දෙකක් මෝටර් රථයේ රියැදුරු වෙත ලබාදෙමින් සිට ඇතැයි පොලිසිය කියයි
පොලිස් නිලධාරීන් එසැනින් ක්‍රියාත්මක වී ත්‍රීරෝද රථ රියදුරු අත්අඩංගුවට ගෙන මෝටර් රථයේ පැමිණි පුද්ගලයා ද අත්අඩංගුවට ගැනීම සඳහා මෝටර් රථය වට කිරීමත් සමඟම ඔහු මෝටර් රථයේ දොරවල් අගුළු ලාගෙන තිබු බව පොලිසිය කියයි
එසැනින් මෝටර් රථය පණගන්වා ගත් මෝටර් රථයේ සිටි පුද්ගලයා එය ඉදිරියට ධාවනය කිරීමට සූදානම් වීමත් සමගම වැටලීමට ගිය සැරයන්වරයකු මෝටර් රථයේ බොනට්ටුව මත පැන ධාවනය වීම වැළැක්වීමට උත්සාහ කළත් නොනවත්වා කිලෝමීටරයක් පමණ මෝටර් රථය ධාවනය කර වරින්වර මෝටර් රථයේ තිරිංග තද කරන ගමන් වෙට්ටු දමා සැරයන්වරයා බිමට වැටීමට සලස්වා ඇතැයි පොලිසිය කියයි
එහිදී මහත් ආයාසයෙන් මෝටර් රථයේ ඉදිරිපස වෙරෙන් අල්ලා ගැනීමට උත්සහ දැරුවද වේගයෙන් මෝටර් රථය ධාවනය වීම හේතුවෙන් එය අල්ලා ගැනීමට නොහැකිව අනතුරුව පැති කණ්නාඩි කන්නාඩියක් අල්ලා ගෙන ඇතැයිද එම අවස්ථාවේදී නැවතත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරු එකවරම තිරිංග තද කිරීමත් සමගම සැරයන්වරයා බිමට වැටී ඇති අතර ජාවාරම්කරු ඊයක වේගයෙන් මෝටර් රථය පදවා පලාගොස් තිබූ බවත් පොලිස් නිලධාරියා පැවසීය
මෙම සිදුවීම අවට තිබෙන සිසිටිවි කැමරා කිහිපයකම සටහන්ව ඇතැයි ද ඊට අමතරව චිත්‍රපටියක් යයි සිතූ ජනයා තුෂ්නිම්භූතව බලා සිට ඇතැයි උසස් පොලිස් නිලධාරියා කීය
මේ පිළිබඳ වැටලීමට ගිය ජ්‍යෙෂ්ඨ නිලධාරියාගේ විමසීමේදී මේක සුළු සිදුවීමක් එච්චර දෙයක් නැහැ යැයි පැවසීය
COMMENTS
පොඩ්ඩෝ ඔහොම මහන්සි උනාට ලොක්කෝ මහන්සි වෙන්නේ නෑ ,ඒකනේ ගිනි අවියක් තිබිලත් අඩුම ගානේ රෝදෙකටවත් වෙඩි තියලා නැත්තේ .පොලිස් ලොක්කෝ සහ කුඩු මුදලාලිලා අතර තියෙන සම්බන්ධතා දන්නෝ දනිති
හරියට ජෝක් එකක් වගේ, පොලිසිය මේ තරම් දක්ෂද ?
අපරාදෙ අවංක නිලධාරි දිවි පරදුවට තබා අල්ලන කුඩුවලට මොකද වෙන්නෙ? මහ පරිමාන කුඩ්ඩෙකුට දඞුවම් කල බවක් අහල තියනවද? නිකං මාධ්‍ය සංදර්ශන විතරයි. අපි ඊළග කොටස එනකං බලා ඉන්නවා. එච්චරයි.
රාජකාරියට ඔහු තුළ වූ කැපවීමට ජාතියම ප්‍රණාමය පුදකළ යුතුයි.
පේන හැටියට ගිය උසස් නිලධාරීන් මේ පොලිස් නිලධාරියාව කුඩුකාරයාට පාවා දීලා වගේ... කුඩු කාරයාව නොඇල්ලීමට කලින්ම තීරණය කරලයි තියෙන්නේ. මේ නිලධාරියා ඒක දැනගෙන ඉඳලා නෑ වගේ...
උසස් පොලිස් නිළධාරියෙකු අත ගිනි අවියක් තිබී ඇත. මේක සුළු සිදුවීමක් යැයි උසස් නිළධාරියා පවසා ඇත. සැරයන් වරයා සමග උසස් නිළධාරියා අමනාපයෙන්වත් සිටියාද සැකයක්ද නැතහොත් කුඩු ජාවාරම්කරු බේරා ගැනීමේ අවශ්‍යතාවක් තිබුනේද ලෙස සැකයන් ඇතිවේ යම් ලෙසකින් සැරයන් වරයා මිය ගියේ නම් අසරණ වෙන්නේ කවුද අඩුම තරමින් කාරයේ ටයරයකටවත් වෙඩි තියන්න හැකියාවක් නොතිබුනේද පැහැදිලි නැහැ.
සුළු දෙයක් වේවි අන්තිමට අර බොනට් එකේ ගිය සැරයන් වරයා වාහනයට අහුවෙලා ජිවිත හානි උනානම්. දැනටමත් තුවාලයි නේද? ඔය වැඩේ තිබුනේ STF අයට බාර දෙන්න.
