
(ධම්මික ගුණවර්ධන)
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහි අධ්‍යායන කටයුතු ඇරඹීමට පියවරගත් බව පේරාදෙණිය විශ්ව විද්‍යාලීය මාධ්‍ය ප්‍රකාශක එහි නියෝජ්‍ය උප කුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා "ලංකාදීපයට" පැවසීය.
මේ අතර ඒ නිමිතිකොට එහි අධ්‍යායන හා අනධ්‍යයන සේවක මඩුල්ල සඳහා උදෑසන තේ පැන් සංග්‍රහයක් පවත්වමින් විශ්ව විද්‍යාල උප කුලපති මහාචාර්ය එම් ඩී ලමාවංශ මහතා,පසුගිය අමිහිරි මතකයන් අමතකකර ඉඳිරි අධ්‍යායන හා පර්යේෂණ තුළින් පේරාදෙණිය විශ්ව විද්‍යාලය ලොව ඉහළ තලයේ විශ්ව විද්‍යාලයක් බවට පත්කිරීමේ කාර්යට දායකවන ලෙසට ඉල්ලීමක්ද කළේය.

COMMENTS
උගත් තීරනයක්.
අහවලාගෙ මුස්පේන්තු මූනත්තහඩුවෙ හිනා රැලිත් තියෙනවා එහෙනං. අනේ හොඳයි.
ඕනෑම ආයතනයක සාමාන්‍යයෙන් නව වසරින් පස්සේ වැඩට එන මුල්ම දවසේ මෙහෙම දෙයක් කරනවා. ඇයි මේ පේරාදෙණිය කැම්පස් එකේ මේක කරන එක විතරක්?
"ලැබුවා වූ අළුත් අවුරුද්දේත් අපි සහයෝගයෙන් හොරා කමු" වගේ කට්ටියගේම හිනාව. අපි දැක්කා කෝප් එකේදී ඒ හපන්කම් එළියට ආපු හැටි. ජපුර ආදර්ශයට ගන්න...
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අනාගතය සේම, කරුණාකර රටේ අනාගත පරපුර ගැන සිතා A/L ප්‍රශ්ණ පත්‍ර බැලීමට පියවර ගන්න. විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ද වෛද්‍යවරුන් මෙන් පෞද්ගලික ආයතනවල අමතර රැකියා කරන බැවින් බද්ද ගැන වැඩිදුර නොසිතන්න...
කාලකන්නි පාලකයින්ට මිලියන ගණනක් වියදම් කර බොරැ නිදහස් උළෙල සමරන්න පුළුවන්. විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ට සාධාරණ මුදලක් ගෙවා උත්තර පත්‍ර බලාගන්න බෑ. ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතුයි ඔබලාට ඔබලාගේ නම්‍යශීලී තාවය වෙනුවෙන්
ඒක ඇත්තටම හොඳ බුද්ධිමත් තීරණයක් .ළමයින්ගේ අනාගතය වෙනුවෙන් ගත් ඒ තීරණයට ආචාර්ය මණ්ඩලයට මාගේ ආචාර්ය .සුභ පැතුම්
හොඳ ප්‍රවෘතියක්. කරුණාකරල උත්තර පත්‍ර පරීක්ෂාව ආරම්භ කරන්න. උපි සියල්ලෝම රාජ්‍ය සේවකයො. පිටරට විශ්ව විද්‍යාල වලට අපිට සල්ලි දෙන්න බෑ.
උසස්පෙළ දරුවන්ගේ අනාගතය පිලිබඳ විශාල කැක්කුමකින් ආචාර්ය වරුන්ට තඩිබානවා. විභාගය ඉවර වෙන තෙක්ම විදුලිය අඛණ්ඩව නොසැපයූ ජනපති සහ අමතිට මොනවාද කියන්නේ? විභාගය ඉවර වුනා විතරයි විදුලිබිල වැඩිකලා. දුන්න විදුලිය