(අජන්ත කුමාර අගලකඩ)
ජාතික නිදහස් පෙරමුණේ නායක කර්මාන්ත ඇමැති විමල් වීරවංශ මහතාගේ ක්‍රියා කලාපයට එරෙහිව ආණ්ඩුව තුළ දැඩි සටනක් ගෙන යාමට ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් තීරණය කර ඇත.
වීරවංශ මහතා ආණ්ඩුවේ සිටිමින් ආණ්ඩුව තව දුරටත් විවේචනය කරන්නේ නම් ඔහුගේ ප්‍රකාශ සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ විවේචනය කිරීමට ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් තීරණය කර ඇතැයි රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි.
මෙම මන්ත්‍රීවරුන් පිරිස විමල් වීරවංශ මහතාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාත් අගමැති මහින්ද රාජපක්ෂ මහතාත් ගිය සතියෙ හමුවී දැනුවත් කර ඇති බව ද එම ආරංචිමාර්ග කියයි.
කොළඹ වරාය බටහිර ජැටිය සම්බන්ධයෙන් සහ පාස්කු ඉරිදා කොමිෂන් වාර්තාව සම්බන්ධයෙන් වීරවංශ ඇමැතිවරයා කළ ප්‍රකාශවලින් ආණ්ඩුවට බරපතළ හානියක් සිදුව ඇතැයි ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාටත් අගමැතිවරයාටත් පැමිණිලි කර ඇත.
ආණ්ඩුවේ සමහරුන් මුස්ලිම් අන්තවාදීන් සමග ඉදිරියේ දී දීග කන්නට සූදානම් වන බවට වීරවංශ මහතා කොළඹ දී ගිය සතියෙ පැවැති සම්මන්ත්‍රණයක දී කළ ප්‍රකාශයක් ඇතුළත් වීඩියෝ පටයක් ද මෙම මන්ත්‍රීවරුන් විසින් අගමැතිවරයාට පෙන්වනු ලැබ ඇති බව ද වාර්තාවේ.
ඔහුගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් ආණ්ඩුව පියවරක් නොගන්නේ නම් ඔහු ප්‍රසිද්ධියේ විවේචනය කිරීමට පසුපෙළ මන්ත්‍රීවරුන් සූදානමින් සිටින බව ද ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරයෙක් සඳහන් කළේය.
තෙවැනි ලෝක යුද්ධයක් හටගනීවි යැයි බියක් ඇති කරමින්, ඊශ්‍රායලය පෙරේදා (19දා) අලුයම ඉරානයේ නගරයකට මිසයිල සහ ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල කළේය. ඊශ්‍රායලය මෙ
මේ වෙනවිට අර්බුදයකට ලක්ව ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය අල්ලා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව සිටින පිරිසක් සහ ආණ්ඩුවට සම්බන්ධ වී සිටින ශ්
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තොරතුරු හෙළි කළැයි කියන පුද්ගලයා හඳුනා ගැනීම සඳහා රහස් පොලීසිය
වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ජාත්‍යන්තර පෞද්ගලික ණය හිමියන්ගේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ තීරණාත්මක සාකච්ඡාවක් එම ණය හිමියන් නියෝජනය කරන කමිට
මහ මැතිවරණයට පෙර ජනාධිපතිවරණය පැවැත්වීමට ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ අවධානය යොමුවී ඇතැයි වාර්තාවේ. සාකච්ඡා වට ගණනාවකදීම ඉහළම ප්‍රමුඛත්වය ලැබී ඇත්තේ ජනාධ
රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සියයට 70 ක් දක්වා ප්‍රමාණයන්ගෙන් තම තමන්ගේ වැටුප් වැඩි කර ගෙන ඇතැයි කියන ක
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
විමල්ට එරෙහිව ආණ්ඩුවේ පසුපෙළ නැගිටියි