(කාංචන කුමාර ආරියදාස)
වකුගඩු රෝගය බහුලව පවතින අනුරාධපුර දිස්ත්‍රික්කයේ දරුවන්ට වතුර පෙරණයක් ලබාදීමට ගිය විටක දී හබරණ පලුගස්වැව සේනාදිරියාගම හා කුඹුක්වැව ප්‍රාථමික විදුහල් දෙකේ තූර්ය වාදක කණ්ඩායම් දෙකක් අපට හමු විය.
එම සිසු දරුවන් පාසලට පැමිණි පිරිස කැඳවාගෙන ගියේ තූර්යවාදක කණ්ඩායම පෙරටු කරගෙනය. වාදන භාණ්ඩ වෙනුවට මේ දරුවන් යොදාගෙන ඇත්තේ හිස් බූලි ,හිස් ටින් ,උණබට , පොල් කටු, කොම්බුව වෙනුවට ප්ලාස්ටික් බට මෙයට එකතු කර ගෙන තිබිණි.




COMMENTS
ලොකු පාසල්වල ගුටි කෙළිවලට කොච්චර මුදල් වියදම් වෙනවද. ටැබ් දෙන්න ඉස්සරවෙලා මේ වගේ පාසල් දියුණු කරන්න වැඩ පිළිවෙලක් හදන්න. තව කොතෙක් නම් මෙවන් දුෂ්කර පාසල් තියනවද
ජයවේවා රටක් වටිනා දිරියමත් දරුකැලක්.
මේ අයට මොනවටද තූර්යවාදන භාණ්ඩ. ඔය භාණ්ඩ කොළොඹ පළාතට විතරක් තිබුනහම ඇති.
නෙතට වේදනා ගෙනෙන දසුනක්...පව් අහිංසක දුප්පත් ළමයින්ගේ අනාගතේ..අදාල බලදාරින්ගේ අවදානය යොමු වේවා...
අර 2500 මාසයක් කන්න පුළුවන් කියපු කෙනාට ලැබුණු පියානෝ එක එක අම්මණ්ඩිලාට දන් දීල තිබුන නේද ?ඒවා රාජසන්තක කර මේ ළමයින්ට දෙන්න .
හරිම කනගාටුදායක තත්වයක් ආණ්ඩුව කරවන කට්ටිය ලජ්ජාවෙන්න ඕනේ කෝ මේ රටේ පාසල් ඇමති
මේ පාසැල් වලට තූර්‍යවාදන භාණ්ඩ ලබාගැනීමට අපට යම් දුරකට ආධාර කල හැකියි. ලංකාදීප, කරුණාකර අපව සපයා ඇති විද්යුත් තැපැල් ලිපිනය හරහා අමතන්න.
ලංකාවේ තිබෙන අසමානාත්වය පිළිබද කදිම නිදසුනක් . මහා ලොකුවට කතා කරන්නේ නිදහස් අධ්‍යාපනය ගැන. සුපිරි පාසල්වල තිබෙන පහසුකම් වලින් අබ ඇටයක තරම් දෙයක් මේ දරැවන්ට තිබෙනවද? සමාජ අසාධාරණය පටන් ගන්නේ පාසැලෙන්නම් , දියුණු සමාජයක් ගොඩ නගන්නේ කොහොමද? දිරිය දරැවනේ... නුඔලාට තිස්තුන්කෝටියක් දෙවි පිහිට සහ ආරක්ෂාව!!!
මොකටද ඕවා. අපි දෙනවා ලැප්ටොප්.
මෙය දුටු මගේ දෑසට කඳුළු ආවා. පළාතේ මන්ත්‍රී තුමන්ලාට ලැබෙන දීමනා වලින් කීය, කීය හරි දාලා, තව පළාතේ පින් කැමති දානපතියන් කීප දෙනෙකුත් එකතු උනානම් මේ දරුවන්ට අවශ්‍ය සංගීත භාණ්ඩ ලබා දෙන්ට පුළුවන් වේවි.
මේ ළමයින් වෙනුවෙන් ඩ්‍රම් එකක් අරගෙන දෙන්න අපිට පුළුවන් මේ මුදල සපයන ආයතනයකට ගෙවා ලදුපත් ලංකාදීපයට එවමි