IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


කෝටි 20ක රන් බිස්කට් සමග සේවිකාවක් සහ මගියෙක් දැලේ

(ටී.කේ.ජී.කපිල)

රුපියල් විසි කෝටි පනස් ලක්ෂයක් වටිනා රන්  බිස්කට් තොගයක් කටුනායක ගුවන් තොටුපළෙන් පිට කිරීමට තැත් කළ ගුවන් මගියකු සහ ගුවන් තොටුපළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ සේවිකාවක රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීහු පිරිසක් අද උදෑසන අත් අඩංගුවට ගත්හ.

රන් කිලෝ 09 යි ග්රැම් 500 ක් එහි තිබී ඇත.

ඔහු නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි ගුවන් මගියෙකි .  ඩුබායි සිට එමිරේට්ස් ගුවන්  යානයකින් සැකකරු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.

සැකකරු  ගමන් මලු තුළත් , මෙම ගුවන් තොටුපළ සේවිකාව තම අත් බෑගයේත් ග්රැම් 116.6 ක බරකින් යුතු රන් බිස්කට් 80 ක් සගවා ගෙන කටුනායක ගුවන් තොටුපළෙන් පිටතට යෑමට උත්සාහ කිරීමේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .



අදහස් (5)

කෝටි 20ක රන් බිස්කට් සමග සේවිකාවක් සහ මගියෙක් දැලේ

රන් බිස්කට් නීතිය! Wednesday, 17 August 2022 02:34 PM

දඬුවම ලිහිල් වුණාම බය නැතිව ආයිත් කරනවාමයි! ඔය මනුස්සයා ඕක ඔයිට කලිනුත් කරන්න ඇති.. ඒක තමයි ආයි ගෙනාවේ... හැබැයි ඒවා රාජසන්තක කලා කියලා සඳහන් වෙලා නැත... අනික රත්තරන් හිරේ දාන්න බැරි නිසා නිදහස් කරයි...!

:       2       19

විපරමා Wednesday, 17 August 2022 04:50 PM

ඔය විදියට කොච්චර අල්ලන්න ඇද්ද? මොනවා වෙනවද කවුද දන්නේ? රත්තරන් හොරා ගැණත් රාවයක් තිබුණා..!

:       2       18

chandima Thursday, 18 August 2022 01:20 AM

කට්ටිය මෙහෙ විරිත්තගෙන පින්තූරවලට ඉන්න අතරේ, තව කී දෙනෙක් රත්තරන් අරන් පැනලා යන්න ඇත්ද?

:       0       0

Jayasekara Friday, 19 August 2022 09:15 AM

මෙහෙ එළියේ ඕනැතරම් ‘‘රන් බිස්කට්‘‘ තියෙනවා. ගණන් වැඩි නිසා ගන්න නැහැ...

:       0       2

චන්දිම ෆොන්සේකාFriday, 19 August 2022 03:32 PM

අනේ ඔව් අනේ, මම අදත් සුපර් මාකට් එකකට ගිහින් රාක්ක පීරපීර බැලුවා බැලුවා පරණ ගානට විස්කෝතු තියෙනවාද කියලා.... මේ පොඩි ළමයෙකුට අරන් දෙන්න. මොන, ඔක්කොම රත්තරන් බිස්කට් වගේ තමයි. ගිනි ගණන්... කනවා තියා හිතන්නවත් බැහැ...

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 291 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 413 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 391 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site