IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


ඇමැති රුවන් ජනමාධ්‍ය අමාත්‍යංශයේ වැඩ අරඹයි

(නිමල කොඩිතුවක්කු)
 
ජනමාධ්‍ය සහ මාධ්‍යවේදීන් සමඟ සමීපව කටයුතු කරමින් මාධ්‍ය වෘත්තියක් ලෙස නගා සිටුවීමට තමන් උපරිමයෙන්ම කැපවෙන බව ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැඩ ආරම්භ කරමින් අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා කොළඹදී පැවැසීය.

ජනමාධ්‍ය සහ මාධ්‍යයේ ගැටලු නිරාකරණය කරමින් 2015 සිට දිනාගත් මාධ්‍ය නිදහස තවදුරටත් ආරක්ෂා කරගැනීම තම අරමුණ බවද අමාත්‍යවරයා එහිදී පැවැසීය.

ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී අද (25) යෙදුණු සුබ මොහොතින් මහා සංඝරත්නයේ සෙත්පිරිත් සජ්ඡායනා මැද අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා සිය ධුරයේ වැඩ බාරගනු ලැබීය. 

එහිදී සර්ව ආගමික නායකයන් අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාට ආශීර්වාද සිදුකළ අතර වැඩ බාරගැනීමෙන් පසුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා මෙසේ ද කීය.

‘‘ජනමාධ්‍ය  අමාත්‍යංශයේ වැඩආරම්භ කිරීම සම්බන්ධයෙන් මම ගොඩක් සතුටට පත්වෙනවා. ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ලෙස වැඩ කරගෙන යන ගමන් මා ගැන විශ්වාසය පළ කරමින්  ජනමාධ්‍ය අමාත්‍යාංශය මට බාරදීම ගැන මම ජනාධිපතිවරයාටත් අගමැතිවරයාටත් මගේ ස්තූතිය පුද කරනවා.

විශාල වගකීමක් තියෙන අමාත්‍යංශයක් තමයි මේ අමාත්‍යාංශය. ඒ නිසා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන්න මට මේ ලැබුණු අවස්ථාව ප‍්‍රයෝජනයට ගෙන වැඩකටයුතු  රාශියක් කරන්න මම බලාපොරොත්තු වෙනවා. 

2015 වසරේ අපේ ජයග‍්‍රහනයත් සමග අපි මේ රටට මාධ්‍ය නිදහස ලබාදුන්නා. ඒ නිදහස ආරක්ෂා කරගනිමින්  රටේ ජනමාධ්‍ය නගා සිටුවීමට 2015 සිට අපි දිනාගත්ත  මාධ්‍ය නිදහස තවදුරටත්  ආරක්ෂා කරගෙන ඉදිරියට යන්නත්  මම කටයුතු කරනවා.
ඒ වගේම  මාධ්‍යවේදීනුත්  ආර්ථික ගැටලු ඇතුළු විවිධ ගැටලුවලට මුහුණ දෙනවා. එවැනි ගැටලු පිළිබඳ සාකච්ඡා කරලා  මාධ්‍යවේදීන්ටත්  වෘත්තීයක් ලෙස ඉහළට යාමට අවශ්‍ය  සහන ලබා දෙන්නත් මගේ  බලාපොරොත්තුවක් තියෙනවා.


මේ දිනවල රාජ්‍ය මාධ්‍ය ආයතනවල යම් යම් ගැටලු තියෙනවා.  මතුව ඇති ගැටලුත් සාකච්ඡා මාර්ගයෙන්  නිරාකරණය කරගෙන  එම ආයතන යථා තත්වයට පත්කරන්නත්  මම බලාපොරොත්තු වෙනවා.

ජේ. ආර් ජයවර්ධන , රණසිංහ පේ‍්‍රමදාස මහත්වරුන්ගේ කාලයේ දී  රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය හොද මට්ටමක පැවතුණා. එම ආයතන යළි එම මට්ටමට ගෙන ඒම අපේ අරමුණයි.

මේ ලැබුණු අභියෝගයට මුහුණ දීලා මාධ්‍යයට උපරිම සේවයක් කිරීම මගේ බලාපොරොත්තුවයි. ඒ සඳහා සහෝදර මැති ඇමැතිවරුන්ගේත් සහාය අපේක්ෂා කරනවා.

කවුරුත් දන්නවා මාධ්‍යය  අපේ ඇගේ තියෙනවා. මගේ සියා ඩී. ආර්  විජයවර්ධන මේ රටේ මාධ්‍යයටත් රටේ නිදහසටත්  විශාල සේවයක් සහ කැපකිරීමක් කළා.  

එක පැත්තකින් මාධ්‍ය තියෙනවා. අනික් පැත්තෙන්  මවගේ පාර්ශවයෙන් දේශපාලනය තියෙනවා. ඒ නිසා ජනමාධ්‍ය ඇමතිවරයා ලෙස පත්වීම සුදුසු ලකුණක් ලෙසයි මම දකින්නේ’’ යැයිද අමාත්‍යවරයා එහිදි පැවැසීය.

අමාත්‍යවරුන් වන රවි කරුනානායක, පී. හැරිසන්, අජිත් පී පෙරේරා යන මහත්වරුන් සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන ආංශු මාරසිංහ, කාවින්ද ජයවර්ධන යන මහත්වරුන් සහ කොළඹ පුරපති රෝසි සේනානායක මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
 
 


(ඡායාරූප : ඉෂාන් සංජීව)

(ඡායාරූප - ඩික්සන් වසන්ත) 



අදහස් (0)

ඇමැති රුවන් ජනමාධ්‍ය අමාත්‍යංශයේ වැඩ අරඹයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 297 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 415 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 393 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site