(අජන්ත කුමාර අගලකඩ)
රජයේ සංස්ථා සහ මණ්ඩල කිහිපයක සභාපතිවරුන්ගේ හා අධ්‍යක්ෂ මණ්ඩලවල වෙනසක් ඉදිරි සති කිහිපයේදී සිදුවනු ඇතැයි රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි.
ඇතැම් ආයතනවල සභාපතිවරුන්ගේ පමණක් වෙනසක් සිදුකිරීමට නියමිත අතර, ඇතැම් ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩලයම අලුතින්ම පත් කෙරෙනු ඇතැයි ද එම ආරංචිමාර්ගවලින් පැවසේ.
රජයේ සංස්ථා හා මණ්ඩලවල පුළුල් වෙනසක් ඇති කිරීමේ අපේක්ෂාවෙන්, ඒවායේ ප්‍රධානින් මෙසේ මාරු කෙරෙනු ඇතැයිද එම ආරංචිමාර්ගවලින් පැවසේ.
මිල්කෝ සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ලසන්ත වික්‍රමසිංහ මහතා පසුගියදා ඉවත් කර, ඒ වෙනුවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා මහතා පත් කරනු ලැබීය. මේ අතර, ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ තෙශාර ජයසිංහ මහතා ඉන් ඉවත් කර ජනාධිපතිවරයා විසින් ඔහු එදිනම නැවතත් පත් කරනු ලැබීය.
මාර්ග සංවර්ධන අධිකාරිය සහ මග නැගුම ආයතනයේ සභාපතිවරුන්ට සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ට ද ඉල්ලා අස්වන ලෙස මහාමාර්ග ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඉකුත්දා දැනුම් දී තිබිණි.
මේ අතර, අමාත්‍යංශ ලේකම්වරුන් කිහිපදෙනෙකුගේ තනතුරුවල ද වෙනස්කම් සිදුවීමට නියමිතව ඇතැයි රජයේ ආරංචිමාර්ග කියයි.
තෙවැනි ලෝක යුද්ධයක් හටගනීවි යැයි බියක් ඇති කරමින්, ඊශ්‍රායලය පෙරේදා (19දා) අලුයම ඉරානයේ නගරයකට මිසයිල සහ ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල කළේය. ඊශ්‍රායලය මෙ
මේ වෙනවිට අර්බුදයකට ලක්ව ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය අල්ලා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව සිටින පිරිසක් සහ ආණ්ඩුවට සම්බන්ධ වී සිටින ශ්
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තොරතුරු හෙළි කළැයි කියන පුද්ගලයා හඳුනා ගැනීම සඳහා රහස් පොලීසිය
වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ජාත්‍යන්තර පෞද්ගලික ණය හිමියන්ගේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ තීරණාත්මක සාකච්ඡාවක් එම ණය හිමියන් නියෝජනය කරන කමිට
මහ මැතිවරණයට පෙර ජනාධිපතිවරණය පැවැත්වීමට ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ අවධානය යොමුවී ඇතැයි වාර්තාවේ. සාකච්ඡා වට ගණනාවකදීම ඉහළම ප්‍රමුඛත්වය ලැබී ඇත්තේ ජනාධ
රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සියයට 70 ක් දක්වා ප්‍රමාණයන්ගෙන් තම තමන්ගේ වැටුප් වැඩි කර ගෙන ඇතැයි කියන ක
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
සංස්ථා මණ්ඩල ලොකු පුටු හොල්ලයි