
කොළඹ, කොම්පඤ්ඤවීදියේ පිහිටි ඇල්ටෙයාර් බහුමහල් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියේ පළමු අදියර අද (12) විවෘත කෙරිණි.
නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා තා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, මුදල් හා ප්‍රාග්ධන වෙළඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් සහ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ යන මහත්වරු මෙම අවස්ථාවට එක් වූහ.
මෙම ඇල්ටෙයාර් ගොඩනැගිල්ලෙහි උස මීටර් 230 ක් වන අතර මෙය මහල් 68 කි.
ඒ අනුව වර්ග 4 කින් සමන්විත අති සුඛෝපභෝගී නිවාස 407 කින් ඇල්ටෙයාර් ගොඩනැගිල්ල සමන්විතය
මෙහි පිහිටි වාණිජ ප්‍රදේශය වර්ග අඩි 30,000 කි. සියලු නිවාස නවීන පහසුකම්වලින් සමන්විතය.
ඉතා උසස් තත්ත්වයේ අමුද්‍රව්‍ය භාවිතා කර ඉදිකර ඇති මෙම නිවාස වර්ග අඩි 1400 සිට වර්ග අඩි 5000 ක් දක්වා ප්‍ර මාණයක පවතී
ජයමාල් චන්ද්‍රසිරි







ඡායාරුප ශාන්ත රත්නායක



COMMENTS
හරිම ලස්සනයි... අපට ගන්න බැරි වුණත්...
සිංහ ධජයේ උතුම් පණිවිඩය ඇල්ටෙයාර්...
නම ලංකාවට ගැලපෙන්නේ නැහැ වගේ.. අරාබි නමක් වගේනේ.
රටේ මිනිසුන්ගෙන් 1% කටවත් දැරිය නොහැකි වියදමක් ඇති මෙවැනි ව්‍යපෘතිවලින් විදහා දැක්වෙන්නේ.., රටේ ධනය බෙදීයාමේ බලවත් අසමතුලිතතාවයයි...
මෙව්වාට පින් සිද්දවෙන්න දැන් කොළඹ ඉන්න අපිට හුස්ම ගන්න ඔක්සිජන් නිපදවන්නත් වෙලා. ඒකට කවුද වගකියන්නේ..?
සෞභාග්‍යයේ දැක්ම අති විශිෂ්ඨයි.. ජය වේවා...!!!