
(විමුක්ති එස්.රුද්‍රිගු)
පාකිස්තානයේ සියල්කොට්හි දී අන්තවාදීන් පිරිසකගේ පහරකෑමට ලක්ව ඝාතනය වූ ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ සිරුර අද අලුයම 3.00 පමණ පවුලේ ඥාතින්ගේ විලාප මැද ඔහුගේ නිවෙසට රැගෙන ආවේය.
නොසිතූ මොහොතක ආදරනීය බිරිය සහ දරුවන් හැර ගිය ප්‍රියන්තගේ දේහය නිවෙසට රැගෙන එන විට මුළු පරිසරයම ශෝකයෙන් ඇලලී ගියේය.
පාකිස්තානයේ සියල්කොට්හි රාජ්කෝ ඉන්ඩස්ට්රීස් නමැති කර්මාන්ත ශාලාවේ සාමාන්‍යධිකාරීවරයකු ලෙස සේවය කළ ප්‍රියන්ත කුමාර දියවඩන මහතා ඉකුත් සිකුරාදා ඝාතනයට ලක් විය.
සහාසිකයන් ඝාතනය කර ප්‍රියන්තගේ සිරුරට ඔවුන් ගිනි තැබීම නිසා සිරුරේ කොටස් පමණක් සීල් තබන ලද දෙනක තැන්පත් කර නිවෙසට රැගෙන ආවේය.
පාකිස්තානයේ ලාහෝර් සිට ඊයේ සවස 5.10ට පමණ මෙරටට රැගෙන ආ ප්‍රියන්ත කුමාරගේ සිරුර මීගමු රෝහලේ දී මීගමුව අධිකරණ විශේෂඥ වෛද්‍ය ඉලංගරත්න සහ කුරුණෑගල අධිකරණ වෛද්‍ය අජිත් ජයසිංහ යන මහත්වරු පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තම අඹුදරුවන්ගේ සුබසිද්ධිය වෙනුවෙන් මෙන්ම ලංකා මාතාවගේ දූ දරුවන්ගේ කුසගිනි නිවීමට විදේශ විනිමය උපයා ගැනුමට ගොස් අකාලේ මියගිය ඔබතුමාට නිවන්සුව අත්වේවා...!!!
හිතක්, පපුවක් නැති තිරිසන් මිනිස්සු කරපු අපරාධයක තරම... අපිට හරිම කණගාටුයි... අපරාධකාරයින්ට ස්වභාවධර්මයෙන් හෝ දඬුවම් ලැබේවා.. ඔබට නිවන් සුව...!!!
ලොව සනාතන දහම සැබෑකරමින් ඔබතුමා මෙලොව හැර ගොසින්.ඔබතුමා ලොවට ඉතිරිකර ඇති දේ බොහොමයි.මිනිසුන්ට ඒ පිළිබදව කල්පනා කිරීමට ඥානයක් පහලවේවා!
හරිම දුකයි. මෙවන් විපත් යලිකිසිදා නොමවේවා!
ඉතාම කණගාටුදායක සිද්ධියක්. ඔබට නිවන් සුව ප්‍රාර්ථනා කරමි...
සහෝදර ඉංජිනේරුවරයෙකුගේ බිහිසුණු අකල් මරණය හදවතට ඉමහත් කම්පාවක් හා ශෝකයක් දනවනවා. ආගමේ නාමයෙන් ඉස්මතු වන, නොදැමුණු මෘග ජන කොට්ඨාශ වල කෘරත්වය විදහා දක්වන මෙවැනි සිදුවීම්, කිසිදා යළි සිදුනොවේවා!. සොයුර, ඔබට අජරාමර නිවන් සුව පතමි...
විදේශ සේවා නිය්ක්ති කාර්යාංශය මැදිහත් වී මෙතුමාගේ පවුලේ උදවියට අඩුම තරමේ සුදුසු වන්දියක් (ඔහු දැනට ලබමින් සිටි වැටුප වගේ 60 ගුණයක් )අඩුම වශයෙන් ලබාදෙන්න කටයුතු කරන්න .එහෙම නොකෙරෙනවා නම් අපි ගන්න රක්ෂණයෙන් ඇති පලයක් නැහැ.වන්දියකින් මේ පවුලට වුනු හානිය මනින්න බහ.ඒ උනත් අඩුම තරමේ එයවත් කර දෙන්න
එතුමාට අජරාමර නිවන්සුව අත්වේවා. මෙවන් අකල් මරණයක් මතු කිසි ආත්මයක ඇති නොවේවා. මේ සිදුවීම පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තාකර ඇත්තේ ඉතාම අල්ප වශයෙනි. මේවගේ සිදුවීමක් ලංකාවේදී මුස්ලිම් ආගමිකයෙකු හට සිදුවුවානම් අද ලෝකය පුරා සිදුවිය හැකි උද්ගෝෂණ, විරෝධතා සහ කලකාරී හැසිරීම් කෙතරම් විය හැකිද කියා අපට සිතාගන්නට පුළුවන්. එය කොතරම් කනගාටුදායක තත්වයක්ද ?
ඒ දවස්වල සවුදි අරාබියේ ගහල මරලා දාපු කාන්තාවන් ගැන මේ තරම් උනන්දුවක් තිබුණේ නෑ නේද