IMG-LOGO

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා


සේවකයන් ලක්ෂ දෙකක් මහ පාරට වැටෙන අවදානමක්

විදුලි බිල වැඩි වී ආයතන කඩා වැටේ

 

සුජිත් හේවාජුලිගේ 

විදුලි බිල ඉහළ යෑමත් සමග බොහෝ ආයතන පවත්වාගෙන යෑමට නොහැකිවීම නිසා සේවක සේවිකාවන් ලක්ෂ දෙකකට ආසන්න පිරිසක් මහපාරට වැටීමේ අවදානමක් මතුව ඇතැයි සේවක වෘත්තීය සමිති නායකයෝ පෙන්වා දෙති.

විදුලි බිල ඉහළ යෑමත් සමග අසීමිත පාඩුවක් ලැබීම නිසා ආයතන රැසක් වැසීයාමේ තර්ජනයකට මුහුණදී සිටින බවද ඔවුහු සඳහන් කරති. 

කොවිඩ් පැතිරීමත් සමග ඇතිවූ ආර්ථික අර්බුදය හේතුවෙන්ද සේවකයෝ සහ විවිධ වෘත්තිකයෝ ලක්ෂ 5කට වැඩි පිරිසක් මහ පාරට වැටුණහ. 
විශේෂයෙන්ම සංචාරක ක්ෂේත්‍රයෙහි හෝටල්, අවන්හල් සහ විලා නිකේතන වැසීයාමේ තර්ජනයට මුහුණ දී ඇති ප්‍රධාන ස්ථාන බව ශ්‍රී ලංකා හෝටල් හිමියන්ගේ සංගමයේ උපසභාපති ප්‍රියන්ත තිලකරත්න මහතා පැවසීය. 


ආර්ථික අර්බුදය හේතුවෙන් රට පුරා තරු පහේ හෝටල්, විලා, ගෙස්ට් හවුස් ඇතුළු සංචාරක නිකේතන දස දහසකට වැඩි සංඛ්‍යාවක් දැනටමත් වැසී ගොස් ඇතැයි ද ඔහු සඳහන් කළේය. 


හෝටල් පවත්වාගෙන යෑම සඳහා විදුලි බිලට සහනයක් ලබා දෙන්නැයි ශ්‍රී ලංකා හෝටල් හිමියන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කර ඇත. රජය සූර්ය පැනල (සෝලා) වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නේ නම් ඒ සඳහා හෝටල් වහල සැපයීමට සූදානම් බවද එම සංගම් නියෝජිතයෝ පවසති. 


ආර්ථික ගැටලු හේතුවෙන් ඇතැම් ආයතන සිය සේවකයන් ඉවත් කිරීමට සහ අඩු කිරීමට විවිධ වැඩසටහන් දැනටමත් හඳුන්වාදී ඇත. 


මේ අතර ජීවන වියදම වැඩිවීම හේතුවෙන් ශ්‍රමිකයන් විශාල ප්‍රමාණයක් විදේශ රැකියා සඳහා යොමුවීමේ ප්‍රවණතාවක් ඇති වී තිබෙන බවත් 2020 වසරේ පමණක් ශ්‍රමිකයන් 53,711 දෙනකු විදෙස් රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බවත් කම්කරු දෙපාර්තමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. 


විදේශගත වූ ශ්‍රමිකයන් සංඛ්‍යාව පසුගිය 2021 වසරේදී එක්ලක්ෂ විසිඑක් දහස් හත්සිය අනූ පහක් දක්වා වැඩි වී ඇත.



අදහස් (0)

සේවකයන් ලක්ෂ දෙකක් මහ පාරට වැටෙන අවදානමක්

ඔබේ අදහස් එවන්න

ජයාරූප

තුන්වෙනි ලෝක යුද්ධයට සුදානම්
2024 අප්‍රේල් මස 22 16 0

තෙවැනි ලෝක යුද්ධයක් හටගනීවි යැයි බියක් ඇති කරමින්, ඊශ්‍රායලය පෙරේදා (19දා) අලු‍යම ඉරානයේ නගරයකට මිසයිල සහ ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල කළේය. ඊශ්‍රායලය මෙ


ආණ්ඩුවේ පිරිසක් ’’අත’’ අල්ලන මෙහෙයුමක
2024 අප්‍රේල් මස 08 43 0

මේ වෙනවිට අර්බුදයකට ලක්ව ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය අල්ලා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව සිටින පිරිසක් සහ ආණ්ඩුවට සම්බන්ධ වී සිටින ශ්


මෛත්‍රීගේ ඔත්තුකරු සොයති
2024 අප්‍රේල් මස 01 174 0

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තොරතුරු හෙළි කළැයි කියන පුද්ගලයා හඳුනා ගැනීම සඳහා රහස් පොලීසිය


ඩොලර් බිලියන 12 ක ණය ගැන මේ සතියේ සාකච්චා
2024 මාර්තු මස 28 169 0

වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ජාත්‍යන්තර පෞද්ගලික ණය හිමියන්ගේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ තීරණාත්මක සාකච්ඡාවක් එම ණය හිමියන් නියෝජනය කරන කමිට


ඡන්දය ගැන ආණ්ඩුවේ මත ගැටුම්
2024 මාර්තු මස 16 100 0

මහ මැතිවරණයට පෙර ජනාධිපතිවරණය පැවැත්වීමට ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ අවධානය යොමුවී ඇතැයි වාර්තාවේ. සාකච්ඡා වට ගණනාවකදීම ඉහළම ප්‍රමුඛත්වය ලැබී ඇත්තේ ජනාධ


මහබැංකු ලොක්කන් මැතිසබේට ගෙන්වයි
2024 පෙබරවාරි මස 24 106 0

රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සියයට 70 ක් දක්වා ප්‍රමාණයන්ගෙන් තම තමන්ගේ වැටුප් වැඩි කර ගෙන ඇතැයි කියන ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 361 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1758 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1589 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site