මේ පිළිබඳ වැටලීමට ගිය ජ්‍යෙෂ්ඨ නිලධාරියාගෙන් කළ විමසීමේදී මේක සුළු සිදුවීමක්... එච්චර දෙයක් නැහැ.. යැයි පැවසීය.. අනිවාර්යයෙන් දේශපාලකයෙක් ඇති ගෑවිලා...
මේ එඩිතර පොලිස් නිලධාරියා අගැයීමට ලක්කොට තනතුර ඉහළ දැමිය යුතුයි.එසේම, රාජකාරියේදී,අලස බවක් පෙන්වූ නිලධාරියා සම්බන්ධව පරීක්ෂණ සිදු කළ යුතුය.
මෙවැනි වීර පොලිස් නිලධාරීන් අපට සම්පතක්. පොලිස් නිල දරුවන්ගේ රාජකාරියට අභියෝග කළ ඒ වාහනය පදවපු කෙනා ළඟ හංගපු ආයුධ හුඟක් ඇති.
උසස් නිලධාරියා අත්අඩංගුවට ගත යුතුය. මේවා ඔහුගේ ව්‍යාපාරයක් බව පෙනෙනවා.
ලංකාවේ ඔහොම තමයි... අයි ඩෝන්ට් නෝ වයි..? පුළුවන් තරම් නූගතුන්, බාර් කරුවන් පාලන කේන්ද්‍රයට යොමු කළ මෝඩ ජනතාවනි...
සරත් වීරසේකර ඇමතිතුමාට මේ දවස්වල ඕවා ගැන හොයන්න වෙලා නෑ.. ආපහු පාරක් කොටි නැගිටිනවෝ නාට්‍යයේ පිටපත ලියන්නයි, බෝම්බ හංගන්නයි තියෙනවා..
මේ වැටලීමට ගිය පොලිස් ලොක්කා ගැන සැකයක් ඇතිවෙනවා. ඔහුට මොවුන් සමග යම් සම්බන්ධයක් තියෙන්න පුළුවන්. මේක කොහොමද සුළු සිදුවීමක් වෙන්නේ? ඒ වගේම ඔහු ගිනි අවිය පාවිච්චි නොකළේ මන්ද?
ඒක සුළු සිදුවීමක් කියා විග්‍රහ කරන උසස් යයි කියන පොලිස් නිලධාරියා ැක සහිතයි.. ඔවුන් ට ගිනි අවි දෙන්නේ මීවගේ වෙලාවට ප්‍රයෝජනයට ගන්න සහ වාහනය ලුහු බැඳපු සාජන් වරගේ ජීවිතය ගැනවත් උනන්දු නොවූ නිසා...සැකය තවදුරටත් වැඩි වෙනවා..
මතුපිටින් පෙනෙන දේට වඩා යමක් යටින් සිදුවන බව ඉතා පැහැදිලියි. කවුරු බලයට ආවත් එච්චරයි. රටේ අනාගත පරපුරේ අවාසනාව...
තම ජීවිතය ගැන නොතකා තම රාජකාරිය අකුරටම ඉටුකරන්න ගිය ඔබතුමාට ඉක්මන් සුවය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි...
මේ වගේ ජේ්‍යෂ්ඨ නිලධාරින් නිසා තමයි පොලිස් සේවයේ නිරතවන ශේෂ්ඨ නිලධාරීන් විනාශයට පත් වෙන්නේ... අනිවාර්යයෙන්ම මෙම නිලධාරියත් මත්ද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධ ඇති... ගිනි අවියකුත් අතේ තිබ්බා නම් ඇයි අවම බලයක්වත් මේ ජාවාරම්කාරයාට එරෙහිව තමන්ගේ සගයාව බේරගන්න භාවිතා කළේ නැත්තේ... මොවුන් මුළු පොලිස් දෙපාර්තමේන්තුවට විතරක් නෙමේ මුළු රටටම ලැජ්ජාවක්... තම ජීවිතයත් පරදුවට තබලා කළ වීර ක්‍රියා වෙනුවෙන් අර විරෝදාර මහත්මයාට තෙරුවන් සරණින්ඉක්මන් සුව අපි ප්‍රාර්ථනා කරමු...!
ඉතාමත් සැකසහිතයි........උසස් පොලිස් නිලධාරියා මේකට සම්බන්දයි.... මේ වැටලීමට ගිය පොලිස් ලොක්කා ගැන සැකයක් ඇතිවෙනවා. ඔහුට මොවුන් සමග යම් සම්බන්ධයක් තියෙන්න පුළුවන්. මේක කොහොමද සුළු සිදුවීමක් වෙන්නේ? ඒ වගේම ඔහු ගිනි අවිය පාවිච්චි නොකළේ මන්ද?
උසස් යයි කියාගත් පොලිස් නිළදාරියට කැටපෝලයක් දිය යුතුයැයි යෝජනා කරමි
පොලිස් ලොක්කන් තමයි ඔක්කෝම කරන්නේ...!
අපි හිතුවේ ගාමිණියි, විජේයි කියලා..
ඇයි මේ බොනට් එකේ යන්නේ? ඇතුලේ ඉඩ තිබුණේ නැද්ද?
මෙව්වා අපේ පාලනයේ වැරැදි... තාම අපේ රටේ මිනිස්සු දන්නේ නැහැ ‘‘නවතිනු‘‘ කිව්වාම නවතින්න.